• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාට්ටියක්ද? මාධ්‍ය සංදර්ශනයක්ද? මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස්? Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
නාට්ටියක්ද? මාධ්‍ය සංදර්ශනයක්ද? මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස්? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ ගාලුමුවදොර පිටිය කලින් කලට විවිධ කරුණු නිසා කතාබහට ලක්වේ. වර්තමානයේ කිසිවකුත් නොදන්නවා වුණාට අතීතයේ දී ගාලු නම් මුවදොර යනුවෙන් දැන් හඳුන්වන ස්ථානය කොළඹ නගරයට අයත් ස්ථානයක් නොවේ. එය අයත් වූයේ සල්පිටි කෝරළේ කොල්ලුපිටිය නම් ගමටය. කොල්ලුපිටියත් ගමක් යැයි කියා ලියන මට පිස්සුදැයි හිතා හිනැහෙන අයට දැනගන්නට කියන්නේ කොල්ලුපිටිය පමණක් නොව බම්බලපිටිය, වැල්ලවත්ත, කිරිල්ලපන, තිඹිරිගස්යාය, නාරාහේන්පිට ආදී ප්‍රදේශද අතීතයේ සල්පිටි කෝරළයට අයත් ගම් බවය. එකල කොළඹ නගරය හා සල්පිටි කෝරළය වෙන්කළේ අද ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉන්දියන් සාගරයට ගලාබසින සිහින් දිය පාරෙනි. ඒ දිය පාරෙන් උතුරු කොටස කොළඹ නැව්තොට වූ අතර ඒ භූමිය තුළ කොළඹ පෘතුගීසි බළකොටුව ස්ථාපිත කළ පසුව එය කොටුව නම් විය. මේ ටික ලිව්වේ කොළඹ නගරයේ දිග පළල විස්තර කරන්නට නොව ගාලුමුවදොර ගැන කියන්නටය. කොළඹ කොටුව සිට ගොඩබිමෙන් ගාලු යන අයට මුලින්ම මුණගැසුණු ගම කොල්ලුපිටිය විය. එනිසාම එය ගාල්ලේ මුවදොර සේ සැලකුණා විය යුතුය. බි්‍රතාන්‍ය යුගයේ ගාලුමුවදොර ප්‍රසිද්ධ පිට්ටනිය සැකසුණු පසුව එය ගාලුමුවදොර පිටිය විය. (Sri Lanka Latest News)

