• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවත් යුද්ධයට පටලවමින් ඉරාන නෞකාව ගිලී යයි! ඉරාන නාවිකයන් මුහුද මැදදී ලංකාවේ බෝට්ටුවලට නගිද්දී ඉරානයෙන් ආපු නියෝගයෙන් නාවිකයන් ආපහු හැරෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 13 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉරාන නැව් 3ක් ඇවිත්

කෙසේ වෙතත් මෙම ප්‍රහාර මාලාව දියත් කිරීමට සතියකට පෙර ලංකාව සහ ඇමෙරිකාව සම්බන්ධ වූ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුව තිබිණි. ඉන් පළමුවැන්න වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලියේ පැවැති කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සමුළුවට සහභාගි වන අතරතුරදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් සර්ජියෝ ගෝර් මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වීමය. ජනාධිපතිවරයා ඉන්දියාවේදී මෙසේ සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා කරද්දී ආසියානු පැසිෆික් කලාපයේ ඇමෙරිකානු එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණ දෙන නිලධාරී ස්ටීව් කේලර් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට පියවර ගත්තේය. එම සංචාරයේදී ස්ටීව් කේලර් මෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා රැසකම නිරතව තිබිණි. මෙම සිදුවීම් දෙක සිදුවී දින කීපයක් යෑමට මත්තෙන් ඇමෙරිකාව ඉරානයට පහර දීම ආරම්භ කිරීම නිසා බොහෝ දෙනා සැක මතු කරන්නේ මෙම හමුවීම් සහ සංචාරයන් සමග ඉරාන යුද්ධයේ යම් සබඳතාවක් පවතිනවාදැයි කියාය.Sri Lanka Latest News

යුද්ධය ආරම්භ වී දින කීපයක් යන විට ලංකාවද ඊට සම්බන්ධ වූයේ ශ්‍රී ලංකාවට දකුණෙන් නාවික සැතපුම් 19ක පමණ දුරින් පිහිටි ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා නම් නෞකාව මුහුදුබත් වීමත් සමගය. මෙම නෞකාව ඉන්දියාවේ ආරාධනාවක් අනුව විශාකාපට්නම්හි පැවැති ආරක්ෂක සමුළුවකට සහභාගි වී නැවත ඉරානය බලා පිටත්ව යමින් තිබූ එකකි. එම සමුළුවට රටවල් රැසක් නියෝජනය කරමින් නෞකා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වී තිබිණි. ඒ අනුව සමුළුව නිමා වීමෙන් පසු ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය ඔස්සේ මෙම අයිරිස් ඩේනා නෞකාව ඉරානය දෙසට ගමන් කරමින් තිබූ අතර, එහි නාවිකයන් 180 දෙනකු සිටි බවක් වාර්තා විය. කෙසේ වෙතත් මුලින් ඉරාන නෞකා දෙකක් පිළිබඳ පමණක් කතා කළද ඇත්ත වශයෙන්ම ඉරානයෙන් ඉන්දියාව බලා නෞකා තුනක් පැමිණ තිබිණි.

ගැහුවේ ටෝපිඩෝවක්

ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වීමත් සමග මෙරට නාවික හමුදාවද ගුවන් හමුදාවද වහාම ක්‍රියාත්මක වී නැව ආසන්නයට යද්දී ඔවුන්ට නැවක් දැකගන්නට නොලැබුණු අතර නවාකයන්ගේ සිරුරු 80කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබිණ. ඒ වනවිටත් නැව මුහුදුබත් වී තිබීම හේතුකොටගෙන දිවි ගලවා ගත් නාවිකයන් සහ මළසිරුරු ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණ. නමුත් ගැටලුව පැනනැගුණේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙම මෙහෙයුම සිදුකරන අතරතුරදී රොයිටර්ස් ජාත්‍යන්තර පුවත් සේවය මෙම සිදුවීම වාර්තා කරමින් ඇමෙරිකාව එල්ල කළ සබ්මැරීන ප්‍රහාරයකින් මෙම ඉරාන නෞකාව ගිලීගිය බවට වාර්තා කිරීමත් සමගය. ඒ සමගම අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍යද මෙය නාවික අනතුරක් නොව, ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් සිදුවූ අනතුරක් බව වාර්තා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට නාවික හමුදාව කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳ විමසන විට නාවික හමුදා නිලධාරීන් එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමය. නාවික හමුදාව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැන්නක් සිදුව නොමැති බවත්, නාවික හමුදාව අදාළ මුහුදු ප්‍රදේශයට ළං වනවිටත් එම නැව මුහුදුබත් වී තිබූ බවත්ය.

නමුත් නාවික හමුදාව මෙම ප්‍රකාශය සිදුකොට පැය කිහිපයක් යන්නට මත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් මහතා නිල ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ ඉන්දීය සාගරයේදී ඉරාන නෞකාවක් ඉලක්ක කොට ඇමෙරිකාව සබ්මැරීන ප්‍රහාරයක් දියත් කළ බවකි. මෙම ප්‍රහාරයට ඇමෙරිකාව ටෝපිඩෝ භාවිත කර තිබූ බවත්, එය වාර්තා වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ භාවිත කරමින් ගිල්වා දමනු ලැබූ පළමු නෞකාව ලෙසටත් මාධ්‍ය වාර්තා කොට තිබිණ.

ඇමෙරිකාව විසින් ඉරාන නෞකාවක් ඉලක්ක කොට මෙම ප්‍රහාරය සිදුකිරීමෙන් පසු බලවත්ම අර්බුදයකට මුහුණ දීමට සිදුවූයේ ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත්ය. ඉන්දියාව මෙම ගැටුමට සම්බන්ධ කෙරුණේ ඔවුන්ගේ ආරාධනාවෙන් මෙම ඉරාන නෞකාවන් ඉන්දියාවට පැමිණ තිබීමත්, ප්‍රහාරය එල්ල වීමත් සමග ඉන්දියානු වරායක සිට මෙම නෞකාවට ප්‍රහාර එල්ල කොට ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීමත් සමගය. ඒ අනුව වහාම ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඔවුන් කියා සිටියේ මෙම ඉරාන නෞකාවට පහරදීමට තමන්ගේ රටේ කිසිදු භූමි ප්‍රදේශයක් භාවිත කොට නොමැති බවය.

