• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ උදව් ‘ප්ලීස් එපා’ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

December 13, 2025
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
සජිත්ගේ උදව් ‘ප්ලීස් එපා’ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2004 සුනාමිය එන විට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. බුෂ්ගේ ප්‍රතිවාදී පක්ෂය වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයෙක් වූයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ය. සුනාමි බෙලාවේ ලොව බොහෝ රටවලට අත්වූ ඉරණම ගැන හිතා බුෂ් දේශපාලන හතුරුකම් අමතක කොට සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ රටවල් ගොඩනැගීම සඳහා ආධාර මුදල් සෙවීමේ බුෂ්ගේ විශේෂ දූතයා ලෙස පත්කළේ බිල් ක්ලින්ටන්වය. ජාත්‍යන්තරය සමග ඉහළ සබඳතා තිබූ බිල් ක්ලින්ටන් ඒ සඳහා හොඳම සුදුස්සා යැයි බුෂ් සිතුවේය. ඒ ක්‍රෙඩිට් එක ප්‍රතිවාදී පක්ෂයේ නායකයෙක්ට හිමිවීම ගැන බුෂ් කම්පා වුණේ නැත. ඔහුට අවශ්‍ය වූයේ වැඩේ කරන්නටය.Sri Lanka Latest News

ඇමෙරිකාවේ පමණක් නොව සුනාමිය වැනි විපත් රටක ආණ්ඩුව සහ විපක්ෂය එකට එකතු කරන අවස්ථාවක්ය. ඒක හරියට ගමේ මළගෙදරට හතුරෝ මිතුරෝ එකතු වෙනවා වගේය.
වේළුපිල්ලේ ප්‍රභාකරන් හිටියේ සිංහලයන් මරාගෙන කන වෛරයකිනි. 2004 සුනාමිය එන විට ඔහු සාම සාකච්ඡාවලින් ඉවත්ව සිටියේය. නෝර්වේ සාම දූතයා ඇතුළු ජාත්‍යන්තර සාම දූතයන් කොයිතරම් බලපෑම් කළත් ප්‍රභාකරන් කොළඹ ආණ්ඩුව සමග ගනුදෙනු කිරීම නතර කර තිබිණි. ඔහු කීවේ සිංහල ආණ්ඩුව විශ්වාස කළ නොහැකි බවය. ඒත් සුනාමිය ආ විට ඔහු බයවිය.

සුනාමියෙන් දකුණේ මෙන්ම උතුරේද විශාල ජනතාවකට ජීවිත අහිමි වී දේපළ විනාශ වී තිබිණි. ඒ වෙලාවේ විපතට පත් පවුල්වලට සහන දෙන්න නම් තම පරම හතුරා වූ කොළඹ ආණ්ඩුව සමග අතරමග සමාදානයකට යායුතු බව ඔහුට වැටහුණි. සුනාමි විපතට ආධාර දෙන්න නම් දකුණේ ආණ්ඩුවත් උතුරේ එල්.ටී.ටී.ඊ.යත් එක්වී යාන්ත්‍රණයක් හැදිය යුතු බව නෝර්වේ සාම දූතයා ඇතුළු ආධාර දෙන රටවල් කීහ. ඔවුන් යෝජනා කළේ සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවා ඒ හරහා දකුණට සහ උතුරට ආධාර බෙදන්නටය. ඒ හරහා ලංකාවට ලොකු ආධාර මුදලක් ලැබීමට නියමිතව තිබිණි. ඒ වෙලාවේ ජනාධිපති චන්ද්‍රිකා 2004 ආණ්ඩුවක් පිහිටුවා තිබිණි. ඒ, 2004 මහ ඡන්දයට කලින් තිබූ රනිල්ගේ ආණ්ඩුව සහ ප්‍රභාකරන් පිහිටුවීමට සාකච්ඡා කළ අන්තර් පාලන ඒකකයට එරෙහි වෙලාය. ඒ අන්තර් පාලන ඒකකයෙන් රට දෙකඩ වෙනවා යැයි ලොකුම හඬ නැගුවේ චන්ද්‍රිකා එක්ක සන්ධාන ගහලා 2004 මහ ඡන්දයට ආ ජවිපෙය. චන්ද්‍රිකාත් කීවේ උතුරට අන්තර් පාලන ඒකකයක් දීම භයානක බවය.