ගාලුමුවදොර ඉතා වැදගත් දේශපාලන සිදුවීම්
මේ ගාලුමුවදොර ඉතා වැදගත් දේශපාලන සිදුවීම්වලට ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් මියයාමට හේතුව වුණේ ගාලුමුවදොර පිටියේදී අසු පිටින් බිමට වැටීමය. 53 හර්තාලය ආරම්භ කිරීමට මුල්වූ පළමු රැලිය පැවැත්වූයේ ද ගාලුමුවදොර පිටියේය. පළමුවැනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දිවුරුම් දුන්නේ ද ගාලුමුවදොර පිටියේදීය. සිවුවැනි විධායක ජනාධිපතිනිය හොරු අල්ලා ප්‍රසිද්ධියේ එල්ලනවා යැයි පැවසුවේත් ගාලුමුවදොර පිටියේය. හොරු අල්ලා එල්ලීම කෙසේ වෙතත් එදා කරළියට ගෙනා හොරු ඇල්ලීම තවමත් දේශපාලන බල තරගයේ ප්‍රධාන මාතෘකාවකි. සෑම වසරකම වාගේ නිදහස් උත්සවය පවත්වන්නට ඇති හොඳම තැනත් ගාලුමුවදොරය. ඒ, ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළිය ගාලුමුවදොර මහා මාර්ගයේ අභිමානවත්ව සරඹ දක්වද්දී ඊට සමගාමීව ගුවන් යානා බළඇණි ගුවනිනුත් නාවික යාත්‍රා මුහුදෙනුත් ජාතියට උත්තමාචාරය දක්වමින් පෙළපාළියට එක්කළ හැකි එකම ස්‍ථානය එය වීම නිසාය. ගාලුමුවදොර තිබුණු යුද හමුදා මූලස්ථානය සහිත ඉඩම හෝටල් කොම්පැනියකට විකිණීමත් කලක් ලොකු මාතෘකාවක් විය. දැන් ඇත්තේ ඒ ගැන කතා නොව එතැන ඇති සුපිරි හෝටල් ගැනය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනතාවට උද්ඝෝෂණ කරන්න තැනක් වෙන්කර දුන්නේ ගාලුමුවදොරින්‍ය. අවසානයේ ‘ගෝඨා ගෝ හෝම්’ කියා උද්ඝෝෂකයන් පැලපදියම් වුණේත් පදිංචි වුණේත් එතැනය. ඒ වැඩේ නැගලා යනකොට කපුටෙක් මරා තට්ටක් එල්ලා කපුටන් එළවන්නට කියා පිසාචයන් පිරිසක් ඇවිත් ප්‍රහාර එල්ල කළේද ගාලුමුවදොරටය. ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය දී බේරේ වැවේ ස්නානය කරවා රට පුරා ගෙවල් ගිනි තියන්නත් හේතු වුණේ ගාලුමුවදොර අරගලයය. අන්තිමේදී උද්ඝෝෂණයට ගාලුමුවදොරින් ඉඩක් වෙන්කර දුන් ගෝඨාභයට රටේවත් ඉන්නට බැරි වුණේ ඒ බිමේ කෙරුණු පළමු වැනි උද්ඝෝෂණය නිසාමය. ඔය ආදී වශයෙන් දේශපාලනයේදී ගාලුමුවදොර අතිශය තීරණාත්මක භූමියක් බව පැහැදිලිය.

ගාලුමුවදොර වාහන ප්‍රදර්ශනය
මේසා වැදගත් ගාලුමුවදොර මේ දවස්වල තවත් එක් දේශපාලන නාඩගමක් රඟදක්වමින් ඇත්තේය. ඒ, ආණ්ඩුවේ වාහන ප්‍රදර්ශනයයි. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගාලුමුවදොර වාහන ප්‍රදර්ශනය පිළිබඳ වාර්තා කරන්නට පටන් ගත්තේ පසුගිය රජය කාලයේ විවිධ පුද්ගලයන්ට ලබාදුන්‍ රජයට අයත් වාහන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වූ සැණින් ඒ පුද්ගලයන් විසින් ගෙනැවිත් ගාලුමුවදොර පිටියේ අතහැර දමා ගොස් ඇති බවක් සඳහන් කරමිනි. එහෙත් ඒ වාහන මනාව පෙළගස්වා ගාල්කර තිබූ අන්දමින්ම ඒවා හදිසියේ අතන මෙතන දමා ගිය ඒවා නොවන බව සිහි මොළේ ඇති ඕනෑම එකෙකුට තේරුම් යායුතුය. මේ අතර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවකි.

ඒ හැම වාහනයකටම ලිපිගොනුවක් තිබෙන බවත් ඒවා කවුරු විසින් භාවිත කළේද? කුමන රාජකාරි සඳහා යොදවා ගත්තේද? යන්න එම ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකළහොත් දැකබලා ගතහැකි බවද ඔහු කියයි. වත්මන් ජනාධිපතිවරයා පත්වූ පසු එම වාහන භාවිත කළ අදාළ නිලධාරීන් නීත්‍යනුකූලව සහ කළ යුතුම දෙයක් සේ සලකා භාරදී ඇති බවද හිටපු ජනාධිපති ලේකම් අවධාරණය කරයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් නොමැති ඒවා රජයට අයත් පරිශ්‍රයන් තුළ නවතා තැබීමට කටයුතු කළ බවකි. එමෙන්ම ඇතැම් මාධ්‍ය මගින් පැවසෙන අන්දමට කිසිදු වාහනයක් අතුරුදන්වීමක් සිදුවී නොමැති බවද ඔහු කියයි. ‘මමත් වත්මන් ජනාධිපතිතුමා දිවුරුම් දීමේ අවස්ථාවට නිල රාජකාරිය ලෙස එක්වී මම එතෙක් භාවිත කළ නිල රථයද භාරදී පිටව ගියා’ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වන ඔහු එසේ කියයි.