ලංකාව මෙම සිදුවීමට සම්බන්ධ වූයේ මෙම නෞකාවට අමතරව තවත් ඉරාන නෞකාවක් ඒ ආසන්නයේ රැඳී සිටිමින් එය කොළඹ වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා සිටීමත් සමගය. එම නෞකාවද ඉන්දියාවේ ආරාධනාවකට අනුව පැමිණ තිබූ තවත් ඉරාන නෞකාවක් වූ අතර පළමු නැවට එල්ල වූ ප්‍රහාරයත් සමග තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට වූ බියෙන් එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් අනන්‍ය මුහුදු කලාපයේ නවතා තැබීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම එහි 200කට අධික නැවියන් පිරිසක් සිටින බවද සඳහන් විය. ඒ අනුව මෙම නෞකාවට කොළඹ වරායට ඇතුළු වීමට අවසර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ලංකාව බරපතළ අභියෝගයකට මුහුණ දී සිටි අතර වහාම ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

පළමු ඇමතුම පාන්දර 5.08ට

මෙම නෞකාව අනතුරට පත්ව ඇති බවට වූ පළමු පණිවුඩය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී තිබුණේ ඉකුත් බදාදා (මාර්තු 04) පෙරවරු 5.08ටය. එහිදී ආපදා අනතුරු සංඥාවක් මෙරට ආරක්ෂක අංශ වෙත ලැබීමත් සමග කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් බලධාරීන් වහාම සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව බදාදා පෙරවරුවේ වහාම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක කවුන්සිල රැස්වීමක් පැවැත්විණි. එහිදී මතුව ඇති තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමෙන් අනතුරුව එය හදිසි තත්ත්වයක් සේ සලකා නෞකාව භාරගැනීමකින් තොරව එහි සිටින මගීන් පමණක් මෙරටට රැගෙන ඒමට මුලින්ම තීරණය විය. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හෝ රේගුවේ අනුමැතියකින් තොරව ඉරාන නෞකාවේ සිටින සියලු දෙනා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු මගින් මගින් මෙරටට රැගෙන ඒම මුල් සැලැස්ම විය.

නමුත් ඒ අවස්ථාවේදීද ඉරානයෙන් සිය නෞකාවට සහ ඉරාන තානාපති කාර්යාලය හරහා මෙරට බලධාරීන්ට දැනුම් දී තිබුණේ සියලු නාවිකයන් නැවත් සමගම ශ්‍රී ලංකාවේ වරායක් වෙත රැගෙන ඒමට කටයුතු කළ යුතු යැයි කියාය. නැව නොමැතිව කිසිදු නාවිකයකු පිටනොවනු ඇති බවද ඉරාන බලධාරීන් මෙරටට දැනුම දී තිබිණ.

එසේ තිබියදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළ කරුණක් සම්බන්ධයෙන්ද මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. එහිදී විමල් කියා සිටියේ එක් නැවකට ඇමෙරිකාව විසින් ටෝපිඩෝ ප්‍රහාර එල්ල කොට විනාශ කර ඇති පසුබිමක අනෙක් නැව ලංකාවේ මුහුදු තීරයට රැගෙන පැමිණියහොත් ඇමෙරිකාව විසින් එම නැවටද ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් මතුවනු ඇති බවත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් බරපතළ තත්ත්වයක් මතුවීම නොවැළැක්විය හැකි බවත්ය. විමල් කියන කතාවේ ඇත්ත නැත්ත කුමක්ද යන්න තහවුරු වී නොතිබුණත්, විමල්ගේ එම කතාව කිසියම් පාර්ශ්වයකින් හෝ ප්‍රතික්ෂේප කළ ආකාරයක් දැකගන්නට නොලැබීමද විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් බදාදා දහවල් වනවිට ලංකාව ගෙන තිබූ තීන්දුව වූයේ ඉරාන නෞකාව නොමැතිව එහි සිටින නාවිකයන් පමණක් මෙරටට රැගෙන ඒමටය.

ඒ අනුව නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර සහ තවත් යාත්‍රා දෙකක් බදාදා පස්වරුවේ කොළඹ වරායට නාවික සැතපුම් 19ක් එපිටින් නවතා තිබූ ඉරාන නෞකාව බලා යාත්‍රා කිරීම ආරම්භ කළේය. ඒ, ඉරාන නෞකාවේ සිටි නිලධාරීන් 53ක්, ජ්‍යෙෂ්ඨ නාවිකයන් 48ක්, නාවිකයන් 23ක් සහ කැඩෙට් නිලධාරීන් 84ක් යනාදී වශයෙන් 208ක් වූ පිරිස කොළඹ වරායට රැගෙන ඒම සඳහාය.

ඒ අනුව මෙම නෞකා තුන ඉරාන නෞකාවට ළඟාවීමෙන් අනතුරුව එහි සිටි නාවිකයන් ඉක්මණින්ම නන්දිමිත්‍ර ඇතුළු නෞකාවලට ඇතුලු කරගැනීමට මෙරට නාවිකයෝ කටයුතු කළහ. නමුත් එසේ ඔවුන්ට කළ හැකි වූයේ ස්වල්ප මොහොතක් පමණි. හදිසියේම ඉරාන නෞකාවට ඉරානයෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ නෞකාවද සමග කොළඹ වරායට යා හැකි නම් පමණක් ශ්‍රී ලංකා නාවිකයන් සමග ගමන් කරන ලෙසත්, එසේ නොමැතිව නැව අත්හැර දමා නාවිකයන් පමණක් ශ්‍රී ලංකා නාවිකයන් සමග නොයා යුතු බවත්ය.

