• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරා කෝලාහල මතුවීමට… බලගතු ආණ්ඩු පෙරළීමට… අගමැති ගෙදර යාමට… රටම අර්බූදයකට තල්ලු වීමට… දළදාව වැඩම කරවූ මගුල් ඇතු ‘නැදුන්ගමුවේ රාජා’ මියැදීම හේතුවක් වුණාද?

May 22, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රට පුරා කෝලාහල මතුවීමට… බලගතු ආණ්ඩු පෙරළීමට… අගමැති ගෙදර යාමට… රටම අර්බූදයකට තල්ලු වීමට… දළදාව වැඩම කරවූ මගුල් ඇතු ‘නැදුන්ගමුවේ රාජා’ මියැදීම හේතුවක් වුණාද?
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක දවසක හන්තාන කඳු පවා හඬාවැටෙනා මොහොතක් උදා විය. ඈත දළදා තේවාවේ හැඬුම් ස්වරය මුසුවිය. කන්ද උඩින් පායන හිරු හැඬුම්බරව බලා උන්නේය. වලා සේද සළු ඇතිරූ බහිරව කන්දේ බුදුරුව පසුබිම් කොටගත් අහසේ වූයේ මළානික පෙනුමකි. විකසිත වියයුතුව තිබූ මල් එකිනෙක පරව යන්නා සේ දැනෙන්නට විය. අහසින් පිනි කඳුළු වැටුණේය. වේදනා බර සුසුම් හඬක් ගම්පහ අහසට මුහුකොට නැදුන්ගමුවේ රාජා සමුගෙන ගියේය. බොහෝ සිත්සතන්වල වේදනාවේ දේදුනු පෑව්වේය. මිනිස්සු නැදුන්ගමුවේ රාජාට වඳිමින් ගරු බුහුමන් කරමින් ගතකළ කාලය නිමාවිය. ගම්පහ සිට කන්ද තරණය කොට හෙමින් සැරේ අඩි තියමින් විරාජමානව නුවර පෙරහැරට යන නැදුන්ගමුවේ රාජාගේ රුව යළි කිසි දිනෙක දකින්නට නොලැබෙන බව දත් මිනිසුන්ගේ සිත් හඬාවැටුණේය. කන්ද උඩරට ඇසළ පෙරහැර සරසමින් තේජවන්ත ඇත් රජු සදහටම දෑස් පියාගත්තේය. ඒ, 2022 මාර්තු මාසයේ හත්වැනිදාය. මේ මරණය හා සම්බන්ධ බොහෝ කතා අප ලියා තිබේ. නැදුන්ගමුවේ රාජා නම් ඓතිහාසික හස්තියා අදත් අප සතු සොඳුරු මතකයකි. ඒ තේජාභිමානී මතකය යළි හාරා අවුස්සන්ට සිදුවීම ගැන ඔබට යම් සිත්තැවුලක් වේ නම් සමාවුව මැනව. මේ ලියන්නේ නැදුන්ගමුවේ රාජාගේ සමුගෙන යෑමෙන් පසු වූ තවත් එක් පසු සටහනකි. මෙහි වූ බොහෝ කරුණු කාරණා අප සතු හිතලු යැයි ඔබට අවශ්‍ය නම් වහා බැහැර කළ හැකිය.

මේ ලෝකය නිර්මාණය වන්නේ බලාපොරොත්තු විශ්වාස පුද සිරිත් ඇදහිලි වැනි දෑ එකතු වූ විටය. පෙර රජ දවසේ සිට එතෙක් මෙතෙක් පැවැත ආ බොහෝ විශ්වාසයෝ ඔබ සතුය. ඒවා මතක සටහන්ව ඇති තැන් බොහෝය. සමහර ඒවා විiාත්මකව ඔප්පු කරගත නොහැකි ඒවාය. සමහර ඒවා භෞතිකව සනාථ නොවූ ඒවාය. නමුත් භෞතිකව සනාථ කරගත නොහැකි විiාත්මකව ඔප්පු කරගත නොහැකි බොහෝ දේ මේ නිල් අහස යට මහ පොළොව උඩ අදත් හෙටත් හැමදාමත් සිදුවෙමින් තිබේ. ඒ නිසා මේවා පුද සිටිත් ඇදහිලි චාරිත්‍ර වාරිත්‍ර මිථ්‍යා විශ්වාස යැයි ඔබ බැහැර නොකරන්නේ නම් මේ ලිපිය ඔබට අපූරු ලිපියක් වනු ඇත. නැදුන්ගමුවේ රාජාගේ සමුගෙන යෑමත් සමග ඒ පුවත බොහෝ තැන්වල මතුව ආවේ ශ්‍රී ලංකා ධරණි තලයේ වූ මඟුල් ඇතුගේ සමුගෙන යෑම ලෙසය. පෙරදා රාජකීය යුගවලදී මඟුලැතුන් පිළිබඳ අප දන්නා කතන්දර තිබේ. මඟුලැතුගේ රාජකාරිවලට කුමන ඒවා අයිති වුවද මඟුලැතු කියන්නේ මුළු රටෙන්ම පුද ලබන මුළු රටේම මුදුන්මලකඩ වන් ඇත් රජුන්ය. නැදුන්ගමුවේ රාජා හැබෑවටම මාර්තු 22 වැනිදා වන තෙක් මෙසිරිලකෙහි මඟුලැතුය. වෙන තර්ක විතර්ක එයට අවශ්‍ය නැත. දැන් මේ මඟුලැතු සමුගෙන ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. මේ දෙමස තුළ රටට සිදුවූයේ කුමක්ද? අද රට තියෙන්නේ කොතැනද?