සාමාන්‍ය ක්‍රියාවලිය
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකුගේ නිල කාලය නිමවීමත් සමග ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිල කාලය ද අවසන් වේ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහායකයා දක්වා සේවය කළ අයට විශ්‍රාම යාමට හෝ ඔවුන් රාජ්‍ය සේවයෙන් අනුයුක්ත කරනු ලැබූ අය නම් රාජ්‍ය සේවයට ආපසු අනුයුක්ත වීමට හැකි වේ. මෙහිදී ජනාධිපති ලේකම්වරයාගේ සේවය අවසන් වන්නේ නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමෙන් පසුවය. ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිවරයාගේ විවිධ ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, ජනාධිපති උපදේශකවරුන්, සම්බන්ධීකරණ නිලධාරීන්, කළමනාකරණ සහකාරවරුන්, කාර්යාල හා කාර්ය සහායකවරුන් ආදී විශාල පිරිසක් සේවයේ යෙදී සිටිති. මේ කාර්ය මණ්ඩලයේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා නැති අතර, ජනාධිපතිවරයාගේ අභිමතය අනුව නිලධාරීන් බඳවා ගැනීමට හැකියාව ඇත. මෙසේ බඳවා ගන්නා නිලධාරීන් අතුරෙන් මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් ජ්‍යෙෂ්ඨ තනතුරු දරන නිලධාරීන් සඳහා නිල වාහන පහසුකම් සැපයිය යුතු වේ. ඒ සඳහා ජනාධිපති කාර්යාලය යටතේ රජයේ වියදමින් වාහන ඇණියක් පවත්වාගෙන යනු ලැබේ. එක් එක් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අනුව මේ වාහන ඇණියද කලින් කලට වෙනස් වේ. මට මතක හැටියට 2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්වූ අවස්ථාවේ ජනාධිපති කාර්යාලයේ වාහන ඇණියේ තිබුණු වාහන විශාල සංඛ්‍යාවක් අතිරික්ත වාහන සේ සලකා රජයේ වෙනත් කාර්යාල වෙත නිදහස් කරන ලදී. සෑම ජනාධිපතිවරයකුගේම නිල කාලය අවසානයේ දී සිය තනතුර අහෝසි වන බැවින් නිල වාහන පහසුකම් සපයා තිබූ ජනපති කාර්ය මණ්ඩල නිලධාරීන් එම වාහන ආපසු ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදිය යුතු වේ. 2015 වර්ෂයේ එසේ ජනාධිපති කාර්යාලයට භාරදී තිබුණු වාහන ආරක්ෂිතව ගාල් කර තිබීමට සුදුසු පරිශ්‍රයන් නොමැති වීම නිසා පුද්ගලික රථ ගාල්වලට විශාල මුදලක් ගෙවා ගාල් කිරීමේ පහසුකම් ලබාගැනීමට සිදුව තිබිණි. මේ සඳහා විශාල වියදමක් දැරීමට සිදුව ඇති බව නිරීක්ෂණය කළ එවක ජනපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ දිසානායක එකල කොළඹ දිසාපතිවරයාව සිටි මා සමග සාකච්ඡා කර වාහන පහක් පමණ ආරක්ෂිතව ගාල්කර තැබීමට දිසාපති නිල නිවාස භූමිය යොදාගන්නා ලදී. එදා එලෙස පුද්ගලික රථ ගාල්වලට ගෙවූ විශාල මුදලක් රජයට ඉතිරි කර දීමට ඔහුට හැකිවීම ගැන මේ මෑතදීත් අපි සිහිපත් කළෙමු.