මෙම පණිවුඩය ලැබීමත් සමග වහාම නන්දිමිත්‍ර ඇතුළු නෞකාවට ගොඩවෙමින් සිටි ඉරාන නාවිකයන් නැවත වතාවක් එය ප්‍රතික්ෂේප කොට සිය නෞකාවට ගොඩවීමට පටන්ගත් ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව මෙරට නාවිකයන් පත්වූයේ තීරණයක් ගත නොහැකිව ඉතා අසීරු අවස්ථාවකටය. මතුව ඇති තත්ත්වය වහාම බලධාරීන්ට දැනුම් දුන් නාවික හමුදා සෙබළුන් නන්දිමිත්‍ර ඇතුළු යාත්‍රා තුන හරවාගෙන නැවත වතාවක් කොළඹ වරායට හිස් අතින් පැමිණීමට පියවර ගත්තේය.

ඉරානය දැඩි තීන්දුවක

මුහුද මැද තත්ත්වය මෙසේ වෙද්දී එම පණිවුඩයම ඒ අවස්ථාවේම මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ටද ලැබිණි. එමගින් කියැවුණේද වහාම ආණ්ඩුව සමග නැවත සාකච්ඡා කරන ලෙසත්, නැව නොමැතිව ඉරාන නාවිකයන් පමණක් කොළඹ වරායට පැමිණීම ප්‍රතික්ෂේප කරන ලෙසත්ය. ඒ අනුව ඉරාන තානාපති නිලධාරීන්ද වහාම මේ බව මෙරට විදේශ අමාත්‍යාංශයටද, ආණ්ඩුවේ ප්‍රධානීන්ටද දැනුම් දීමට පියවර ගත්හ. ඒ අනුව වහාම විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව ජනාධිපතිවරයාට දැනුම්දී ඉරාන සහ සෞදි යන මැදපෙරදිග රටවල් සමග මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව වර්ධනය වූ මෙම අලුත් තත්ත්වය සම්බන්ධයෙන් නැවත වතාවක් සාකච්ඡා කිරීම සඳහා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. එම සාකච්ඡාවට ඉරාන බලධාරීන් පවා සම්බන්ධ කරගැනීමට කටයුතු කොට තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ඇතැම් විට එම සාකච්ඡාවට ඇමෙරිකානු බලධාරීන්ද සම්බන්ධ කරගැනීමට කටයුතු කොට තිබූ බවකි. නමුත් ඒ බව තහවුරු කරගැනීමේ කිසිදු තොරතුරක් මේ දක්වා ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබී නැත. ඒ අනුව ජාත්‍යන්තර ප්‍රඥප්ති, සම්මුති සහ මෙරට නීතිරීති ආදී සියල්ල පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉරාන නාවිකයන් පමණක් නොව ඉරාන නැවද මෙරට මුහුදු සීමාවට රැගෙන ඒමට ආණ්ඩුවේ බලධාරීන් තීරණය කොට තිබිණි.

නමුත් එහිදීද යම් කොන්දේසියක් පැනවීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත්තේය. ඒ, නැව සහ නාවිකයන් මෙරට මුහුදු සීමාවට රැගෙන ආවද ඉරාන නාවිකයන් පමණක් කොළඹ වරායට රැගෙන එන බවය. ඉරාන නැව කොළඹ වරායට ඇතුළු නොකොට කෙළින්ම ත්‍රිකුණාමල වරායට රැගෙන යන බව එහිදී කියැවිණි. ඒ හරහා අදාළ නැව කොළඹ වරායට රැගෙන පැමිණියහොත් යම් ආරක්ෂක අවදානමක් මතුවනු ඇති බවට වූ සැකය ආණ්ඩුවටද දැනී තිබූ බවක් දැකගත හැකි විය. ආණ්ඩුව ගත් මෙම තීන්දුව විමල් කී කතාව හා සමපාත වූ බවක්ද එහිදී දැකගත හැකි විය. කෙසේ වෙතත් ඉරාන නැව ත්‍රිකුණාමලය වෙත රැගෙන ගියද එය වරායට ඇතුළු නොකොට ඊට ආසන්න මුහුදු තීරයේ නවතා තැබීමටද තීරණය කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

හුණ්ඩුවේ රණ්ඩුව

මේ අතර, බදාදා දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණියේ මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසුව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහාය. එහිදී මතුවිය හැකි අවදානම්සහගත තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා එකින් එක කරුණු පැහැදිලි කළද එම කතාවට වඩා ජනතාවගේත්, රටේත්, සමාජ මාධ්‍යයේත් අවධානය යොමුවූයේ ජනාධිපතිවරයාගේ කටින් එහිදී එළියට පැන්න වචනයකටය. එහිදී ජනාධිපතිවරයා සිය කතාව අතරතුර ‘මේවා රටවල්ද? මේවා හුණ්ඩු’ යනුවෙන් සඳහන් කිරීමත් සමග සමාජ මාධ්‍ය තුළ එය වඩාත් ජනප්‍රිය වූ අතර බොහෝ දෙනා එම ප්‍රකාශය උළුප්පා දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා රටට අපහාසයක් කළ බවටය. කෙසේ වෙතත් එම කතාවේදී දක්නට ලැබුණු අනෙකුත් විශේෂම සිදුවීම වූයේ ඊට පෙර අවස්ථාවලදී ඇමෙරිකාව, ඊශ්‍රායලය, පලස්තීනය ඇතුළු මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කරද්දී එය දැඩිව හෙළාදුටු ජවිපෙ ඇතුළු ජවිපෙ ඉහළ පෙළ කිසිවකුත් මෙම පහරදීම හෙළාදැකීමට කටයුතු නොකිරීමය. ඇමෙරිකාව පලස්තීනයට, ගාසා තීරයට, ඉරාකයට, වෙනිසියුලාවට, කියුබාවට අතීතයේදී ප්‍රහාර එල්ල කරද්දී එවක විපක්ෂයේ සිටි බිමල් රත්නායක, විජිත හේරත්, නලින්ද ජයතිස්ස ඇතුළු ජවිපෙ නායකයන් මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කතාවේ පවා ඇමෙරිකානු ප්‍රහාරය හෙළාදැකීමක් සිදු නොවූ අතර, ජනාධිපතිවරයා පවා කියා සිටියේ කිසිදු රටක ස්වෛරීත්වයට බලපාන ආකාරයේ යුද්ධයක් සිදුකිරීමට කිසිවකුටත් අයිතියක් නොමැති බව පමණි.

