• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහරු මාස ගණන් ඉන්නවලු! ඩොලර් මලු ලංකාවෙදි ලෙහෙනවලු! සමහරුන්ට යන්න හිතෙන්නෙ නෑලු! මුළු ලෝකෙම අවධානෙ ලංකාවටලු! ලෝකෙ වටෙන්ම ඇවිත් මිරකල් ඩෝම් එකේ මොකක්ද වෙන්නෙ…? Sri Lanka Latest News

October 25, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
සමහරු මාස ගණන් ඉන්නවලු! ඩොලර් මලු ලංකාවෙදි ලෙහෙනවලු! සමහරුන්ට යන්න හිතෙන්නෙ නෑලු! මුළු ලෝකෙම අවධානෙ ලංකාවටලු! ලෝකෙ වටෙන්ම ඇවිත් මිරකල් ඩෝම් එකේ මොකක්ද වෙන්නෙ…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වලාකුළු රෑන් රෑන් ඇවිල්ලා පොදිගැහුණු කඳුමුදුන් පසුබිමේ පිපුණු නමක් ගමක් නැති පාට පාට මල් ඔබට මුණගැහේවි. මිටියාවත්වල නිල්ල නිලන තුරු මුදුන් අතරින් ඉර එළිය හොරෙන් හොරෙන් රිංගන හැටි ඔබට පෙනේවි. නොදන්නා තැනක උපන්න පුංචි දියපාරක් හදිසියෙම දියඇල්ලක් වෙන හැටි ඔබට පෙනේවි. තුරු මුදුන් අස්සෙ ගී කියමින් පුංචි කුරුලු කිරිලියො ඔබට මුණගැහේවි. ඔබ වාහනේ කවුළුවක් ඇරපු ගමන්ම ඇවිල්ලා ඔබේ සියොළඟම සිඹින හීත හුළං රැල්ලක් වාහනය අස්සට රිංගාගනීවි. එහෙම යන අතරෙ ඔබට කැමති නම් නතරවෙන්න, පාර අයිනෙ තියෙනවා පුංචි කඩේකින් නයිමිරිස් දාලා හදපු ඉඳලෝළු හතු මාළුවක් එක්ක රස රොටියක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්න පුළුවන්. මේ හැමදේම එක්ක පිටරැටියෙක්ට ලංකාවට යන්න ආයෙ හිතන්නවත් ඉඩක් ඉතිරි වෙන්නෙ නෑ. ඇත්තටම මේ පුංචි රට සුරංගනා ලෝකයක්. සුරංගනාවියො සිය ගානක් අහසින් පොළොවට බහිනවා. ඈතින් ඈතට නිල්ල නිලන කෙත් යාය. වෙල් ඉහත්තාවේ වැව් තාවුල්ල. වෑදිය නිල්ලෙ පිපිණු ඕළු, නෙලුම්, මානෙල් මල් සුවඳ හොරකම් කරගෙන පැනලා දුවන සුළං රැල්ලක්. ඒ තරම්ම ලස්සන පාරාදීසයක දුප්පත්කම පිරිලා ඉතිරිලා යන්නෙ ඇයි? Sri Lanka Latest News

ඒකට හේතුව අපි සුරංගනා ලෝකයක් හංගාගෙන ඉන්න එක. ලෝකෙ ලස්සනම දේවල් අපි ළඟ තිබිලත් අපි ඒ සුන්දර ලෝකෙට ආරාධනා නොකරන එක. අපි අපේ දුප්පත්කමට විසඳුමක් විදියට තෝරාගෙන තියෙන්නෙ සංචාරක කර්මාන්තය. ඒක හොඳ තෝරාගැනීමක්.

අපි යන්තම් ඉහ ගහගෙන ඉන්නවා තමයි…
ඒත්….

ඒත් තවදුරටත් සංචාරකයො මේ රට බලන්නම එයිද? අපි සංචාරකයන්ට එන්න හිතෙන්න මොනවද කරන්නෙ? පටන්ගත්ත තැන කියපු විදියට අපේ රට ලස්සනයි තමයි. ඒත් ඒ ඇතිද? ලෝකෙ බොහෝ රටවල් බොහෝ දේ කරනවා. එක දෙයකින් නතර වෙන්න බෑ.

