• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු හැංගිලා ඉන්නෙ කතරගමද? ‘මව්රට’ හොයන්න යයි! පන්සලක ඉන්නවලු! හෝටලේක ඉන්නවලු! හේන් වාඩියක ඉන්නවලු! Sri Lanka Latest News

March 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දේශබන්දු හැංගිලා ඉන්නෙ කතරගමද? ‘මව්රට’ හොයන්න යයි! පන්සලක ඉන්නවලු! හෝටලේක ඉන්නවලු! හේන් වාඩියක ඉන්නවලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ වැස්සක් මැද්දේ කොළඹින් පිටත්වෙච්ච අපිට කතරගමට යන්න ඕනෙත් ඒ වැස්සෙමයි. එක සීරුවේ පොළොවට වැටෙන වැහි දියට විදුලි එළි දියවෙලා. පාර පුරා වැක්කෙරිලා. අධිවේගය අඩු වේගයක් කරන්න නීති හදලා. වෙනදා තැඹිලි පාටට පත්තු වුණු විදුලි එළි අද රතු පාටයි. ඒ අනතුරු සහිත බව යනෙන අපිට දන්වන්න. කවුදෝ කෙනෙක් ගත්ත තීන්දුවකට අවනත වුණු පහන් කණු ඇස් පියාගෙන. අපිට යන්න වෙලා තියෙන්නේ කෑලි කපන්න පුළුවන් තරමේ අන්ධකාරයක් මැදින්. පාරේ අලි ඉන්නවා කියලා සඳහන් කරලා තියෙන අධිවේගයේ මාර්ග සංඥා පුවරු වාහන එළියෙන් පෙනී නොපෙනී යනවා. කොයි වෙලාවේ අලියෙක් මතුවෙයිද කියලා හිතන්න විතරයි අධිවේගයේ බලධාරීන් මහජනතාව වෙන අපිට ඉඩකඩ හදලා තියෙන්නේ. හුදී ජන පහන් සංවේගය උදෙසා භයානක මොනරු ගැන අපිට නොතේරෙන භාෂාවෙන් සුද්දන්ට කියල දෙන ඒ මහත්තුරු අධිවේගයේ අනතුරුවලින් ජීවිත දෑත් දෙපා අහිමි වූවන්ව සදහටම අමතක කරලා කියලයි මට නම් හිතුණේ. ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය කරලා වැඩි කාලයක් නැති වුණාට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිහිල්ලත් ඉවරයි. ඒ තමයි සනත් නිශාන්ත මහත්මයා. අඩි පාරක හෙමින් හෙමින් ඇවිදින ගල් ඉබ්බෙක් වගේ පිටිපස්ස පැත්තෙ කිසිම ආලෝකයක් නැතිව හෙමින් හෙමින් යමින් හිටපු ලොරි දැක්කම අපිට ඔහුව මතක් වුණා. ඒ වගේම අධිවේගී මාර්ගයට ඇතුළු වෙනකොට හොඳින් දෙපයින් ආපු අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් මේ අධිවේගයෙන් පිට වෙන්නේ තමන්ගේ දෙපයින් එකක් අහිමි කරගෙන. ඒ නිසා හිතන්න, හිතෙන්න දේවල් ගොඩක් තියෙද්දී අපි මත්තලින් පිටවුණා. ඒ, ඉඩකඩම්, දේපළ, ගේදොර අහිමි කරගත්තු සියලු සත්වයෝ නිදුක් වෙත්වා… නිරෝගි වෙත්වා… සුවපත් වෙත්වා… කියලා හිතාගෙන. Sri Lanka Latest News

අපි වැඩ ගොඩකට, ඒ අස්සෙ මෙන්න බොලේ කියවෙච්චි දේශබන්දු ඉන්නෙ කතරගමලු. උන්දැ හැංගිලා ඉන්නවලු. ඒ කොහෙ ද? කොතැන ද? වගේ කතන්දර අස්සෙ අපිත් ගේමට බැස්සා. දේවාලෙද දේවේලෙ කපොලකද පන්සලේද පින්සල් විකුණන තැනකද බණ මඩුවෙද බොන තැනද කෝවිලේද මල් විලේද පල්ලියකද පිල්ලියකද හෝටලේකද හෝටලේ දාන තැනද යාල කැලේ ගල්ගුහාවකද අයාලේ යන පොට් එකකද කාගෙ හරි විශ්‍රාම ශාලාවකද ගෙදරකද කක්කුස්සියකද මහ පාරෙද බස් එකකද වාහනේකද බැංකුවකද ඔෆිස් එකකද ගාමන්ට් එකකද බුලත් කොරටුවකද එළවළු කොටුවකද වැටකොළු මෑ පතෝල මැස්සකද පොත් කඩේකද වට්ටි කඩේකද මල් කඩේකද මල් විකුණන තැනකද බාර් එකකද බාර් ඇසෝසියේෂන් එකේ කෙනෙක්ගෙ ගෙදරද අපි දන්නෙ නෑ.

