• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…

May 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
2023 ජනවාරි 19න් පසු රට බිංදුවෙන් පටන් අරන් හරි තැනට ගමන් කරනවා…
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වත්මන් රජයට එල්ල වන චෝදනා ප්‍රමාණය අතිවිශාලයි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රජයට චෝදනා එල්ල වුවද මේ අර්බුදවලට ජ්‍යොතිෂ විද්‍යාත්මකව බලපාන හේතු රැසක්ද ඇති බව පැවැසෙනවා. ජ්‍යොතිෂවේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මහත්මිය මෙම අර්බුදවලට හේතුව සහ නුදුරේදී දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන පෙරළි රැසක් ගැන සුවිශේෂ අනාවරණයක් සිදුකරනවා. ලබන ජුනි 20 වැනිදායින් පසු රටට අලුත් නායකයකු බිහිවන බවත්, ඉන් පසු රටේ දැවැන්ත පෙරළි රැසක් සිදුවන බවත් ඇය පවසනවා. කල්‍යාණි හේරත් මැණිකේ මහත්මිය මෙලෙස අදස් පළ කරන්නේ Welawa යූටියුබ් නාලිකාව සමග සිදුකළ සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාව ‘මව්රට’ පාඨක ඔබට අප මෙලෙස ඉදිරිපත් කරනවා.

විෂ්ණුටත් බටකොළ කවපු සෙනසුරු පසුගියදා මාරුවුණා. ඒක අපේ රටට කොයි විදියට බලපායිද?

බෝසතාණන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සෙනසුරු හේතු වුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියැවෙනවා. ඒ තරමට සෙනසුරු පීඩාකාරී ග්‍රහයෙක් විදියට තමයි සැලකෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයාට හිතවත් හොඳම ග්‍රහයා තමයි සෙනසුරු කියන්නේ. මොකද සෙනසුරු ඒරාෂ්ටකය, සෙනසුරු දශාව, අතුරු දශාව කිව්වම බොහෝ දෙනෙක් බය වෙනවා. ඇත්තටම සෙනසුරු කියන්නේ ආධ්‍යාත්මික ග්‍රහයෙක්. ධර්මානුකූලව ජීවත් වෙන අයට කිසිම කරදරයක් නෑ. සෙනසුරු හඳුන්වන්නේ පාතාලේ දෙවියො, නැත්නම් පාතාලේ රජ්ජුරුවො කියලා. පාතාලේ රජ්ජුරුවන්ගෙ කාර්යභාරය තමයි පාපතරයන් ඉවත් කිරීමය. ඒ නිසා කුම්භ ලග්නයෙන් උපත ලබා ඇති ලංකා කේන්ද්‍රයේ නිවැරැදි නැහැ කියලා කොටසක් තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම කටක කේන්දරයක් හැදෙන්නේ රටක පාලන තන්ත්‍රයේ ඇතිවන කඩඉම්වලදී. රාජාණ්ඩු ක්‍රමයෙන් වෙනස් වෙලා නිදහසක් ලබලා 1948 පෙබරවාරි 04 වැනිදා අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පැමිණෙනවා. එදා සිංහ කොඩිය උදේ 7.45ට ඔසවද්දී උදා වූ තත්කාලයට තමයි මේ කුම්භ ලග්නය සකස් වෙලා තියෙන්නේ. එතකොට ලංකාවෙ කේන්දරය කුම්භ ලග්නය. මේ කුම්භ ලග්නයට තමයි ඇවිල්ලා ඉන්නේ දැන් සෙනසුරු. සාමාන්‍යයෙන් ලග්නයේ සෙනසුරු ගමන් කරනකොට මරණකාරකයි. රටට මරණකාරකයි කියන්නේ රට පාලනය කරන නායකයාට මරණකාරකයි. එහෙම වෙන්න නම් ඔහු අධාර්මික විය යුතුය. රාජා භවතු ධම්මිකෝ කියලනෙ කියන්නේ. රජය දැහැමි නැත්නම් රජයේ පාලකයා දැහැමි නැත්නම් ඒක මරණකාරකයි තමයි. කොහොමද මේ මරණකාරක වෙන්නේ? රාජ්‍ය පාලකයා මරලා දානවා, ජීවිතය නැති කරනවා කියන එක නෙවෙයි. එයාගෙ රාජ්‍යත්වයටයි මරණය සිදුවෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? සෙනසුරුට අයිතිකාරයො ගොඩක් ඉන්නවා. සෙනසුරු හැමතිස්සෙම නියෝජනය කරන්නේ පහළ මට්ටම. මහජනතාව නියෝජනය කරන්නේ සෙනසුරු. මහජනතාව නියෝජනය කරන සෙනසුරු බලවත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. එයා තමන්ගෙ රටේ ලග්නය ඔළුවට ඇවිල්ලා බලවත් වෙලා ජනතාව නැගිට්ටවලා තියෙනවා. දැන් නැගිටලා ඉන්නේ ජනතාව. එතකොට ජනතාව නැගිට්ටේ කොහොමද? නිකන්ම නෙවෙයි සෙනසුරුගේ අවි ආයුධ තමයි බුද්ධිය, අවංකත්වය, නිර්භීතකම. ඒ සියල්ල සමග තමයි ජනතාව නැගිටලා ඉන්නේ. නිර්භීත කණ්ඩායම් ඉදිරියට ගෙන යද්දී මෙයා හැම විටම ග්‍රහ ලෝකෙ තව කණ්ඩායම් එකතු කරගන්නවා. මේ අවස්ථාවේ කුජ ග්‍රහයා එකතු කරගෙන තියෙනවා. කුජ විතරක් නෙවෙයි, එයා මේ අවස්ථාවේ සිකුරු ග්‍රහයත් එකතු කරගන්නවා. කාන්තාව නියෝජනය කරන. ඒ කියන්නේ ආකර්ෂණීය දේවලුත් එකතු කරගන්නවා. එතකොට මේ කාලසීමාව හිතන තරම් පහසුවෙන් රජයකට මර්දනය කරන්න බෑ. මෙවර සිදුවෙච්ච සෙනසුරු මාරුව 1993 සිදුවෙච්ච සෙනසුරු මාරුවට වඩා ප්‍රබලයි. ඒ වෙලාවෙ කුජ ග්‍රහයා සිටියේ සප්තම දෘෂ්ටියෙන් සිංහ රාශියේ. මේ අවස්ථාවෙ සෙනසුරු ග්‍රහයා ඉන්නේ කුජගෙ නැකැතක් වෙච්ච දෙනට රාශියෙ. කුජ ග්‍රහයාට අමතරව සිකුරුත් එතැන ඉන්නවා. මේ මොහොතෙදී ප්‍රබල විදියට සමස්ත ජනතාව එක හඬින් නැගී සිට මේ වැරැදි තැන් නිවැරැදි කරගෙන තමන්ට වෙච්ච වැරැද්ද නිවැරැදි කරලා හැම පැත්තක්ම සංශෝධනය කරගෙන ඉදිරියට ගමන් කිරීම මේ කෙටි කාලසීමාව තුළ සිදුවෙනවා. මම වගකීමෙන් කියනවා මේ ජූලි 06 වැනිදාට ප්‍රථම සෙනසුරු මේ කාර්යභාරයේ 50%ක් අවසන් කරනවා. ඊට පස්සේ ඔහු වක්‍ර වේවි. නමුත් ඒ වක්‍රවීම එතරම් ප්‍රබල නැහැ. 2023 ජනවාරි 19 වැනිදායින් පස්සේ බින්දුවෙන් පටන් අරගෙන මේ රට හරි තැනකට ගමන් කරනවා.

