• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටවත් කරගන්න බැරි වුණා…! ලෝ ප්‍රකට ‘නිවුස්වීක්’ අනුර ඉන්න තැන හොයාගෙන ඉන්න තැනටම යයි! මෙන්න ජනාධිපති ආපදාව අස්සේ කියපු ටික! Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කාටවත් කරගන්න බැරි වුණා…! ලෝ ප්‍රකට ‘නිවුස්වීක්’ අනුර ඉන්න තැන  හොයාගෙන ඉන්න තැනටම යයි! මෙන්න ජනාධිපති ආපදාව අස්සේ කියපු ටික! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපේ පාලනයෙන් ඔබ්බට ගිය විශාල අර්බුදයකට අද අප මුහුණදී සිටිනවා. අපගේ මුළුමහත් රටමත්, ජනතාවත් නොසිතූ අයුරින් මෙම මහා පාරිසරික ව්‍යසනයට මුහුණ දුන්නා. පසුගියදා ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව නිසා අද අපි අභියෝග රැසකට මුහුණදී සිටිනවා. මෙම විනාශකාරී දේශගුණික විපර්යාසය අපගේ පාලනයෙන් ඔබ්බට ගිලිහී ගියා. මෙම අර්බුදයට අදාළව සමහර පාර්ශ්වවල විචාරකයන්, රජයේ ප්‍රතිචාරය දෝෂාරෝපණයට ලක්කර තිබෙනවා. මෙවැනි විවේචන අපගේ අනාගත ක්‍රමවේදයන් හැඩගැස්වීමට උපකාරී විය හැකියි. මෙවැනි වටපිටාවකදී අප රටේ ආපදා කළමනාකරණ පද්ධති දැන් සමාලෝචනයකට ලක්ව තිබෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගත කම්පන සඳහා සූදානම් විය යුතුයි. මේ තත්ත්වය සඳහා අපි දැන්ම ක්‍රියා නොකළහොත් අපි නැවතත් මෙවැනි අර්බුදයකට කොටුවෙනවා. මේ තත්ත්වය අප හොඳින් අවධානයට ගන්නවා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන සුවිශේෂ කතන්දරය? පසුගියදා ශ්‍රී ලංකාව ගිලගත් ‘දිට්වා’ මහා සුළි කුණාටුවට අදාළව මෙම කතාව කියා සිටින්නේ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. මෙයට දින කීපයකට පෙරදී ඔහු මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකළේ ලොව ප්‍රකටතම මාධ්‍ය සඟරාවක් ලෙස සැලකෙන ‘නිව්ස්වීක්’ (Newsweek) සඟරාව සමග සිදුකළ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය. පසුගියදා මෙරට මුහුණ දුන් මහා පරිසර ව්‍යසනයෙන් පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙස් විදෙස් මාධ්‍යයක් සමග සිදුකළ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව ලෙස මෙය සැලකෙයි. මෙහිදී ඔහු ‘දිට්වා’ සුළි කුණාටු අර්බුදයට අදාළව බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත. එනම් මෙම ව්‍යසනය රජයේ පාලනයෙන් ගිලිහී ගිය ආකාරයත්, එම අර්බුදයට අදාළව වෙනත් විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරන ලද විවේචනය ගැනද ඔහු ඉතා දැඩි අවධාරණයෙන් කතාකර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙම අතිවිශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු තවත් ශ්‍රී ලංකාවට අදාළ කරුණු කාරණා කිහිපයක්ම කතාබහට ලක්කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනය ගැන ඔහු තවත් ප්‍රකාශ කරන වැදගත් කරුණු සොයා බලමු.

‘දේශගුණික ව්‍යසනයක් යනු අපි විසින්ම නිර්මාණය කරගත් ඒවා නොවේ. මේවාට එරෙහිව ක්‍රියා නොකළහොත් ඒවාට අපි කොටු වෙනවා. ශ්‍රී ලංකාව ගෝලීය විමෝචනයට නොසැලකිය හැකි විශාල දායකත්වයක් සපයයි. නමුත් වසර ගණනාවක සංවර්ධන ප්‍රගතිය එක රැයකින් විනාශ කළ හැකි පැවැත්මේ දේශගුණික කම්පනවලට අපි මුහුණදී සිටිමු. නමුත් අපි මෙම චක්‍රය බිඳදැමිය යුතුයි. සෑම ගංවතුරක්ම, සෑම සුළි කුණාටුවක්ම, සෑම නියඟයක්ම අපව නැවත ආරම්භ කළ ස්ථානයට ගෙනයා නොහැකියි. එබැවින් එම උගුලෙන් මිදීමට ගැලවීමේ සැලැස්මක් ගොඩනගා ගැනීමට අපට උදව් කරන ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. දේශගුණික ප්‍රතිරෝධ යටිතල පහසුකම් ගොඩනැගීමට අපට උදව් කරන්න. මෙම ප්‍රතිසංස්කරණ මගින් අපිව ගලවාගනු ඇත….’

මෙලෙස මෙරට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් මහා පාරිසරික ව්‍යසනයට අදාළව ජාත්‍යන්තරයෙන් සහාය සහ ආධාර උපකාර ඉල්ලීමක් සිදුකර ඇත. එනම් ඉහත ‘නිවුස්වීක්’ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ බව පැහැදිලිවම දක්නට හැකිවිය. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙරටට අදාළ තවත් සුවිශේෂ කරුණු කිහිපයක් ගැනද අවධාරණය කර ඇති ආකාරය දක්නට හැකි විය. එනම් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ණය අර්බුදය ගැනද ඔහු මෙසේ අදහස් දක්වා තිබිණි.