ඇයි එහෙම කියන්නෙ?
දේශබන්දු මල් වට්‍ටියක් දෝතින් අරන් කිරි වෙහෙර වැන්දා. ලොකු වට්ටියක් කරේ තියාගෙන දෙයියො ගාවට ආවා. මිනිස්සු එහෙම කියනවා. පොලිස්පති කෙනෙක් එහෙම වෙන්නෙ ඇයි?

‘හොරකං වහගන්න…’ මිනිස්සු කියනවා. බලු වැඩවලට හොරකම්වලට සපෝට් එක දෙන එක පොලිස්පති කෙනෙක්ගෙ වැඩක්ද?
අපි කෙළින්ම අහනවා.

මේ කතරගම හැංගිලා ඉන්නවා කියන්නෙ කොහෙද ඇත්තටම. අපි එහෙන් මෙහෙන් කටින් කට පැතිරෙන ආරංචිවලින් අන්තිමට ඉසව්වක් ගැන ආරංචියක් දැනගත්තා.
‘පන්සලක්…’

කතරගම තියෙන වැඩසිටි කන්ද හෝ කිරිවෙහෙර නොවන වෙනත් විහාරස්ථානයක නමක් කියැවුණා. ඒ, අතිශය රහසිගත ආරංචියක්. විශ්වාසකටයුතු ආරංචියක් නොවන නිසාත් කටින්කට පැතිරෙන දේවල් කටකතා නිසාත් අපිට නමක් ගමක් සඳහන් කරන්න බෑ.

‘මේ හොයන්නෙ පොලිස්පතිවනෙ?’ එක් අයෙක් කිව්වා.
‘හොයන්නෙත් පොලීසියෙන් නෙ…’

‘ඕඩර් එක දීලා තියෙන්නෙත් පොලීසියෙන්නෙ…’
‘මෙහෙ චෙක් කරනවා නම් කරන්න ඕනෙත් පොලීසියනෙ…’

‘පොලීසිය පොලීසියෙ ඕඩරේකට පොලීසියෙම ලොක්කව හොයනවා…’

ඕක නිසා අදාළ තැන පරීක්ෂා කළා හෝ නොකළා කියා වෙනසක් නෑ කියලයි බොහෝ අය කියන්නෙ.
අපි ඒ ගැන ඉතාම ඉහළ වගකිවයුතු කෙනෙක් එක්ක කතා කළා.

‘මේ වෙලාවෙ ඔය කියන කට්ටිය ඔය තරම්ම අභියෝගයක් ගනී කියලා හිතන්න පුළුවන්ද?’

ඔව් ඒක ඇත්ත. ඒත් ඔහු දීලා තියෙන සපෝට්වල තරමට එහෙම නොකර බැරි වෙන්නත් පුළුවන්.
ඒ වගේම තවත් ආරංචියක් ආව විදියට කිඹුල්ලු ඉන්න වැවක් කිට්ටුව හෝටලයක් ගැනත් කියැවුණා. ඒ පැත්තෙ මීට කලිනුත් රාජ්‍ය මට්‍ටමේ කට්ටිය සෙල්ලම් කරපු පැත්තක්ලු. එහෙ ඉන්න ලොකු මහත්තයෙක්ට කරලා තියෙන උදව්වලට දෙන සපෝට් එකක් වෙන්නත් පුළුවන්ලු.

තව තැනක කියනවා උන්දා හේන් වාඩියක ඉන්නවා වෙන්න පුළුවන්ලු. ඒ වාඩිය කතරගම සීමාවෙම තියෙන තැනක්ලු. අලි වැටවල් එහෙමත් ගහලා තියෙනවලු. පුද්ගලිකව කරන්ට් එක ඇදලා කියලා එහෙම කියනවා.

ඔව්වා ඉතින් අනේ මන්දා. අපි වැහි දියට හේදෙන සුදු වැල්ලෙ පා සටහනක් හෝ නොහිටින්න ආපහු හැරුණා. දෙයියන්ගෙ නෑයොන් ඕනෙ වෙලාවක ඇරෙන අපේ දුකට වෙලාව බලන කෝවිල්වලට පූජා වට්ටි දීලා අපි ආවා. කිරි වෙහෙර පාමුලදි අව්වට දෙපා පිච්චුණා.

පාර පුරා මුරකාවල් සන්ග්ලාස් දාපු තරුණ පොලිස් කොල්ලො අපිට රවනවා. තරුණ කෙල්ලන්ට හිනා වෙනවා. පැයට කිලෝමීටර් හතළිහේ වේගෙන් ඇවිත් දහදොළොස් පොළක නැවතිලා අපි පෙන්නුවා අපේ වාහනේ දේශබන්දු නෑ කියලා. මේ යන විදියට බය හිතුණා බන්දු සමරංසිංහ උනත් හදිස්සියෙ කොටු වෙන්න බෑ. දේශෙ වැඩක් නෑ, උඹත් බන්දුනෙ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වඳුරො 2යි.! රිලව් නැත..! දඬුලේනො‍ නැත..! සජබෙ අජිතුත් නාමල්ගෙ වැඩේට ෆුල් සපෝට්! VIDEO I Sri Lanka Latest News

Next Post

වයිරවර් තේවාර කුලදසාම් – මෝරු මිලහායි – ඉලන්ත පලම් – සුර පලම් – ග්‍රාමීය දේවන්ගල්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.