ඒ වගේම සෙනසුරු මාරු සිදුවෙලා තියෙද්දී ගුරු ග්‍රහයා දෙවැන්නට එනවා. ලංකා කේන්දරයේ අය ස්ථානය සහ ධන ස්ථානය එන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන්. මේ වෙනකොට ගුරු සමග සිකුරු යෝග වෙනවා. සිකුරු යෝග වෙලා ඉන්නකොට මෙතැනි ලෝකායන කේන්ද්‍රයේ හැටියට නෙප්චූන් ග්‍රහයත් ඉන්නවා. සාමාන්‍යයෙන් ගුරු සිකුරු යෝග වෙලා අයස්ථානයෙ අධිපති ධනස්ථානයෙ ඉන්නකොට අපට සල්ලි ගලාගෙන එන්න ඕනෙ. ගොවිතැන් සශ්‍රීක වෙන්න ඕනෙ. නමුත් ඒක සිදුවෙලා නැහැ. ඇයි? නෙප්චූන්ගෙන් මෙයා පීඩාවට පත්වෙන නිසා. පුද්ගලික කේන්දරවලට නෙප්චූන්, ප්ලූටෝ, යුරේනස් වගේ ග්‍රහයන් බලපෑවට ලෝකායන කේන්ද්‍රයේදී විශාල ප්‍රදේශයකට මේක බලපානවා. ඒ බලපෑවට මුදල් හිතෙන හිතෙන විදියට ලබාගන්න බැරි වෙනවා. ඒ මාර්ග පෙනි පෙනී නැතිවෙනවා. ඒ බලපෑම නිසා ටිකක් අමාරුවෙන් ඇදගෙන යන්න වෙනවා. ඒ නිසා මේ වෙලාවෙදී වෙනස් විය යුතු තැන් අනිවාර්යයෙන්ම වෙනස් කිරීමේ කාර්යය සෙනසුරු භාර අරගෙන. ඒකට සහාය දෙනවා කුජ ග්‍රහයා. කුජ ග්‍රහයා සහාය දෙන ගමන් මැයි 18 වැනිදා දෙවැන්නට ගමන් කරනවා. දෙවැන්නට ගමන් කරමින් දෙවැන්නේදී මුදල් පිළිබඳ, වංචනික දේවල් පිළිබඳ කිසියම් වැරැද්දක් කොහෙ හරි වෙලා තියෙනව නම් ඒවා හෙළිදරව් කරලා නීතිමය පැත්ත පණපොවනවා. මොකද කුජ උදව් කරන්නේ ගුරු ග්‍රහයාට. ගුරු කියන්නේ සාධාරණත්වය, මනුෂ්‍යත්වය ගරු කරන ග්‍රහයෙක්. දෙවියන්ගේ බලය, රැකවරණය ලබාගන්න පුළුවන් කාලසීමාවක් අපට අනාගතයේදී උදාවෙනවා.