නමුත් ජනාධිපතිවරයා ඉරානය සම්බන්ධයෙන් මෙසේ ඇල්මැරුණු ප්‍රකාශයක් සිදුකළද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාවේදී ඉරානයට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරය දැඩිව හෙළාදැකීමට පියවර ගත්තේය. එහිදී විපක්ෂ නායකවරයා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කොට එල්ල ප්‍රහාරය පමණක් නොව, ඉරානය මැදපෙරදිග අනෙකුත් රටවල් ඉලක්ක කොට එල්ල කළ ප්‍රහාරයද දැඩිව හෙළාදැකීමට පියවර ගත්තේය. එහිදී දැකගන්නට ලැබුණු අනෙකුත් විශේෂම සිදුවීම වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඉලක්ක කර යොමුකළ ප්‍රශ්නයකදී පවා ඒ සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිචාරයක් දැක්වීමට විජිත හේරත් කටයුතු කර තිබීමය. එහිදී හකීම් ප්‍රශ්න කර සිටියේ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් විජිත ඊට ඇල්මැරුණු උත්තරයක් දෙමින් කියා සිටියේ හකීම්ට අවශ්‍ය පරිදි පිළිතුරු ලබාදීමට තමන් කටයුතු නොකරන බවය.

මෙම සිදුවීම හරහා බොහෝ දෙනාට මතුව ඇති සැකයක් වන්නේ අතීතයේ සිටම අධිිරාජ්‍ය විරෝධී ස්ථාවරයක සිට කටයුතු කළ ජවිපෙ වැනි පක්ෂයක් ඇමෙරිකාව විසින් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටියදී ඉරානයට පක්ෂපාතී අයුරින් ප්‍රකාශ නිකුත් කළ යුතු වුවද, එවැන්නකින් බැහැරව ඇමෙරිකාව හෙළාදැකීමේ කිසිදු ප්‍රකාශයක් නිකුත් නොවීම මුල්කොට ගෙන ජවිපෙ සහ ඇමෙරිකාව අතර කිසියම් සම්බන්ධයක් මතුව ඇතිදැයි කියාය.

සති 2කට කලින් ඉරානයේ

මෙහිදී දැකගන්නට ඇති අනෙක් විශේෂම සිදුවීම වන්නේ මීට සති දෙකකට කලින් ආණ්ඩුව ඉරානය සම්බන්ධයෙන් ඉතා ඉහළ ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබියදීත්, මේ වනවිට නිහඬව කටයුතු කිරීමය. අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මේ පිළිබඳ විශේෂ සටහනක් තබමින් සඳහන් කොට සිටියේ ඉරාන ජනරජ දින උත්සවය නිමිති කොටගෙන කොළඹ පැවැති උත්සවයට සහභාගි වූ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉරානයට ප්‍රශංසා කරමින් ඇමෙරිකාව පවා බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රතිචාරයක් දක්වා තිබූ බවකි. පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප ‘රාජ්‍ය රහස්’ තීරයේ තැබූ සටහනය.

පසුගිය සතියේ මෙරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය මගින් මෙම සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු කොට තිබිණි. ඒ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ ගාලුමුවදොර පිහිටි අයි.ටී.සී. රත්නදීප සුපිරි හෝටලයය. ඒ අනුව ඊට ආණ්ඩුවේ ප්‍රබලයන්ට සහ විපක්ෂයේ ප්‍රබලයන්ටත්, තෝරාගත් ප්‍රභූවරුන් රැසකටත් ආරාධනා කිරීමට ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් පියවර ගෙනතිබිණි. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සහභාගි වී සිටියේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාය. දේශපාලන නියෝජිතයන්ට අමතරව ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ආණ්ඩුවේ නිලධාරීන් විශාල පිරිසක්ද ඊට ආරාධනා ලැබ තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ ඉරාන තානාපතිවරයා සිදුකළ කතාවටය. සිය කතාවේදී ඉරාන තානාපතිවරයා ඇමෙරිකාව සිය රට සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ ඉරානය ඉලක්ක කොටගෙන සූදානම් කෙරෙන යුදමය ක්‍රියාන්විතයට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ක්‍රියාකලාපය දැඩිව හෙළාදකිමින් ආන්දෝලනාත්මක කතාවක් සිදුකළේය. එය පැහැදිලිවම කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයේ ඇමෙරිකාව කෝපගන්වන සුළු සහ අවුස්සාලන සුළු කතාවක් ලෙස බොහෝ දෙනාට වටහාගන්නට වැඩි වේලාවක් ගියේ නැත. ඒ අනුව සියලූ දෙනාම බලා සිටියේ ඉරාන තානාපතිවරයාගෙන් පසු කතා කළ ආණ්ඩුවේ නියෝජිතයා වන නලින්ද ජයතිස්ස එම කතාවට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇද්දැයි කියාය. නොඑසේ නම් නලින්ද සිය කතාවේදී ඉරානයේ පැත්ත ගනීද, එසේත් නැත්නම් ඇමෙරිකාවේ පැත්ත ගනීද යන්න කියාය.