පෙර රාජ රාජ මහාමාත්‍යාදීන් අතර බරපතළ විශ්වාසයක් වූයේ මඟුලැතු මියයෑම රටට අතිශය අසුබ බවය. මාර්තු 22 වැනිදා අපේ මඟුලැතු සමුගෙන යෑමෙන් පසු රටට සිදුවූයේ කුමක්ද? එකිනෙක සම්බන්ධ කරගත නොහැකි එකිනෙක පැහැදිලි කළ යුතු නැති බොහෝ දේ අපට සිදුව තිබේ. දැන් අපි ජීවත් වෙන්නේ ජීවත් වෙනවාටය. අභිනව අගමැති රනිල් වික්‍රමසිංහ පහුගිය දවසක කියා තිබුණේ ජීවිතයේ ගතකරන දුෂ්කරම කාල පරිච්ඡේදය සඳහා සූදානම් වන ලෙසය. ඒ වචනවල බරපතළකම ඔබට දැනුණා දැයි අප දන්නේ නැත. ජීවිතයේ දුෂ්කරම කාලය පිරී යන්නේ කුසගින්නෙන්, වේදනාවෙන්, දුකෙන්, තෙල් නැති, ගෑස් නැති, කිරිපිටි නැති, පාන් නැති, හාල් නැති කාලයකින්ය. එහෙම නම් දැන් අපි බඩගින්නේ ඉන්නට හිත හදාගත යුතුය. බෙහෙත් නැතිව මියයන්නට හිත හදාගත යුතුය. වේදනාවන් ඉවසන්නට හිත හදාගත යුතුය. කිරිපිටි ඉල්ලා හඬනා පොඩි දරුවන්ගේ හිත හදන්නට පුරුදු විය යුතුය. ගෑස් නැතිව ආහාර පිසින්නට බැරි මුළුතැන්ගේ දෙස බලන්නට හිත හදාගත යුතුය. මේ සියල්ල මේ මොහොත වන විට සිදුවී අවසන්ය. අද වන විට තෙල් පෝලිම්වල දිග මීටර්වලින් නොව කිලෝමීටර්වලින් කියන්න සිදුව තිබේ. රෝහල්වල ඖෂධ නැති වීම බරපතළම ඛේදවාචකයකි. බෙහෙත් නොමැතිව රෝගීන් මියයන රටක ජීවත් වීමට සිදුවීමම බරපතළ ඛේදවාචකයකි. තවමත් අපට නිවැරැදි නිශ්චිත ගමන් මඟක් ගැන අවබෝධයක්වත් නැත. හෙට වෙන්නේ කුමක්ද යන්න ගැන අංශුමාත්‍ර අදහසක් පමණක්වත් අප සතුව නැත. බලාපොරොත්තු පමණක් සිතේ දරාගෙන අපිත් බලාගත් අත බලාගෙන සිටිමු. හෙට කුමක් වේදැයි කිවහැකි යමෙක් වෙත්නම් ඔහු විශ්මකර්මයෙක් තරම් අපූරු මිනිසෙක් වියයුතුය. එසේම රට පුරා බරපතළ ගණයේ කැරැලි කෝලාහල සිදුවිය. මේ කැරැලි කෝලාහල 83 කළු ජූලියට පමණක් දෙවැනි වේ යැයි යමෙක් පවසත් නම්, අප කියන්නේ එය කිසි සේත්ම කළු ජූලියට සමාන කරගත නොහැකි බවකි. එයට හේතුවක් තිබේ. කළු ජූලිය ආරම්භ වන්නේම දේශපාලනික කාරණාවක් මත වුවද එය උසිගැන්වීමක් වුවද එහි මීට වඩා බොහෝ වෙනස් ලක්ෂණ තිබේ. කළු ජූලියට වඩා එය වෙනස් වන්නේ මෙය හදිසියේ වූ ඇවිළීමක් නිසාය. මේ ඇවිළීමත් සමග රටේ ඇතිවූයේ අපට සිහිනෙකින්වත් සිතිය නොහැකි මහා බරපතළ ප්‍රශ්නයකි. මිනිස්සු ජාති ආගම් කුල කිසිදු භේදයකින් තොරව