ලෝකෙ පුරාම බිලියන අටකට වඩා වැඩියෙන් මිනිස්සු ඉන්නවා. ඒ හැමෝම ආස එකම දේකට නෙමෙයි. පරිසරයේ සුන්දර බව හොයාගෙන එන්නෙ ටික දෙනෙක් විතරයි. සමහර අයට මේ ගහකොළවලින්, නිල්ල නිලන කෙත් යායෙන්, ගිරිසිරසෙන්, දියඇල්ලෙන් වැඩක් නෑ. එයාලා හොයන්නෙ ඉතිහාසය. ග්‍රීසියෙ මිසරයෙ කරක්ගහන අය ලංකාවට ගෙන්න ගන්න හිතන්න ඕනෙ. සමහර අය හොයන්නෙ අභියෝග. ඒ අය එන්නෙ කඳු නගින්න, විශාල පල්ලම් බහින්න, හෙළකට පනින්න. සමහර රටවල මිනිස්සු යන්නෙ බෙහෙත් ගන්න. සිංගප්පූරුවෙ රෝහල්වලට යන අය එයාලගෙ ප්‍රධාන ආදායම් මාර්ගයක්.

ඒ අතර සමහර අයට මේ කිසිම දෙයක් වැඩක් නෑ. එයාලා හොයන්නෙ දෙවියො. එයාලා හොයන්නෙ ඇදහීම්. එයාලා හොයන්නෙ විශ්වාස. එහෙම මිනිස්සු පන්දහසකට ආසන්න ප්‍රමාණයක් විවිධ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ කරගෙන ඒ මිනිස්සුන්ගෙන් මේ රටට වගේම ඒ එන අයටත් වැඩක් වෙන අපූරු වැඩක් වෙනවා.

ඒක වෙන්නෙ කටුනායක, කටුනායක නයිකන්ද අසබඩ තියෙන මිරකල් ඩෝම් එකේ. දේවගැති ජෙරොම්ගෙ සංකල්පයකට අනුව ලෝකය පුරාම රටවල ඉන්න විදේශිකයො ලංකාවට ඇවිල්ලා ඉන්නෙ. ඒ අය අතරින් ඇතැම් අය මාස කීපයක් ලංකාවෙ ඉන්නවා. සමහරු අඩුම තරමෙ මාසයක් ඉන්නවා. සමහර අය සතියක් දෙකක්වත් ඉන්න බලාගෙන ඇවිල්ලා ඉන්නෙ. ඒ අය ලංකාවෙ නතර වෙන්නෙ හෝටල්වල. කන්නෙ බොන්නෙ හෝටල්වලින්. යන්න එන්න යොදාගන්නෙ ලංකාවෙ ගමන් පහසුකම්. බොහෝ විට ඒ අය අපිට ගෙවන්නෙ ඩොලර්වලින්. ඒ ඩොලර් එකතු වෙන්නෙ ලංකාවෙ විදේශ මුදල් සංචිතවලට.

මේ දේවගැති ජෙරොම්ගෙ මූලිකත්වයෙන් සිද්ධවුණු දොළොස් වැනි ජාත්‍යන්තර අමුත්තන් මුණගැසීමේ සැසිය. ඒ නිසා මේක අමුතු දෙයක් නෙමේ. ඒ අය කියන විදියට මේ සැසිය සඳහා ලෝකය පුරා රටවල් තිහකට ආසන්න ප්‍රමාණයකින් ජාත්‍යන්තර අමුත්තො ඇවිල්ලා ඉන්නවා. ඒ අය අතර ඉන්නවා ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජපානය, ඉන්දියාව වැනි බොහෝ රටවල අය. පසුගිය වසරේ මෙවැනි රැස්වීමකදි තමයි දේවගැති ජෙරොම්‍ ඉන්දියානුවන් අමතා ඔවුන්ගේ ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ අනතුරු ගැන දිවැසි වාක්‍ය ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ සමගම ඉන්දියාව තුළ අතිශය ජනාදරයට පත්වීම හේතුවෙන් මෙවර සැසියට වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නෙත් ඉන්දියාවෙන්.

ඒ අය එන්නෙ දේවගැති ජෙරොම් කෙරෙහි තියෙන විශ්වාසයෙන් සහ ආදරයෙන් යුක්තව. විශේෂම දේ වෙන්නෙ මේ හැමෝම ඔහු ගැන හොඳින්ම දන්නවා. ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ කොහොමද කියලා. ලියන අපිටත් ඒ ප්‍රශ්නයම ආවා. කොහොමද දේවගැති ජෙරොම් ජාත්‍යන්තරයට අමතන්නෙ?