ඉරානය හොඳාාාාායි

කෙසේ වෙතත් නලින්ද මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් කතාවක් කරමින් ඉරානයට විශේෂ ස්තුතියක් පුද කිරීමට කටයුතු කළේය. පසුගිය කාලයේදී ඉරානය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් උමාඔය ව්‍යාපෘතියට විශේෂ ස්තුතියක් පළකළ නලින්ද ඒ හරහා ලංකාවේ වාරි කර්මාන්තය විශාල පිම්මක් පැන ඇති බව සඳහන් කළේය. එමෙන්ම ලංකාව ඉරානයෙන් විශාල ලෙස පොහොර ආනයනය කරන බව කියා සිටි නලින්ද ඒ හරහාද ලංකාවේ කෘෂි ආර්ථිකයට විශාල ශක්තියක් ලැබී ඇති බවක් පෙන්වා දුන්නේය. මීට අමතරව ලංකාවේ තේවලින් විශාල කොටසක් ඉරානය මිලදී ගන්නා බව කියා සිටි නලින්ද ඒ හරහා ලංකාවේ ආර්ථිකයට විශාල වාසියක් ලැබී ඇති බව කියා සිටියේය. ඒ අනුව නලින්ද කළ කතාව හරහා ඉරානයට විශාල ස්තුතියක් පුදකරනු ලැබූ අතර, ඉරානය සමග සිදුකරන ගනුදෙනු නවත්වන ආකාරයේ කිසිදු ඉÛියක් ඒ හරහා ලබාදීමක් සිදුවූයේ නැත. ඒ අනුව නලින්ද එහිදී ලබාදුන්නේ ඉරාන ගනුදෙනු නවත්වන ලෙසට ඇමෙරිකාවෙන් එල්ල වෙමින් පවතින දැඩි බලපෑමට කිසිසේත්ම සරිලන ආකාරයේ උත්තරයක් නම් නොවේ.

කෙසේවෙතත් ලංකාවේ මෙම ප්‍රතිචාරය විවිධ මාර්ග හරහා ඇමෙරිකාවටද වාර්තා වී ඇති බව අපගේ විශ්වාසයය. ඒ අනුව මෙහි ආසන්නතම ප්‍රතිපලය විය හැක්කේ ඇමෙරිකාව සමග සිදුකිරීමට නියමිත තීරුබදු සම්බන්ධ සාකච්ඡා ලංකාවට ලේසි පහසු නොවනු ඇති බවය. යම් හෙයකින් මෙම සාකච්ඡාවලදීද ලංකාව එවැනි තද ස්ථාවරයක සිටියහොත් අපගේ අපනයන වෙළෙඳපොළ සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. අනෙක් අතට පවතින වාතාවරණය යටතේ ඇමෙරිකාවෙන් ඉල්ලන සියලූ දේ ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී බරපතළ සංවාදයක් මතුවීම වැළැක්විය නොහැකිය.
(පෙබරවාරි 15 ‘රාජ්‍ය රහස්’)

මෙවැනි පසුබිමක් පැවැතියදී ඇමෙරිකාවෙන් එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වී ඇති පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ප්‍රහාර හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් නොකිරීම බොහෝ පාර්ශ්වවල කනගාටුවට හේතුවී ඇති ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන.

විපක්ෂය එක මතයකට

මේ අතර, අඟහරුවාදා පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට කැඳවා තිබුණේ මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. මෙහිදී පැයකට ආසන්න කාලයක් විපක්ෂයේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් ගැටුම පිළිබඳ දෙපැත්තටම අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී සියලු දෙනාම අවධාරණය කර සිටි කාරණයක් වූයේ විපක්ෂය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය පමණක් නොව, ඉරානය විසින් මැදපෙරදිග අනෙකුත් රටවලට එල්ල කළ ප්‍රහාරයන් පවා දැඩිව හෙළාදැකීමට කටයුතු කළ යුතු යැයි කියාය. එමෙන්ම ඉරානය ස්වෛරී රටක් වන බැවින් ඒකපාර්ශ්විකව ඊට පහරදීමට තීරණය කිරීම හරහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් වගන්ති ගණනාවක් උල්ලංඝනය කොට ඇති බවද මෙහිදී අනාවරණ කෙරිණි. එමෙන්ම මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමටත්, ඒ හරහා වාර්තාවක් ලබාගැනීමටත් විපක්ෂයේ පක්ෂ නායකයෝ එහිදී තීන්දු කළහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රහාරය දැඩිව හෙළාදකිමින් අදහස් පළ කළේ ඒ අනුවය. එතැනින් නොනැවතුණු සජිත් ඉරාන තානාපති කාර්යාලයට ගොස් ප්‍රහාරවලින් මියගිය පවුල්වල ඥාතීන්ට සිය ශෝකය පළකිරීමටද පියවර ගත්තේය. ප්‍රහාරවලින් පසු එසේ ඉරාන තානාපති කාර්යාලයට ගොස් එරට තානාපතිවරයා හමුවූ පළමු පක්ෂ නායකයා වූයේද සජිත්ය. මීට අමතරව සිකුරාදා දිනයේ මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දියත් කිරීමටද කටයුතු යොදා තිබිණ. එහිදී දැකග්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මුජිබර් රහුමාන් මහතාට අතරව මෙරට ඉරාන තානාපතිවරයාද මෙම උද්ඝෝෂණයට එක්ව සිටීමය.

ලංකාවත් අනතුරේ

මේ අතර, මැදපෙරදිග යුද උණුසුම වර්ධනය වීමත් සමගම ලෝකයේ විශාලතම නාවික භාණ්ඩ ප්‍රවාහන සමාගම්වලින් එකක් වන මෙඩිටෙරනියන් ෂිපිං කම්පැනි (එම්.එස්.සී.) සමාගම, ඉන්දියානු උපමහද්වීපයෙන් (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය) අප්‍රිකාවට සහ ඉන්දියානු මහද්වීපයේ දූපත් රටවලට යන භාණ්ඩ ප්‍රවාහනය සඳහා ‘යුද්ධ අවදානම් අතිරේක ගාස්තුවක්’ පැනවීමට තීරණය කර තිබීම හරහා ලංකාවට එහි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මේ වනවිට මතුව තිබේ. මෙම තීරණය මාර්තු 05 දින සිට ක්‍රියාත්මක වන අතර මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක අවදානම් සහ නාවික මාර්ගවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සමාගම ප්‍රකාශ කර තිබිණ.

