ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීමේදී ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු කරුණුක් ඉදිරිපත් නොකර ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ආණ්ඩුව උත්සහ කරන බවත් නෛතිකව එලෙස අනුමැතියක් ලබාගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් එය දේශපාලන උප්පරවැට්ටියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවැසීය.Sri Lanka Latest News
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
‘‘මුදල් අමාත්‍යාංශයේ වාර්තා අනුව 2024 මාර්තු මාසය අවසන් වනවිට රටේ සමස්ථ ණය බර ප්‍රමාණය ඩොලර් බිලියන 100.2 ක් වනවා. එයින් දේශීය ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 57.3 ක්. විදේශීය ණය අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 37 ක්. ඒ වගේම රජය රාජ්‍ය ආයතනවලින් අරගෙන තිබෙනවා ඩොලර් බිලියන 5.9 ක්. සමස්ත විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42.9 යි. එයින් ද්විපාර්ශ්වීය ණය තිබෙනවා ඩොලර් බිලියන 10.6 ක්.
රජය පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.2 කට. පැරිස් සමාජයට අයිති නැති ද්විපාර්ශ්වික රටවල් වලින් ඩොලර් බිලියන 6.4 ක් අරගෙන තිබෙනවා. එයින් ඩොලර් බිලියන 5.8 ක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙනවා. විදේශ ණය වලින් ඩොලර් බිලියන 10 ක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙනවා. ඩොලර් බිලියන 42.9 ක් වන විදේශ ණය වලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරලා තිබෙන්නේ ඩොලර් බිලියන 10 යි. ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.3 ක්.
ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් කිසිදු කරුණුක් ඉදිරිපත් කරන්නේ නෑ. ඒ වගේම ණයප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනුමැතියක් ගන්න ආණ්ඩුව උත්සහ කරනවා. ණයප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් නෛතිවය අනුමැතියක් ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නෑ. එම එකඟතාවය ගන්න යන්නේ ණයප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව කිසිදු දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර.
ඒ වගේම ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් තිබෙන්නේ වාණිජ ණය. එය ඩොලර් බිලියන 14.7 ක්. ඒ ණය ප්‍රමාණයට කුමක් සිදුවෙනවද කියලා කියන්නේ නෑ. ඩොලර් බිලියන 100 ක් ණය තිබෙන රටක ඩොලර් බිලියන 10 ක් ප්‍රතිව්‍යුගතකරණය කරා කියලා එය රටට සුබ ආරංචියක් වෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට භාර ගන්න අවස්ථාවේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83 යි. දැන් ඩොලර් බිලියන 100.2 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා.
ඩොලර් බිලියන 14.7 ක් වන වාණිජ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුගතකරණය කිරිමට ආණ්ඩුව යොමුකළ යෝජනාව වැරදියි. වාණිජ ණය හිමියන්ගෙන් සියයට 28 ක මුහුණත අගය කපා හැරීමක් තමයි ශ්‍රි ලංකාව ඉල්ලලා තිබෙන්නේ. නමුත් ඒ සියයට 28 ට වාණිජ ණය හිමියන් එකඟ වෙලා නෑ. වාර්තා වන අකාරයට වාණිජ ණය හිමියන් සියයට 7 ක මුහුණත අගය කපා හැරීමක් සඳහා තමයි එකඟවෙලා තිබෙන්නේ.
ලංකාව ඩොලර් ආදායමට සාපෙක්ෂව නෙවෙයි වාණිජ ණය හිමියන්ට යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ රුපියල් ආදායමට සාපෙක්ෂව. රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 82 ක් බවට පත් වෙන්නේ වැට් ආදායම ,
බදු ආදායම , පුද්ගලික බදු ආදායම් විශාල ලෙස වැඩි කළ නිසා. එයින් තීරණය වෙන්නේ නෑ රටේ ණය ගෙවීමේ හැකියාව විශාලයි කියලා.