ෆවුසිට දුන් දඬුවම මතක් වෙලා…
මෙවර සිදුව ඇත්තේ අභිනව ජනධිපතිවරයෙක් පත්වූ අවස්‍ථාවලදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවක් වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරීන් තමන් වෙත නිකුත් කර තිබුණු නිල වාහන යළි ජනාධිපති කාර්යාලය වෙත ආපසු භාරදීමයි. මෙසේ දින කීපයක් තුළ සියලුම නිලධාරීන් වරින් වර වාහන ආපසු භාරදීම නිසා ජනාධිපති කාර්යාල වාහන අංගණය ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. ඒ නිසා වාහන භාරගන්නා නිලධාරීන් අසල ඇති හිස් භූමිය වන ගාලුමුවදොර සමීපයේ ඒ වාහන නිසි පරිදි ගාල් කිරීමට විධිවිධාන යොදනු ලබයි. නව ජනාධිපතිවරයා විසින් සිය කාර්ය මණ්ඩලයට පත්කරන අය සඳහා මෙසේ භාරදෙන වාහන අනුයුක්ත කිරීම ඊළඟට සිදුවේ. පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිටි අවධියේ ඔහු විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් ලෙස පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ජනාධිපති කාර්යාලයෙන් වාහන නිදහස් කර ඇත. එම වාහන ද දැන් ඒ තනතුරු අහෝසි වීම මත ආපසු භාරදී ඇති බව ආරංචිය. මේ අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වාහන ආපසු භාරදීමට හේතුව වන්නට ඇත්තේ දැන් මාස කීපයකට පෙර රජයේ අමාත්‍යාංශයකට අයත් වාහනය අවභාවිත කළේ යැයි යහපාලන රජය පැවැති සමයේ හිටපු අමාත්‍යවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසිට එරෙහිව පවරනු ලැබූ නඩුවට ලබාදුන් අත්හිටුවූ සිර දඬුවම් නියෝගය බව පැහැදිලිය.