එම්.එස්.සී. සමාගම පවසන්නේ ඉන්දියානු උපමහද්වීපයෙන් අප්‍රිකානු හා ඉන්දියානු මහද්වීපයේ දූපත් රටවලට යන භාණ්ඩ ප්‍රවාහනය සඳහා පහත අතිරේක ගාස්තු අයකරන බවත්, ඒ අනුව සාමාන්‍ය 20 අඩි කන්ටේනරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 500ක්ද, ශීතකරණ කන්ටේනරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1000ක් අයකරන බවත්, එසේම ගල්ෆ් කලාපයෙන් අප්‍රිකාවට යන භාණ්ඩ සඳහා තවත් ඉහළ ගාස්තු පැනවීමටද සමාගම සැලසුම් කර ඇති බවත්ය. මෙම තත්ත්වය හේතුවෙන් නාවික භාණ්ඩ ප්‍රවාහන රක්ෂණ සමාගම්ද යුද අවදානම් රක්ෂණ ගාස්තු ඉහළ දමමින් ඇති අතර, සමහර රක්ෂණ සමාගම් එම කලාපවලට යන නැව් සඳහා ආවරණය ලබාදීම සීමා කිරීමටද පියවර ගනිමින් ඇත.

මෙම තීරණය ශ්‍රී ලංකාවට ඍජුව හා වක්‍රව බලපානු ඇති බව නාවික ව්‍යාපාර විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ. ඒ අනුව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමක්, ආනයන හා අපනයන වියදම් වැඩි වීමත්, නාවික රක්ෂණ ගාස්තු ඉහළ යාමත් වැළැක්වය නොහැන.

චීනයත් බාල්දියක් පෙරළයි

කෙසේවෙතත් ඇමෙරිකාව විසින් අනන්‍ය ආර්ථික මුහුදු සීමාවේදී ඉරාන නෞකාවට එල්ල කළ මෙම සබ්මැරීන ප්‍රහාරයත් සමග මේ වනවිට තවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුව තිබේ. ඒ, චීනය මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට තීරණය කොට තිබීමත් සමගය. චීනය ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකානු සබ්මැරීනයකට ලංකාවට අනන්‍ය ආර්ථික කලාපයට ඇතුළු වීමට අවසර ලබාදීමට ඊට අදාළ පාර්ශ්වයන්ට හැකි නම් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට චීන පර්යේෂණ නෞකාවන්ට ඉඩ ලබා නොදීමට ලංකාව කටයුතු කරන්නේ කුමන පදනමකින් දැයි කියාය.

අතීතයේදී චීන පර්යේෂණ නෞකාවන් කිහිපයක්ම ලංකාවේ අවසරය පරිදි මෙරට මුහුදු සීමාවට ඇතුළු වී පර්යේෂණ කටයුතු සිදුකළද ඊට ඉන්දියාවෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුකොට ගෙන එවක පැවැති රනිල් වික්‍රමසිංහ රජය වසරක කාලයක් සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වාලමින් තහනමක් දැමුවේය. මෙය ඒ අවස්ථාවේදී චීනය දුටුවේ සිය රටේ ජාතික අභිමානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ලෙසටය. ඒ හේතුකොට ගෙන ආර්ථික අර්බුදයක ගිලී සිටියද රනිල් වික්‍රමසිංහ රජයට කිසිදු ආර්ථික උපකාරයක් සිදුකිරීමට චීනය කටයුතු කොට තිබිණි. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු සිදුකළ පළමු චින සංචාරයේදී මෙම පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධයෙන් වන ගැටලුව සාකච්ඡා කෙරුණු අතර, ඊට වාචික එකඟතාව පළකිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. වහාම ඊට අදාළ එස්.ඕ.පී. එක හෙවත් ගිවිසුම් සංශෝධනය කරන බවද ජනාධිපතිවරයා චීන බලධාරීන්ට දැනුම්දී සිටියේය. නමුත් ජනාධිපතිවරයා එම වාචික පොරොන්දුව ලබාදී මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාව විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කර නැත. ඒ හේතුව නිසාම චීනය මේ වනවිට ලංකාව සමග අස්සන් තබා ඇති සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අත්හිටුවීමටත්, ඇතැම් ඒවා මන්දගාමීව සිදුකිරීමටත් කටයුතු කරමින් සිටින බවක් දැකගන්නට පුළුවන. එමෙන්ම ඉදිරියේදී චීනය විසින් ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයකට යෑමේ අවදානමක්ද මේ වනවිට දැකගන්නට තිබේ. යම් හෙයකින් ඉරාන යුද නෞකාවන්ට සහ ඇමෙරිකානු සබ්මැරීනවලට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයට පැමිණීමට අවසර ලබාදීමටත්, චීන පර්යේෂණ නෞකාවන්ට එම අවසරය හිමි නොවීමත් මුල්කරගෙන චීනය යම් දැඩි ස්ථාවරයකට ගියහොත් මතුවෙමින් පවතින පීඩාකාරී වාතාවරණය හමුවේ ලංකාවට තවත් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් දැකගැනීමට පුළුවන.

ගිවිසුම එහෙමමයි

එමෙන්ම මේ වනවිට මතුවෙමින් පවතින තවත් ගැටලුවක් වන්නේ තත්ත්වය අයහපත් අතකට පෙරළෙන ලකුණු පහළ කොට තිබියදීත් තවමත් ආණ්ඩුව ලංකාවට අවාසිසහගත ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුම සංශෝධනය කරගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ නොකරන්නේ මන්දැයි කියාය. පැවැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග මෙම ගිවිසුමට එළඹීමේදී එකඟවී ඇති කරුණු කාරණා සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළකොට තිබුණේ වරක් දෙවරක් නොවේ. විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භයේ සිටම පැවැති ආණ්ඩුවලට පෙන්වා දී තිබුණේ මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ඇතැම් වගන්ති ලංකාවට ඉතා අහිතකර බවත්, ඒ හරහා රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බවත්ය. මේ නිසා හැකි ඉක්මනින් මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුම සංශෝධනය කළ යුතු බවත්, සාකච්ඡා මාර්ගයෙන් එය කළ හැකි බවත් සජිත් දිගින් දිගටම ආණ්ඩුවට පෙන්වා දී තිබිණ.