සුනාමිය එන විට චන්ද්‍රිකා ජවිපෙ සමග ආණ්ඩුවක් පිහිටුවා තිබිණි. ඒ ආණ්ඩුවේ වත්මන් ජනාධිපති අනුර ඇතුළු ජවිපෙ ඇමැතිවරු කිහිප දෙනෙක්ම වූහ. නෝර්වේ සාම දූතයන් හරහා ආධාර දෙන රටවල් සුනාමි සහන මණ්ඩලය හදන්න යෝජනා කළ විට චන්ද්‍රිකාටත් ප්‍රභාකරන්ටත් විපතට පත්වූ මිනිසුන් ගැන හිතා එයට කැමැති වීමට සිදුවිය. චන්ද්‍රිකා එයට කැමැති වූයේ ඒ මුදල්වලින් විපතට පත්වූවන්ට ආධාර දී විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත්කරන්නටය. ප්‍රභාකරන්ටද අකැමැත්තෙන් වුවද එයට කැමැති වීමට සිදුවූයේ සුනාමි විපතින් උතුරේ සාමාන්‍ය ජනතාව පමණක් නොව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ද අසරණ වී සිටි නිසාය. ප්‍රභාකරන් චන්ද්‍රිකා සමග සුනාමි සහන මණ්ඩලය පිහිටුවන්න එකඟ විය.

ප්‍රභාකරන් සමග සුනාමි සහන මණ්ඩලය පිහිටුවන්න එකඟ නොවන ලෙස චන්ද්‍රිකාට බලපෑම් කළේ ජවිපෙය. ඇය එලෙස සුනාමි සහන මණ්ඩලය පිහිටුවුවහොත් ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වන බවට තර්ජනය කළේය. චන්ද්‍රිකා ඉදිරියේ තිබුණේ ආණ්ඩුව ආරක්ෂා කරනවාද, විපතට පත්වූවන් ආරක්ෂා කරනවාද යන තේරීමය. ප්‍රභාකරන් සතුරුකම් පසෙක තියා සුනාමි සහන මණ්ඩලයට එකඟ යැයි කී විට ඇයට ඊට එකඟ නොවී ඉන්න බැරි විය. ඇය ජවිපෙ විරෝධය නොතකා සුනාමි සහන මණ්ඩලයට එකඟ වූවාය. ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් විය. ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කිහිප දෙනෙක්ම ජවිපෙ තීරණය හරි කීහ. චන්ද්‍රිකාගේ අගසව් වූ මංගලද ඒ අතර විය. ජවිපෙ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේය. සුනාමි සහන මණ්ඩලය එතැනින්ම ඉවර විය.

අද ලංකාවේ ජනාධිපති එදා සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ඇමැති ධුරයෙන් ඉවත් වුණු අනුර කුමාරය. ඔහුට මේ සිද්ධිය මතකද දන්නේ නැත. එදා සුනාමි සහන මණ්ඩලය පිහිටෙව්වා නම් සුනාමි සහන මණ්ඩලයට ආධාර දෙන රටවල් පොරොන්දු වූ ආධාර ලැබුණා නම් ගොඩ යන්නේ සුනාමියෙන් විපතට පත් වූවන් පමණක් නොව ලංකාවම ගොඩයන්න තිබිණි. ඒත් ජවිපෙ එය වළක්වාලීය.
‘එහෙව් ජවිපෙ නේද අද දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලන්නේ…?’