ඇත්තටම දේවගැති ජෙරොම් මේ වෙනකොට ලෝකය පුරාම තියෙන ප්‍රධාන පෙළේ ආගමික නාලිකා රැසක සිය විශේෂ දේව මෙහෙයයන් ඉදිරිපත් කරන බව ඔවුන් මට කිව්වා. God TV, Daystar, The Word Network, Yes TV (Canada), Zee Tamil, Big J TV, Apple TV, Roku TV ඔස්සේ ලෝකයට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයෙක් විදියට දේවගැති ජෙරොම්ට ලැබිලා තියෙනවා. Glorious TV, Glorious FM ඔස්සේ ආයතනික මට්‍ටමින් ඉදිරිපත් කිරීම් කෙරෙනවා. ඒ වගේම youtube සහ සාමජමාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන ආමන්ත්‍රණයන් මේ වෙද්දි ඉතාම සාර්ථකයි. ඒ වගේම TV Supreme ඔස්සේ දේශීයව කෙරෙන ප්‍රචාරණයත් අද වෙනකොට සිද්ධ වෙනවා. Global Apostolic Diocese of Ceylon (GADC)හි බිෂොප්වරයා විදියට කටයුතු කරන දේවගැති ජෙරොම්ගෙ සංකල්පයක් විදියටයි මේ සියල්ල සිද්ධ වෙන්නෙ.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ටේ්‍රලියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රාජ්‍යයන්හි මධ්‍යස්ථාන පිහිටුවා ගනිමින් මේ අය ජාත්‍යන්තරය සමග ඍජු සබඳතා ගොඩනගමින් ඉන්නවා.
ශ්‍රී ලාංකිකයෙක් විදියට ඔහු ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගත් සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා නම් ඒකත් ජයග්‍රහණයක්. මේ අපි දකින්නෙත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන තියෙන කීර්තියේ ප්‍රතිඵල. එහෙම නැත්නම් ඩොලර් දහස් ගානක් වැය කරලා, දින ගණනාවක් කැපකරලා, නොදන්නා රටකට එන්න මේ මිනිස්සු පෙලඹෙන්නෙ නෑ. ඒ වගේම මිරකල් ඩෝම් එක ඇතුළෙ තියෙන දැවැන්ත සැලසුම. ඒ කාර්ය මණ්ඩලයේ තියෙන කාර්යක්ෂම බව මේ විදේශීය අමුත්තන්ට විශාල සුවපහසු බවක් නිර්මාණය කරන්න ඇති. ඒ නිසාම ඒ අයට මිරකල් ඩෝම් එක ගැන විතරක් නෙමේ, මේ රට ගැන පවා ඇති වෙන්න ඇත්තෙ අප්‍රමාණ පැහැදීමක්. ජාත්‍යන්තර නාලිකාවක දැක්ක දේ ශ්‍රී ලාංකාවෙ මහපොළොවෙ සත්‍ය වෙන විදිය දැක්කම ඒ අයට විශාල පැහැදීමක් නිර්මාණය වෙන එක නවත්තන්න බෑ.

කොලොම්බියාවෙ ඉඳලා ආපු ග්ලෝරියා කියලා තිබුණ ඈ මෙවැනි රටක් ගැන දැන නොසිටි බව. ප්‍රංශ ජාතික ආරනෝ කියන්නෙ ඔහු දේවගැතිවරයා කියන තුරු මේ රටෙන් නොයන බව.

ඔක්තෝබර් මාසෙ 20 ඉඳලා 24 දක්වා පැවැත්වුණු මේ සැසිය ඉතාම සාර්ථකව නිමාවීම අපේ විතරක් නෙමේ රටේම ජයග්‍රහණයක් කියලයි ඒ අය අපිට කියන්නෙ. මේ විදියෙ සැසියක් පැවැත්වුණේ 12 වැනි වතාවට. මේ විදියට ජාත්‍යන්තර මුණගැසීම් කීපයක් කෙරුණොත් ඒක ලෝකය ඉදිරියේ සන්නාමයක් බවට පත්වේවි. ආගමික සංචාරකයන් නිතර යනෙන තැනක් බවට ලංකාව පත්වේවි. අපේ රටේ හෝටල්වල ඔවුන් නවාතැන් ගනීවි. ඒ අය අපේ ආහාර හොයාගෙන යාවි. අපේ ආහාර වෙනුවෙන් වියදම් කරාවි. අපේ දේ මිලට ගනීවී. අපේ අයට මුදල් ලැබේවි. අපේ සංචාරක මගපෙන්වන්නන්ගෙ සහාය ගනීවි. විවේකයේදී සීගිරි යාවි. හික්කඩුවට ඒවි. නුවරට, නුවරඑළියට පැමිණේවි. ඉතින් අපි ජාති ආගම් කුල භේද නොසලකා අත්පුඩි ගහමුද, ස්තුතියි ඔබට කියලා…?

ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් දැනගන්න කතාකරන්න +94 117 774 877
WhatsApp +94 773 477 477

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එස්.බී. – රන්ජන් කට වරද්දාගත්තා! ඊළඟට ලක්මාලිද? Sri Lanka Latest News

Next Post

මෝදි හරිනිව රතු කාපට් දාලා පිළිගත්තේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.