මාලිමා ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවූ අවස්ථාවේ පවා සජිත් කියා සිටියේ ජනවරම පෙන්වා මූල්‍ය අරමුදල සමග අස්සන් කළ එම ගිවිසුම සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසු මුළු ලංකාවම බරපතළ අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී පවා සජිත් කියා සිටියේ දැන්වත් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට එම ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන ලෙසත්, වහාම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා ලංකාව යළි ගොඩනැගීමට ආධාර ලබාගන්නා ලෙසටත්ය. නමුත් ආණ්ඩු ඒ දෙකෙන් එකක් හෝ සිදුකිරීමට පියවර ගත්තේ නැත.

එහිදී වරක් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් කියා සිටියේ ආණ්ඩුවට නොහැකි නම් විපක්ෂය මැදිහත්ව හෝ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමට කටයුතු කළ හැකි බවකි. නමුත් එහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ රටටම ඇහෙන්නට විපක්ෂ නායකවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ‘අනේ ප්ලීස් එපා…’ යැයි කියාය. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකරන්නේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් නොපවත්වන ලෙසට කවුරුන් හෝ ජනාධිපතිවරයාට උපදෙස් දී ඇතැයි කියාය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියාවා ලංකාවට පැමිණි අවස්ථාවේ පවා මෙම ගිවිසුම වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා තිබුණත් එයද වළක්වාලීමට කවුරුන් හෝ ජනාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇති බවත්ය. එසේනම් ජනාධිපතිවරයාට මෙම උපදෙස් ලබාදී තිබුණේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි.

එමෙන්ම සජිත් ඇමෙරිකා-ඉරාන යුද්ධයෙන් පසු පාර්ලිමේන්තුවේ සිදුකළ කතාවේ දී නැවතත් ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා මතුකරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ දැන්වත් මූල්‍ය අරමුදල සමග අස්සන් කොට ඇති ගිවිසුම ලංකාවට හිතකර පරිදි සහ ලංකාවට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කරන ලෙසටය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ යුද්ධය මුල්කරගෙන ඉදිරියේදී කිසිවකුත් නොසිතන ආකාරයේ බරපතළ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීමට රටට සිදුවිය හැකි බැවින් 2028දී ණය ගෙවීම නැවත ආරම්භ කිරීම, ඩොලර් සංචිත පවත්වාගෙන යෑම, විදේශ ඉපැයීම් සහ දේශීය ආදායම් ඉහළ නංවාගැනීම යනාදී අර්බුද රැසක් මතුවිය හැකි බැවින් වහාම මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ගිවිසුම් සංශෝධනය කරන ලෙස සජිත් එහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. නමුත් ආණ්ඩුව ඉකුත් අවස්ථා දෙකේදී මෙන්ම මෙවරත් එය සිදු නොකළහොත් යළිත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ මෙන් බරපතළ අර්බුදයකට රටට මුහුණදීමට සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

අන්තිම තුරුම්පුව

මෙවැනි වාතාවරණයක් යටතේ ආණ්ඩුවට මේ වනවිට සිය දේශපාලන පැවැත්ම සඳහා ඉතිරිවී ඇති බලවත්ම සහ එකම තුරුම්පුව වී ඇත්තේ හොරු ඇල්ලීමේ මාතෘකාව පමණි. ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටම ඉලක්ක කොට ජාතික මට්ටමේ වැඩසටහන් කිහිපයක්ම දියත් කොට තිබුණද මතුවූ විවිධ අර්බුද හේතුකොට ගෙන ජනතාවගේ මතකයේ තවමත් රැඳී ඇත්තේ ‘ආණ්ඩුව මොනවා කළත්, ඉස්සර හිටපු හොරු ටික අල්ලනවානේ..‘ යන්න පමණි. නමුත් යම් යම් හේතු කාරණා මුල්කොට ගෙන පසුගිය මාස කීපයේදී මෙම හොරු ඇල්ලීමේ මෙහෙයුමද තරමක් මන්දගාමීව සිදුකෙරුණු ආකාරයක් දැකගන්නට තිබිණි.

කෙසේ වෙතත් අපට ඇති අලුත්ම තොරතුරකින් කියැවෙන්නේ මැදපෙරදිග අර්බුදයත් සමග පැය කීපයක් යෑමට මත්තෙන් රට පුරාම මතුවූ තෙල් පෝලිම් පිළිබඳ ආණ්ඩුව ඇතුළේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවකි. මෙහිදී බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ මේ හරහා ඉදිරියේදී තවත් අර්බුද ගණනාවකටම මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි කියාය. ඒ අනුව ජනතා විශ්වාසය තවදුරටත් ආණ්ඩුව කෙරෙහි තබාගැනීම සඳහා හොරු ඇල්ලීමේ ක්‍රියාන්විතය දැඩිකළ යුතු බවටද එහිදී තීරණය වී ඇති බවක් ආරංචිය.