‘ශ්‍රී ලංකාව ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන අතරතුරදී තමයි මේ විනාශකාරී ‘දිට්වා’ සුළි කුණාටුවට මුහුණ දුන්නේ. ශ්‍රී ලංකාව මුහුණදී සිටි ඓතිහාසික ණය අර්බුදයට අපි විසඳුමක් ලබාදී එය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කළා. අපි ඩොලර් බිලියන 25ක් ප්‍රතිව්‍යුහගත කළා. ඩොලර් බිලියන 3ක් කපාහැරියා. නමුත් දැන් අපි අපේ පාලනයෙන් ඔබ්බට ගිය විශාල අර්බුදයකට මුහුණදී සිටිනවා. මෙලෙස දේශගුණික විපත්වලින් රට ගොඩනැගෙන අතරතුර ණය ගෙවීමේ අර්බුදයටද අපි මුහුණ දෙනවා. මේ නිසා මම ඉල්ලා සිටිනවා දේශගුණික විපර්යාසවලට ගොදුරුවිය හැකි ණය බරින් පෙළෙන රටවල් සඳහා නව ප්‍රවේශයක් ලබාදිය යුතුයි කියලා. මේ නිසයි දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් සඳහා ණය තිරසාර රාමු වෙනස් විය යුත්තේ…’

මෙම ප්‍රධානතම විෂය පථයට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනද අවධානය යොමුකර තිබිණි. එහෙත් ඒ සියල්ලක් ලියා තබන්නට මෙහි ඉඩක් නැත. ‘දිට්වා’ සුළි කුණාටුවේදී ආධාර උපකාර කළ විදෙස් රටවල් සඳහා ඔහු තම කෘතඥතාව පුදකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සීමාකාරී අන්තර්ජාල ආරක්ෂණ නීති ප්‍රතිසංස්කරණය කිරීමට තමන් කැපවී සිටින බවටද ඔහු පොරොන්දු වී ඇත. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම කෙරෙහි විශාල අවධානයක් යොමුකරන බවද ඔහු අවධාරණය කර ඇත. එසේම මෙරට තුළ වංචාව සහ දූෂණය නැතිකර දැමීම සඳහා විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවද ප්‍රකාශ කර ඇත. දශක ගණනාවක් පුරා මෙරට තුළ මුල් බැස ඇති වංචාව හා දූෂණය නැතිකිරීමට පද්ධතිමය වෙනසක් අත්‍යාවශ්‍ය බවද ඔහු අවධාරණ්‍ය කර ඇත. ලෝකයේ සිටින සෑම බලවත් රටක් සමගම ශ්‍රී ලංකාව සුහදව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාව ඔහුගේ ප්‍රථම විදෙස් මාධ්‍ය සාකච්ඡාව විය.

ඇමෙරිකාවෙන් ප්‍රකාශයට පත්කරනු ලබන ‘නිවුස්වීක්’ (Newsweek) සඟරාව දැනට ලෝකයේ ඉතා පැරැණි, ජනප්‍රිය මාධ්‍ය සඟරාවක් වෙයි. එය මුලින්ම මුද්‍රණය කර ඇත්තේ 1933 වසරේදී වන අතර, එනම් දැනට වසර 92ක ඉතිහාසයක් ඇත. මෙය සතිපතා පළකෙරෙන ප්‍රකාශයක් වන අතර සතියකට ලොව වටා මිලියන 4ක (ලක්ෂ 40ක්) පිටපත් විකිණෙයි. එමෙන්ම මෙය භාෂා 10කින් මුද්‍රණය කිරීම සිදුකරනු ලබයි. තවද මෙම සඟරාව මුද්‍රිත ප්‍රකාශනයට අමතරව අන්තර්ජාල ප්‍රකාශනයන් ලෙසද එළිදැක්වෙයි. මේ ආකාරයට මෙම සුවිශේෂ ප්‍රකාශනය පරිශීලනය කරන පාඨකයන් ප්‍රමාණය මිලියන 10ක් (කෝටි 01ක්) ඉක්මවා යනු ඇත.

ප්‍රකට ‘නිවුස්වීක්’ සඟරාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙම සුවිශේෂ මාධ්‍ය සාකච්ඡාව සිදුකර ඇත්තේ ලොව ප්‍රකට මාධ්‍යවේදියකු වන දනිෂ් මන්සූර් බාත් විසිනි. ඔහු නිවුස්වීක් මාධ්‍ය ආයතනයේ ආසියාතික කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ආසියාවේ භූදේශපාලනය, ත්‍රස්තවාදය, මානව හිමිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව ඔහු විශේෂ ලිපි සම්පාදනය කරයි. එසේම ඔහු අවස්ථා රැසකදී ආසියාවේ රාජ්‍ය නායකයන් රැසක් සමග මුහුණට මුහුණලා සිදුකෙරෙන මාධ්‍ය සාකච්ඡා පවත්වා ඇත. ඉන්දියාවේ උපත ලැබූ දනිෂ් මන්සූර් බාත් දැනට ඇමෙරිකානු පුරවැසියකු වෙයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආපදාවේ පසු සටහන: වැඩිම මරණ වුණේ කොහෙද? වැඩිම හානි කොහෙටද? වැඩිම අවතැන් කොහෙද? වැඩිම හානි කොහොමද? Sri Lanka Latest News

Next Post

සජිත්ගේ උදව් ‘ප්ලීස් එපා’ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.