සෙවනගල උක් ගොවීන් දැවැන්ත සටනක් ආරම්භ කොට ඇති බවත්,’ ‘අනුර ගෝ ගම’ සෙවනගලින්, පැල්වත්තෙන් ආරම්භ වීමට නියමිතව ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
සෙවණගල සීනි සමාගම උක් ගොවීන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන දෙසීයකට අධික හිඟ මුදල් නොගෙවීම හා තවත් ගැටලු රාශියක් මුල් කරගනිමින් පෙරේදා (26 වැනිදා) සෙවණගල දංඩුබ මංසන්ධිය අසලදී උද්ඝෝෂණ ව්‍යාපාරක් ආරම්භ කෙරිණ.
දහසකට අධික ගොවීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාවයේදී ගොවීන් පවසා සිටියේ උපරිම ලාබ ලැබූ සෙවනගල සීනි සමාගම වත්මන් පරිපාලනය යටතේ පාඩු ලබන තත්වයකට පත්කර එය විනාශ කිරීමට කටයුතු කරන බවයි.