ආධාර ඉල්ලා අනුර ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති සහ දකුණු ආසියාව භාර ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාට දුරකතනයෙන් කතා කළ බව මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ඇමෙරිකාව කලින් ඩොලර් මිලියනයක් දෙනවා කියා පසුව එය ඩොලර් මිලියන දෙකක් කළේය. විපතින් සිදුවූ හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 15කට වඩා අධිකය. ඩොලර් මිලියන දෙකක් කියන්නේ සොච්චමකි. ඩොලර් බිලියන ගණනක් වූ හානියට අලගු තියන්නත් බැරිය.

විපක්ෂ නායක සජිත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් ගිවිසුම වෙනස් කොට අලුත් ගිවිසුමක් සකස් කරගන්න උදව් කරන්නම් යැයි කීවේ ආණ්ඩුවට විපතින් ගොඩඑන වැඩපිළිවෙළක් නැති බව දැනගෙනය. ඔහු වෙන වෙනම විදේශ තානාපතිවරුන් හමුවූයේත් ලංකාවට අවශ්‍ය ආධාර ලබාදෙන්නටය. ඒ වෙනකොට ආණ්ඩුව ආධාර ලබාගන්න විදේශ තානාපති හමුවක්වත් සංවිධාන කොට තිබුණේ නැත.

සජිත් එලෙස මිත්‍රත්වයේ හස්තය දිගු කළවිට පාර්ලිමේන්තුවට ඇවිත් අනුර කීවේ සජිත්ගේ උදව් ‘ප්ලීස් එපා’ කියාය.

සුනාමිය වෙලාවේ චන්ද්‍රිකා තම පරම හතුරා වූ රනිල්ටද ආරාධනා කොට විපතට පත්වූවන් වෙනුවෙන් එකට පහන් දැල්වූයේ පක්ෂ විපක්ෂ භේද නැතිව රටම විපතින් ගොඩනගන්න එක්ව සිටිනවා කියන පණිවුඩය රටට දෙන්නටය. ජාත්‍යන්තරයේ උදව් ගතහැක්කේ එවැනි උපායකින් බව ඇය තේරුම් ගෙන තිබිණි. තම ආණ්ඩුව විසුරුවා තමන්ට අගමැතිකම අහිමි කළ චන්ද්‍රිකා සමග එකට හිටගන්න රනිල් අකැමැති වුවද චන්ද්‍රිකාගේ ආරාධනාව ඉවත දමන්න ඔහුට නොහැකි විය. හේතුව සුනාමියෙන් විපතට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාකාරයන් පමණක් නොව යූ.ඇන්.පී.කාරයන්ද පාට පක්ෂ භේද නොමැතිව හැමෝම විපතට පත්ව සිටීමය.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වී ඇත්තේ මාලිමාවට ඡන්දය දුන් අය පමණක් නොවේ. ඒ අතර සමගි ජන බලවේගයට, පොදුජන පෙරමුණට ඡන්දය දුන් අයද සිටී. විපතට පත්වූවන් පමණක් නොවේ. මේ විපත නිසා රටටම දරුණු ආර්ථික විපතක් වී තිබේ. ඒ නිසා විපක්ෂය උදව් කරන්න යන විට ‘ප්ලීස් එපා’ කියන්නේ නැතුව ‘ප්ලීස් එන්න… අපි එකතු වෙමු…’ කියන්න මේක හරිම වෙලාවය. දට්වා සුළි කුණාටුවෙන්වත් ජවිපෙට සම්මා දිට්ඨිය පහළ නොවුණොත් විපත මාලිමාවේමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කාටවත් කරගන්න බැරි වුණා…! ලෝ ප්‍රකට ‘නිවුස්වීක්’ අනුර ඉන්න තැන හොයාගෙන ඉන්න තැනටම යයි! මෙන්න ජනාධිපති ආපදාව අස්සේ කියපු ටික! Sri Lanka Latest News

Next Post

ගඟට ගලන්න ඉඩ දෙමු! ගංවතුරෙන් බේරෙන නෙදර්ලන්ත පාඩම! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.