ඒ අනුව පසුගිය සතියේදී ඉහළ පෙළේ තනතුරු දරන පස් හය දෙනකු අතර අතිවිශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී මේ දක්වා සිදුකොට ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ දීර්ඝව සාකච්ඡා වී ඇති බවක්ද ආරංචිය. එම සාකච්ඡාවෙන් අනතුරුව යම් යම් පාර්ශ්වයන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. අදාළ කැඳවීම් පරිදි එම සාකච්ඡාව තිබුණාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු නැතත් එවැනි සාකච්ඡාවක් කැඳවා ඇති බවට මොහොතක් යෑමට මත්තෙන් විපක්ෂයේ ප්‍රබලයකුටද තොරතුරු වාර්තා වූ ආකාරයක් දැනගන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයේ සාකච්ඡා කැඳවීමේ සම්ප්‍රදායක් නොමැති නිසා ඒ සාකච්ඡා කැඳවූ අයකුගෙන්ම එම තොරතුර විපක්ෂයේ ප්‍රබලයාට ලීක් වී අති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඇතැම් පාර්ශ්වයන් ප්‍රකාශ කරන්නේ සිදුවෙමින් පවතින යම් යම් විමර්ශන මන්දගාමී කිරීමට හෝ කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරන නිසා ඊට එරෙහිව දැඩි නියෝග නිකුත් කිරීම සඳහා ඇතැම් ප්‍රබලයන් විසින් මෙම සාකච්ඡාව කැඳවන්නට ඇතැයි කියාය. ඒ කෙසේ වුවත් ඉදිරි මාස දෙක තුනක කාලය ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් බොහෝ වෙනස්කම් සිදුවීමට නියමිත කාලපරිච්ඡේදයක් බව පෙළගැසෙමින් පවතින මේ සිදුවීම්වලින් පැහැදිලිවම දැකගන්නට පුළුවන.

කරදර ඔස්තාර්

විපක්ෂයේ ඔස්තාර්වරයකු වශයෙන් කටයුතු කරන මන්ත්‍රීවරයකු මේ දිනවල ජනාධිපතිවරයාට හිසරදයක් වන තරමට වදයක් වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. නිතරම ජනාධිපතිවරයාට දුරකතන ඇමතුම් ලබාදෙමින් උපදෙස් ලබාදීමට උත්සාහ දීම නිසා එය තමන්ට වදයක් වී ඇති බව ජනාධිපතිවරයා විසින්ම සිය හිතවතුන්ට පවසා ඇති බවක්ද දැනගන්නට ඇත. පසුගිය බදාදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී පවා මේ ඔස්තාර් ලැජ්ජාව පසෙක තබා ජනාධිපතිවරයා පසුපසින් ගොස් ඔහු හා බලෙන්ම කතාවට වැටීමට උත්සාහ කොට තිබිණි. මේ ආකාරයෙන්ම මේ ඔස්තාර් පසුගිය කාලයේදීද හිටපු ජනාධිපතිවරුන්ට වදයක් වෙමින් නිතර නිතර විපක්ෂයේ සිටිමින් උපදෙස් ලබාදීමට කටයුතු කොට ඇති බවක්ද ආරංචිය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග පාර්ලිමේන්තු භෝජනාගාරයට ගිය අවස්ථාවේදීද විපක්ෂයේ මේ ඔස්තාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා පසුපසින්ම ගොස් ඔහු සිටි මේසයේම අසුන්ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ වනවිට එම මේසයේ ජනාධිපතිවරයා සමග හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතාද, තවත් විපක්ෂ මන්ත්‍රීවරයකු වූ දයාසිරි ජයසේකර මහතාද අසුන්ගෙන සිටියහ. මෙහිදී රවී මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කරද්දී ඉතා සාවධානව ජනාධිපතිවරයා ඊට ඇහුන්කන් දුන් ආකාරයක් සහ තවදුරටත් රවී සමග ඒ සම්බන්ධව අදහස් හුවමාරු කරගත් ආකාරයක්ද දැකගන්නට ලැබිණි. එම සාකච්ඡාවේදී මතුවූ කරුණු රැසක් පිළිබඳ එහිදීම තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවක්ද දැනගන්නට තිබේ. රවීගේ අදහස්වලට ජනාධිපතිවරයා එසේ ප්‍රතිචාර දැක්වුවද එහි සිටි ආර්ථික ඔස්තාර්වරයා පළ කළ අදහස්වලට ජනාධිපතිවරයාගේ වැඩි අවධානයක් යොමුව නැති බවද දැනගන්නට තිබේ. ඒ, මේ ඔස්තාර්වරයා ප්‍රායෝගික තත්ත්වයට වඩා න්‍යායික තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීම නිසා බවද ආරංචිය.

ජ්‍යොතිෂ පුංචා

මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරක් උසුලන සූත්තර පුංචෙකු සිය හිතවතුන්ට ඇමතුම් ලබාදෙමින් අලුත් තෙලක් බෙදමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගියදා එජාපය ඩිජිටල් කළ බව කියමින් විශාල පම්පෝරියක් ගැසුවද මේ සූත්තර පුංචා හිතවතුන්ට ලබාදී ඇති දුරකතන ඇමතුම්වලින් කියා ඇත්තේ ජ්‍යොතිෂමය අනාවැකියකි. ඒ අනුව මේ වසර අවසානය වනවිට ආණ්ඩුව කඩාවැටෙනු ඇති බවත්, නැවත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වනු ඇති බවත් එහිදී සූත්තර පුංචා සිය හිතවතුන්ට දැනුම්දී තිබේ. සූත්තර පුංචාගේ මේ අනාවැකිය ඇසූ බොහෝ දෙනකු කටපුරා සිනාසෙමින් සිය හිතවතුන්ට පවසා තිබුණේ ඩිජිටල් කළා යැයි කියපු යූ.ඇන්.පී.යේ අය දැන් කේන්දරවල එල්ලිලා යැයි කියාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

විදේශ ඇමැති විජිත නවදිල්ලියේදී යුද්ධය ගැන කතා කරපු එක හැමෝම දැක්කා! ඉන්දියාවේ NDTV නාළිකාව විපක්ෂනායක සජිත් එක්කත් මැදපෙරදිග යුද්ධය ගැන කතා කළා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොකු ලොක්කෝ හෙල්ලෙන ග්‍රහ පෙරළියක්! ඉදිරි මාස 6 තුළ සිදුවන පෙරළිකාර අනාවැකිය මෙන්න…! Sri Lanka Latest News

MORE NEWS

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News
Exclusive

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බය හිතෙන නිව්ස් එකක් එන්න ළඟයි වගේ..! බොරතෙල් බැරලය ආපහු 90 පන්නයි! I Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.