තමන්ගේම මිනිසුන්ට පහරදී තුවාල සිදුකොට තලා පෙළා පුදුම විදියේ සතුටක් ලැබුවේය. එය දේශපාලනික කිරා මැන බලනවාට වඩා රටේ ඇතිවූ බරපතළ කෝලාහලයක් ලෙස හඳුන්වා දිය හැකිය. රට තුළ බරපතළ ආහාර හිඟයක් නිර්මාණය වී තිබේ. රට තුළ කැරැලි කෝලාහල නිර්මාණය වී තිබේ. ඒ අතරතු මේ ලිපිය ලියන මොහොත වන විටත් රට පුරාම ගංවතුර අවදානමක් මතුව තිබේ. ඒ අනුව රට පත්ව තිබෙන්නේ කිසි දිනෙක පත් නොවූ තරමේ බරපතළ ව්‍යසනයකටය. මේ මොහොතේ මේ ලියන්නේ ගංවතුර සහ නායයෑම් පිළිබඳ යම් යම් ඉඟි මතුව එන විටය. ලිපිය අවසන් කරන මොහොත වන තෙක් කිසිම තැනකින් ගංවතුර හෝ නායයෑම් ගැන අසන්නට නොලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබ මේ ලිපිය කියවන මොහොත වන විටද එවැන්නක් සිදු නොවේවායි අප විශ්වාස කරමු. නමුත් රට බරපතළ ව්‍යසනයක් වෙත ගමන් කරමින් තිබේ. රටේ පාලකයෝ අද ඉන්නේ සැඟවුණා සේය. රට පාලනය කරමින් බොහෝ කලක් මේ රටේ ප්‍රධානියාව කටයුතු කළ මැතිවරණ පරාජයකදීවත් ජනතාවගේ ආකර්ෂණය අඩු නොවුණු මහින්ද රාජපක්ෂට මේ රටේ මිනිසුන්ට හොරෙන් නිවෙසින් පැන යන්නට සිදුවිය. රටේ ප්‍රබලතම දේශපාලකයන්ට අද ඉන්න සිදුව ඇත්තේ මුහුදෙන් වටවූ දූපත්වල සැඟවීය. ඒ අනුව මඟුලැතු මියයෑමෙන් පසු පාලකයන්ට, රජුන්ට, ඇතැම් විට දේශපාලකයන්ට අපල බව අප අසා තිබේ. එසේ නම් අපට බලපා ඇත්තේ මඟුලැතු සමුගෙන යෑමෙන් පසු පෙර රජ දවසේ රාජ රාජ මහාමාත්‍යාදීන් පවා විශ්වාස කළ ඒ අනිවාර්ය විපතද? මේ ලිපිය ලියා රටේ දේශපාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් හෑල්ලුවට ලක්කරන්නට උත්සාහ නොකරන බව විශ්වාස කරන්න. මේ රට මේ තත්ත්වයට ඇද දැමූවේ කූට, දුෂ්ට, කපටි දේශපාලකයන් බව අපද තරයේ විශ්වාස කරමු. නමුත් ඒවා කෙසේ වුවද රටේ යම් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමත් මේ 22 වැනිදා සිදුවීමත් අතර සම්බන්ධයක් තිබෙනවාද, මඟුලැතු මියයෑමෙන් රටට බරපතළ ව්‍යසන සිදුවෙනවාද යන්න හිතලුවක් පමණක්ම නොවන බව ඔබට අපට විශ්වාස කළ හැකිය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

Next Post

ඇහැලියගොඩ මහපාරේ හටන සල්ලිවලට තෙල් දීපල්ලා කියලා! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.