ජනපති අනුරට ලැබී ඇති මහඟු අවස්ථාව
කෙසේ වුවද මේ ආපසු බාරදෙන වාහන නිමිති කරගෙන දැන් කරගෙන යන දේශපාලන මඩ ප්‍රහාරයෙන් කිසිවකුට අත්වන ප්‍රයෝජනයක් නැත. මේ අන්දමේ දේශපාලන මඩ ප්‍රහරයක් 2015 දීද ආපසු භාරදුන් වාහන අරබයා සිදුකෙරිණි. එදා කෝටි ගණන් වටිනා වාහන ගැන කියමින් ඊට පෙර පැවැති රජයට චෝදනා කළ දේශපාලකයෙක්ද මෙවර ආපසු භාරදී ඇති වාහනයක් වසර දෙකක් තිස්සේම භවිත කර ඇති බවද දැන් හෙළිවී ඇත. වසර පහකට වරක් ජනාධිපතිවරයකු මාරුවෙන සෑම අවස්ථාවකම මතුවන මේ වාහන නිමිත්ත යළි මතු නොවීමට පියවර ගැනීමේ මහඟු අවස්ථාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට දැන් ලැබී ඇත. මෙතෙක් සිටි ජනාධිපතිවරුන් සීමාවකින් තොරව තම පාක්ෂිකයන්ට හා හිත මිත්‍රයන්ට තනතුරු දී පහසුකම් සැලසීම සඳහා අවභාවිත කළ ජනාධිපති කාර්ය මණ්ඩලය පත්කිරීමේ අවස්ථාව විධිමත් කිරීම මේ ජනාධිපතිවරයාට කළ හැකිය. ජනාධිපතිවරයාගේ කාර්ය හා කර්තව්‍යය ඉටුකිරීම සඳහා අවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලය හඳුනාගෙන ඔවුන් සඳහා අවශ්‍ය කාර්යාල ඉඩකඩ වාහන අවශ්‍යතාව වෙනත් පහසුකම් ආදිය පිළිබඳ සුදුසු අධ්‍යයනයක් කරවා මතු පත්වන ඕනෑම ජනාධිපතිවරයකුට ආදර්ශයට ගත හැකි වන කාර්ය මණ්ඩල ප්‍රමාණයක් නිශ්චිතව සකසාගත හැකිය. අවශ්‍ය නම් එම ප්‍රමාණයන් නීතිගත කර පවත්වාගෙන යා හැකිය. එවිට එම පූර්වාදර්ශය මත මතු පත්වෙන ජනාධිපතිවරයකුට පවා ඒ සීමාවෙන් පිට ක්‍රියා කිරීමේ ඉඩකඩ සීමාවනු ඇත. මීට පෙර එක් ජනාධිපතිවරයකුට රට පුරා සම්බන්ධීකරණ ලේකම්වරුන් සියයකට අධික ප්‍රමාණයක් සිටියහ. මා දන්නා එක් සම්බන්ධීකරණ ලේකම්වරයකුට පැවරී තිබුණේ එක් පන්සලක උත්සවයක් පැවැත්වේ නම් ජනාධිපතිතුමාගේ නියෝජිතයකු ලෙස ඊට සහභාගි වීම පමණි. ඔහු ඒ ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රජයෙන් ඉටුකරගන්නට ඇති අවශ්‍යතා වෙනුවෙන් මැදිහත්වී ඒ මිනිසුන්ගෙන් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ගන්නා බවට ආරංචි පැතිර යද්දී ඒ බව ලිඛිතව ජනාධිපති ලේකම්ට වාර්තා කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා ලෙස මට සිදුවිය. මේ අන්දමේ කාර්ය මණ්ඩල පත්කළ නොහැකි ලෙස ජනාධිපති කාර්ය මණ්ඩලයේ තනතුරු සඳහා රැකියා විස්තර බඳවා ගැනීමේ පරිපාටි ආදිය පිළියෙළ කර තැබීම ඉතාමත්‍ යෝග්‍ය වේ.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නිශ්චිත ප්‍රමාණයක්
මේ වාහන ප්‍රශ්නය හුදු දේශපාලන මඩක් ලෙස ජනගත කරනවාට වඩා නව ජනාධිපතිවරයාගේ සරල හා පිරිමැසුම්දායක පාලන රටාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට යොදාගත හැක්කේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට නිශ්චිත ප්‍රමාණය හඳුනාගෙන ඒ එක් එක් තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ තනතුරට සපයන පහසුකම් ද එම තනතුරේ කාර්ය දර්ශකය ද විස්තරාත්මකව සකසා මේසා විශාල සම්පත් ප්‍රමාණයක් ජනාධිපති ධුරය සඳහා අනවශ්‍ය බවට අදහසක් ආදර්ශයෙන් ජනගත කිරීමෙන් පමණි. එහිදී රටේ වෙනත් අමාත්‍යාංශ පක්ෂ හා ආයතනවලට පැවරී ඇති කටයුතු වෙනුවෙන් සරල ගැමි වහරකට අනුව කීවොත් ‘බල්ලාගේ වැඩේ බූරුවා කිරීම’ වැනි ජනාධිපතිවරයා ළඟ වෙනම කාර්ය මණ්ඩල පවත්වා ගැනීම අනුචිත බවත් තේරුම් ගැනීම වැදගත්‍ය. වත්මන් ජනපතිවරයා ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කළොත් එය අනාගත ජනාධිපතිවරුන්ට ද පූර්වාදර්ශයක් වනු නියතය.

සුනිල් කන්නන්ගර
lankaenews වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

පොත් ප්‍රදර්ශනයේ වෙච්ච සිද්ධියකට මාධ්‍යවේදී කල්ප ගුණරත්න අත්අඩංගුවට ගනී! සජිත් වහාම මැදිහත් වෙයි! නීතීඥවරු කණ්ඩායමක් යවයි! I Sri Lanka Latest News

Next Post

හිටපු හැටියේම ආණ්ඩුව බද්දක් වැඩි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.