ඒ වගේම ණය ගෙවන්න තිබෙන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර් වලින්. ණය ගෙවීමට ඩොලර් සංචිතය අඩුවෙන අවස්ථාවට පිටතින් ඩොලර් මිලදී ගන්න වෙනවා. එවිට සාමාන්‍ය ඩොලර් අගයට වඩා විශාල අගයකට ඩොලර් මිලදී ගන්න රජයට සිදුවෙනවා. රජයේ රුපියල් ආදායම වැඩිවෙන්නේ රටේ ජනතාවට අධික බදුබරක් පටවලා එයින් ලබාගන්න ආදායමෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රටේ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සහ අපෙක්ෂකත්වය තහවුරු කර ගැනීම සඳහා තිබෙන කලබලය හේතුවෙන් නිසි සාකච්ඡාවක් නොකිරීමෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරිම නිසා රටේ ජනතාවට එයින් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ.
රටේ තිබෙන ප්‍රධාන අභියෝගය තමයි මේ ණය ප්‍රමාණය ගෙවා දැමීම. වචන වලින් හරබ කරලා මේ ණය ප්‍රමාණය ගෙවා දමන්න බෑ. ඒ වගේම බදු වැඩිකරලා රටේ ජනතාව පීඩාවට පත් කරලා මේ ණය ගෙවීම් සිදුකරන්න බෑ. මේ ණය ප්‍රමාණය අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදු බර ලිහිල් වෙලා යම් සහනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. එය සිදු කරන්න නම් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලබාගත හැකි උපරිම සහන ලබා ගත යුතුයි. ඒ වගේම ඩොලර් ආදායම වැඩි කිරිම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අපනයනයෙන් දැනට ලැබෙන්නේ ඩොලර් බිලියන 12 ක මුදලක්. ඩොලර් බිලියන 12 කින් රටක ආර්ථිකයක් ගෙනියන්න බෑ. ඩොලර් ආදායම වැඩි කළ හැක්කේ අපනයන වැඩි කිරිමෙන් සහ සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමෙන්.
ඒ වගේම මුහුණත අගය කපා හැරීම සියයට 7 කට ලබා ගැනීමට සමගි ජනබලවේගය විරුද්ධයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙතෙක් ශ්‍රී ලංකාව නොගෙවපු ණය ගෙවීම නැවත ආරම්භ කළ යුතුයි. මුහුණත අගය සියයට 28 ක් ලෙස ලබා ගත්තත් ඩොලර් මිලියන 800 ක් මේ වසරේ සිට ගෙවිය යුතුයි. ඒ මුදල ගෙවන්න භාණ්ඩාගාරයේ මුදල් සංචිත නෑ. රටේ අපනයනය වැඩි වුණේ නැත්නම් ඒ ණය මුදල ගෙවන්න බෑ. වාණිජ ණය හිමියන් මුහුණත අගය කපා හැරීම සියයට 7 ක් ලබාදෙනවානම් ගෙවිය යුතු ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් මිලියන 1500 ට වඩා වැඩි වෙයි. එපමණ මුදලක් ගෙවන්න ශ්‍රී ලංකාව සතු මුදල් සංචිත නෑ. ඒ මුදල ගෙවන්න රටේ මුදල් අච්චු ගහන්නත් බෑ. එහෙම වුණොත් බදු වැඩි කිරිම තමයි රජය සිදුකරන්නේ.
ඒ වගේම රාජ්‍ය සම්පත් විකුණලා රට වැටි තිබෙන අගාධයෙන් ගොඩ ගන්නත් බෑ. ඒ නිසා අයෝජන සහ අපනයන වැඩි කර ගැනීමට ශක්තිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. එය තනි පුද්ගලයෙකුට සිදුකරන්න නොහැකියි. ඒ සඳහා වැඩපිළිවෙළක් සහ දැක්මක් තිබෙන කණ්ඩායමක් සිටිය යුතුයි. ප්‍රායෝගිකව ඉලක්කයක් ඇතිව වැඩකරන්න පුලුවන් දශක්ෂ කණ්ඩායමක් සිටින්නේ සමගි ජනබලවේගයට පමණයි.
එමෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවානම් ඒ බර රටේ ජනතාව මත පැටවිය යුතු නෑ.
ඒ වගෙම පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම සිදුකළ යුතුත් නෑ. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පරිපර්තනය කිරිම තමයි සිදුකළ යුත්තේ. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව මත පටවන්නේ නැතිව පවත්වාගෙන යන්න නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයට යා යුතුයි. ‘‘