මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් දෙදෙෙනක් මිය ගොස් තවත් 34 දෙනකු තුවාල ලබා මීගමුව රෝහලට ඊයේ (05) දහවල් ඇතුළත් කර තිබේ.Sri Lanka Latest News
බන්ධනාගාරයේ සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම හට ගෙන ඇති අතර තත්ත්වය උග්රවීම වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බළකාය වහාම කැඳවීමට පියවර ගෙන ඇත.
ගංජා ඡාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර නමැති රැඳවූවෙක් විසින් මෙම ගැටුම මෙහෙයවා ඇතැයි අනාවරණය වී තිබෙන අතර බන්ධනාගාරය තුළ සිදුකරන මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු දීමේ සිද්ධියක් මුල්කර ගෙන මේ ගැටුම හටගෙන ඇතැයි කියැවේ. සිද්ධිය මෙහෙයවු බව කියන පුද්ගලයාද තුවාල ලබා ඇතුළේ රැඳී සිටින බව පැවසෙන අතර තවත් තුවාල ලැබූ පිරිසක් බන්ධනාගාරය ඇතුළත ඇති බවත් ඔවුන් එළියට රැගෙන රෝහල්ගත කිරීමට හැකියාවක් නොමැති බවත් බන්ධනාගාර තොරතුරු මඟින් කියැවේ.
මෙහිදී තත්ත්වය පාලනය කිරීමට මුල් අවස්ථාවේදීම බන්ධානාගාර නිලධාරීන් උත්සහ ගත්තද එය ව්‍යර්ථ වූ තැන ගිනි අවිද රැගෙන නිලධාරීන් බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂක ස්ථානයන් වෙත ගොස් ඇත්තේ රැඳවූවන්ට පලායෑමට ඉඩකඩ අහුරමිනි.
ගැටුම අතරතුරදීම මෙම රැඳවූවන් දෙදෙනා මියගොස් ඇතැයි සැකකරන අතර ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මුහුණු හඳුනාගත නොහැකි තත්ත්වයෙන් පැවැති බව වාර්තා වේ. මියගිය රැඳවූවන්ගේ දේහයන් මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මීගමුව රෝහලට ඇතුළත් කළ රැඳවූවන්ගෙන් 10 දෙනකුට සැත්කම් සිදු කර ඇතැයි මීගමුව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පුෂ්පා ගම්ලත් මහත්මිය පැවසුවාය. මේ අයගේ තත්ත්වය බරපතළ නොවන බවද පැවසේ.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවූවන් 34 දෙනාගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රැඳවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට මීගමුව රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.