හැබැයි මේක රිදී බන්දේසියක් උඩ තියලා භාර දෙන්නේ නෑ. හුඟක් දුක් විඳලා තමයි උදා කරගන්න වෙන්නේ. මම පැහැදිලිව කියනවා මේක මර්දනය කරන්න සූදානම් වෙන්න එපා කියලා. එහෙම කරන්න හිතපු තැන ඉඳන් ඒ හිතපු කෙනාටත් මේක සාපයක් වෙනවා. මොකද ඒ තරමටම සෙනසුරු දරුණුයි. සෙනසුරු පොඩ්ඩක්වත් බිය නැතිව තනිවම එන ගමනක් මේක. මොකද මේ වෙලාවෙ සෙනසුරු ගමන් කරන තැන සෙනසුරුට ප්ලූටෝගෙ ශක්තියත් ලැබිලා තියෙනවා. ලෝකායන කේන්දරයේ ඇතුළේ රාහු සතුරු බලයෙන් ගමන් කරනවා මේෂ රාශියේ. හිතන තරම් පහසුවෙන් රාජ්‍ය තන්ත්‍රයට ගැලවිලා නිදහස් වෙලා යන්න බෑ. ජනතාවට මම අවධාරණය කරනවා ඔබ ප්‍රචණ්ඩ වෙන්න එපා, ඔබ ආධ්‍යාත්මිකව කරන හැම දේම හිතට එකඟව කරන්න. ඔබට ඒ ශක්තිය ලැබේවි. ඔබට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවි. වැඩිහිටියන් මෙතෙක් කල් ගැති මානසිකත්වයෙන් තමන් එක තැන පල්වෙලා පුද්ගල මූලික කණ්ඩායම්වලට අවනත වෙලා ගමන් කරපු එක වෙනස් වේවි. ඒ සඳහා මේ ග්‍රහචාරයෙන් ඔබට මඟ පෙන්නනවා. මේක විප්ලවයක් නෙවෙයි. අරගලයක්. මේ අරගලය ඇතුළේ තියෙන්නේ ගැඹුරු චින්තනයක්. ශාස්ත්‍රීය පසුබිමක්. විප්ලවයක් කියනවා නම් ඒක එක්තරා පන්තියකට සීමා වෙනවා. නමුත් මේක කිසි කෙනකුට සීමා වෙලා නෑ. මේකෙ ඉහළ ඉඳන් පහළට, හැම පැත්තටම ගලාගෙන ගිහින් තියෙනවා. විශ්ව ශක්තිය ගොනු කරලා තියෙනවා. සෙනසුරු ඇයි මේක තල්ලු කරගෙන ගිහින් ගෝල්ෆේස් පිටියටම දැම්මේ? ඒක ඉස්සරහම තියෙන්නේ මුහුද. පිරිසිදුම වතුර. මේ වතුරට කවදාවත් ලේ මුසු වෙන්නේ නෑ. ඒකට සෙනසුරු ඉඩ දෙන්නේ නෑ. සර්ව ආගමික ශක්තීන් එතැනට එකතු කරලා තියෙනවා. මෙතෙක් කල් භේද වෙලා තිබුණු සමස්ත සමාජයම එක තැනකට ගොනු කරලා තියෙනවා. ඒ වටිනා මෙහෙවරේ කාර්යභාරය සඳහා සෙනසුරු මේ වෙලාවේ ලොකු උපකාරයක් කරලා තියෙනවා. ඒ නිසා මේ සෑම කෙනෙක්ම තම තමන් හදවතින් අවංකව තනි තනිව ආධ්‍යාත්මකව නැගී සිටින්න. රට රටක් විදියට නැගී සිටින බව මම නිර්භයව ප්‍රකාශ කරනවා. වැරැදිකරුවන්ට දඬුවම් ලැබෙනවා. නිවැරැදිකරුවන් රජ පුටුවට යනවා.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

Next Post

රට පුරා කෝලාහල මතුවීමට… බලගතු ආණ්ඩු පෙරළීමට… අගමැති ගෙදර යාමට… රටම අර්බූදයකට තල්ලු වීමට… දළදාව වැඩම කරවූ මගුල් ඇතු ‘නැදුන්ගමුවේ රාජා’ මියැදීම හේතුවක් වුණාද?

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.