• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එස්.බී. – රන්ජන් කට වරද්දාගත්තා! ඊළඟට ලක්මාලිද? Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි වැටුප් ගන්නෙ නෑ කියලා නෑ! මගේ ගිණුමට වැටුප එනවා! ඉතින් මොකද්ද ප්‍රශ්නේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක වරුණ රාජපක්ෂ මහතා සිය යූටියුබ් නාලිකාව හරහා සිදුකළ අදහස් දැක්වීමක් පහත පළවේ.Sri Lanka Latest News

ලක්මාලි හේමචන්ද්‍ර ඊයේ පෙරේදා කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණු මොකක් හරි සම්බන්ධීකරණ කමිටුවකදී කියනවා,

‘මේ ඕ.අයි.සී. මහත්තයා? කෝ බලන්න. ඕ.අයි.සී. මහත්තයා, මම කිව්වා නේද ඔයාට දැන් මේ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන්න එපා’ කියලා.
(වීඩියෝවක කොටසක් ඉදිරිපත් කරයි)

ලක්මාලි හේමචන්ද්‍ර – ‘ඕ.අයි.සී. මහත්තයා, ඇයි එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නේ. මම එතකොටත් කිව්වානේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්දා කියලා. කිව්වා නේ එදා අපි එහෙම එකඟතාවයකට ආවා නේද?’

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා කියන්න පුළුවන් කාටද? ජනාධිපතිටවත් පුළුවන්ද? බැහැනේ. අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කරන්න එපා නම්, ආයේ ගිහින් අධිකරණයට කරුණු කියන ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය දන්නේ නැද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්? මේ ක්‍රමය දන්නේ නැද්ද නීතිඥ කෙනෙක්? පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ කෙනෙක් කියනවා. එතකොට නොදැන කළ වරදත් කියන්න බැහැ. නීතිය ඉතාම හොඳට දන්න ලක්මාලි හේමචන්ද්‍ර කියනවා, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන්න එපා කියලා මම කිව්වා ඕ.අයි.සී. මහත්තයා, ඇයි එහෙම කළේ? පොලිස් නිලධාරියකුට බලපෑමක් කරනවා, නීති විරෝධී කටයුත්තක් කරන්න. පොලිස් නිලධාරියකුට බලපෑමක් කරනවා, ඔහු ඇයගේ තනතුර පාවිච්චි කරලා, රජයේ ආයතනයක්, සම්බන්ධීකරණ කමිටුවක්, නිල රැස්වීමක්, මේක ටෙලිෆෝන් කෝල් එකක්, යාළු මිත්‍රකමක් නෙමෙයි, බොහොම ප්‍රසිද්ධියේ, සමාජය ඉස්සරහා, බොහොම විවෘතව කියනවා, මෙන්න මෙහෙම මේ නීතිය කඩකරලා කටයුතු කරන්න කියලා. එතකොට මේ වරද වැටෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මොන විදිහේ වරදකටද?

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, අපිට අධිකරණයට අපහාස කරන්න බැහැ. අපි අධිකරණයට, ඒ කියන්නේ අධිකරණය කියන, ඒ කියන්නේ අධිකරණ භූමියට හරි, පුද්ගලයෙක්ට හරි නෙමෙයි, අධිකරණ ක්‍රියාවලියට. ඒ කියන්නේ අධිකරණයේ විභාග වෙන දෙයක් ගැන කතාකිරීමෙන්, ඒකට බලපෑම් කිරීමෙන්, අධිකරණ තීරණයක් පිළිගන්නේ නෑ කියලා ප්‍රකාශ කිරීමෙන්, එවැනි ඕනෑම කාරණාවකින් අධිකරණයට අපහාසයක් කරන්න කිසිවෙක්ට අයිතියක් නැහැ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. එතකොට එස්.බී. දිසානායක මොකක්ද කිව්වේ? එස්.බී. දිසානායක කිව්වා වචනයක් කියලා, ඒ අධිකරණයේ තීරණ මම පිළිගන්නේ නෑ කියලා. එතකොට ඒ අධිකරණයේ තීරණ පිළිගන්නේ නෑ කියලා කියපු එස්.බී. දිසානායක, අවුරුදු දෙකකට හිරේ ගියා. ඊළඟට රන්ජන් රාමනායක කිව්වා, මේ අධිකරණයේ දෙන තීන්දුවලින් සියය ගානක් දූෂිතයි කියලා. අධිකරණයේ දෙන තීන්දු දූෂිතයි කියලා කියපු රන්ජන් රාමනායක අවුරුදු දෙකකට හිරේ ගියා. එතකොට රන්ජන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, හැබැයි රන්ජන් නළුවෙක්, රන්ජන් නීතිඥයෙක් නෙමෙයිනේ. රන්ජන්ට වඩා ලක්මාලි කරන වැරැද්ද බරපතළයි. ලක්මාලි රන්ජන්ට වඩා නීතිය දන්නවා, දැනගෙන ඉන්න ඕනේ. කළු කෝට් එක දාගත්තේ ඇත්තටම නම්. කොහොම නමුත් ඇය නීතිඥයෙක්, ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. දන්නවා, දැනගෙන, ආපහු රජයේ නීතිය ක්‍රියාත්මක කරන, අධිකරණයෙන් ලබාදීපු තීන්දුවක් ක්‍රියාත්මක කරන නිලධාරියකුට කියනවා, ‘මම ඔයාට කිව්වා ඕක කරන්න එපා කියලා’. කොහොමද ඒක කියන්නේ?

දැන් එහෙම කියනවා නම්, මම කියන්නේ මේක මේ රටේ නීතිය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම කියන්නේ අධිකරණයට භාරයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩක්, ලක්මාලිගේ කළු කෝට් එක දිගටම තියනවද? අධිකරණයට අපහාස කරලා උසාවියේ නීතිඥයෙක් විදිහට ඉන්න බැහැනේ. පාර්ලිමේන්තු ධුරයේ ඉන්න පුළුවන්ද? ගෙදර ඉන්න පුළුවන්ද? නිල් බස් එකේ යනවද? ඒවා අධිකරණයෙන් ඉදිරියේ තීරණය කරන්න ඕනෙ කාරණා. හැබැයි අපිට තියෙනවා වෙන ප්‍රශ්නයක් මේකේ. ඒ තමයි ලංකාවේ දැන් මේ වෙලාවේ ආණ්ඩුව එහෙම අධිකරණ තීරණවලට බලපෑම් කරනවා නම්, ඊළඟට පාර්ලිමේන්තුවේ කතාවුණා, අධිකරණ තීරණවලට බලපෑම් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ මාරුවීම් වුණා වගේ කතාවකුත් පාර්ලිමේන්තුවේ කියැවුණා. ඒ වගේම අපි දන්නවා පොලිසිය තමන්ට ඕනෙ විදිහට හසුරුවනවා. දැන් ඒක බොහොම පැහැදිලිව කියවුණානේ. අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා කියලා එයා කිව්වනේ. එතකොට එයා කියනවා එපා කියලා පොලිසියට. පොලිසියට නියෝග දීමේ බලයක් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අරන් තියෙනවා. අහවලා අත්අඩංගුවට ගන්න, මෙයා අත්අඩංගුවට ගන්න එපා, මේ වගන්ති යටතේ පැමිණිලි දාන්න, එහෙම කරන්නට ආණ්ඩුවකට පුළුවන්ද? අපි ඕක තමයි මේ දිගටම කිව්වේ මේ රටේ නීතිය කියන එක වල්වදිමින් ඉන්නවා, මේ රට නීතිය අවභාවිත කරගෙන, ‘රූල් බයි ලෝ’ කියන ක්‍රියාවලියට ගිහින් තියෙනවා. නැත්නම් ‘වෙපනයිසේෂන් ඔෆ් ලෝ’ නීතිය ආයුධයක් ලෙස භාවිත කිරීමේ තත්ත්වයට ගිහින් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මම මතක් කරන්න ඕනේ. දැන් අල්ලස් දෙපාර්තමේන්තුව ගැන අපි හැමදාම කියනවා. අල්ලස් එකට දිගින් දිගටම ගිහින් තියෙනවා මේ ආණ්ඩුවේ අයගේ චෝදනා. අධිකරණයට විතරක් නෙමෙයි, අල්ලස් එකටත් ගිහින් තියෙනවා මේ ආණ්ඩුව සම්බන්ධයෙන්, අර පුණ්‍යශ්‍රී ගැන, වසන්ත ගැන, හුඟක් අය ගැන චෝදනා ගිහින් තියෙනවා. තාම එක චෝදනාවක්වත් අපිට ආරංචියක් නැහැ විභාග කරනවා කියලා. අපි ඉතින් හැම වෙලේම ඒක මතක් කරනවා. ඒ වගේම අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා පෞද්ගලික යෝජනාවක් ගෙනත් තිබුණා, අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 70 දක්වා වැඩිකරන්න ඕනේ කියලා.

දැන් ගෝල්ෆේස් අරගලේ එහෙම ආවේ මේ වයසක මිනිස්සුන්ට ගෙදර යතුරක්වත් භාරදෙන්න එපා කියලනේ. අපි එහෙම කියන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් පිළිගත් විශ්‍රාම වයස් සීමාවක් තිබෙනවා. සමහරක් වෘත්තිකයන්ට 60යි, සමහරක් වෘත්තිකයන්ට උපරිම 65යි. ඉතින් අපි දන්නවා 65න් පස්සේ ඉතින් විශ්‍රාම ගන්න ඕනේ. ඉතින් එතකොට ඒක 70ට ගෙනියන්න ෆයිසර් යෝජනා කරන්නේ ඇයි? ෆයිසර් මාලිමාවෙද? ෆයිසර් මේ සිද්ධ වෙන ක්‍රියාවලියට මොකක් හරි, දැන් මේ ලංකාවේ මේ මේ වෙලාවේ අපි අර කලින් කතා වුණු, සිද්ධ වෙමින් යන ක්‍රියාවලිය හොඳට යනවා, නියමෙට යනවා වගේ අදහසක ඉන්නවද? එහෙම නැත්නම් ෆයිසර් මොකක් හරි ඩීල් එකක්ද? ෆයිසර්ගේ පක්ෂයේ සිලින්ඩරේ. සිලින්ඩරේ ප්‍රධානීන්ගෙන් අහන්නේ, ඇයි ෆයිසර්ට එහෙම හිතුණේ? ඉතින් ඒකත් හිතන ගමන්ම, හැබැයි ඊට වඩා වැඩිපුර අර ලක්මාලි කියපු ප්‍රකාශය ගැන හිතන්න.

වරුණ රාජපක්ෂ

SendShareShare
Previous Post

මැතිවරණ කොමිසමටවත් පළාත් සභා තියන්න රටේ නීතියක් නෑ! Sri Lanka Latest News

Next Post

සමහරු මාස ගණන් ඉන්නවලු! ඩොලර් මලු ලංකාවෙදි ලෙහෙනවලු! සමහරුන්ට යන්න හිතෙන්නෙ නෑලු! මුළු ලෝකෙම අවධානෙ ලංකාවටලු! ලෝකෙ වටෙන්ම ඇවිත් මිරකල් ඩෝම් එකේ මොකක්ද වෙන්නෙ…? Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.