• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රතිසංස්කරණ කළොත් ලංකාවට එන්න ආයෝජකයො සූදානම්ලු! I Sri Lanka Latest News

July 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රතිසංස්කරණ කළොත් ලංකාවට එන්න ආයෝජකයො සූදානම්ලු!   I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා සඳහන් කළේය. Sri Lanka Latest News

මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.‍

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සදහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (03) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තමා පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සඳහන් කළ බව පැවසූ අමාත්‍යවරයා චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම ද දන්වා සිටි බව පැවසීය.

මේ අතර ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් යහපත් ආර්ථික තත්ත්වයක් උදා කර ගනිමින් සිටින බව ජූනි මස 20 වන දින චීනයේ‍ පළවූ බ්ලූම් බර්ඩ් පුවත් පතද සඳහන් කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා
පසුගිය වසරේ අපේ රටේ උද්ධමනය 80%ක් වුණා. එය රටක් වශයෙන් ඉතා අසීරු තත්ත්වයක්. එවැනි පසුබිමකදී ඔබේ මුදලේ අගය ඉතා දැඩි ලෙස අවප්‍රමාණය වෙනවා. මිලියන 2ක වටිනාකම මිලියන 1.2ක් දක්වා අගය අඩු වෙනවා. එවැනි තත්ත්වයක් රටක් වශයෙන් වලකාගත යුතුයි.
අපට අවශ්‍ය වුණා ශ්‍රි ලංකාව තවත් ලෙබනනයක්, වෙනිසියුලාවක් නොවී ආරක්ෂා කර ගන්න. ඒ සඳහායි අපි උදව් කරන ලෙස ඉල්ලා සිටියේ.

මේ වසරේ ලෙබනනයේ උද්ධමනය 485%යි. වෙනිසියුලාවේ උද්ධමනය 285%යි. නමුත් ලංකාවේ උද්ධමනය 12%යි. ලබන මාසය වන විට එය 7%-8%ක මට්ටමකට අඩු වෙනවා. පැවති වැරදි ආර්ථික කළමනාකරණය අඛණ්ඩව සිදුවීමට නොදී අප එය වළක්වාගෙන තිබෙනවා. තවමත් ලෙබනනයේ විදුලිය විසන්ධි කරනවා. ලංකාවේ විදුලි කප්පාදුවක් තිබුණත් මේ වන විට එවැනි තත්ත්වයක් නැහැ.
අපට තිබුණේ තිරිංග අහිමි වු පල්ලමට යන ආර්ථිකයක්. එය නවත්වා නොගැනීම අනතුරක්. එය වළක්වා ගැනීමට රජය පරිවර්තන රාශියක් සිදු කරමින් සිටිනවා.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ උද්ධමනය පාලනය කර ගැනීම රජය සාර්ථකව සිදු කරගෙන තිබෙනවා. අපට ණය ගෙවීමට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළේ 2020 වසරේදී. ඔවුන් එය දිගින් දිගටම දැනුම් දුන්නා. 2021-04-17 වන විට අපට ඇමරිකන් ඩොලර් මිලියන 203ක් ගෙවීමට තිබුණා. නමුත් එය ගෙවීමට රජයට හැකියාවක් තිබුණේ නැහැ. රජය සතුව තිබුණේ ඇමරිකන් ඩොලර් මිලියන 20යි. ඒ නිසයි රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කෙරුණේ.
අපි ඒ වන විට දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් රාජ්‍ය ණය ලෙස තිබූ රටක්. 2032 වන විට අප එම තත්ත්වය 95%ක් දක්වා අඩුකරගත යුතුයි. එය පැහැදිලි අභියෝගයක් වනවා. රජයේ ඉලක්ක සපුරා ගැනීමට නම් ණය මුදල් අඩු කර ගැනීම කළ යුතුයි. ලැබෙන ආදායමින් ණය ගෙවිය හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා දේශීය සහ විදේශීය ණය ප්‍රශස්තකරණය කළයුතුමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතනවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාවක් නැහැ. ඊට හේතුව ඔවුන් ඉතාම අඩු පොලියකට දීර්ඝකාලීනව ගෙවීමේ පදනමින් ණය ලබා දී තිබීමයි. ලෝකයේ කිසිඳු රටක එම පාර්ශ්වයන් වෙතින් ලබාගත් ණය කපා හැරීමක් සිදුව නැහැ. ඔවුන් ණය දෙන්නේ නැති නම් ලෝකයේ වෙනත් කිසිවෙක් අපට ණය දෙන්නෙත් නැහැ. ඒ වගේම රටවල් ලෙස ඉන්දියාව, ජපානය, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල් අපට ණය දී තිබෙනවා. මේ වන විට ඔවුන් සමගත් ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡා පැවැත්වෙනවා.
ඒ වගේම අධික පොලී අනුපාතයක් යටතේ වාණිජ ණය ලබාදුන් කණ්ඩායම් ද සිටිනවා. අපට වාණිජ ණය ගැනීමට සිදුවූ හේතුවක් තිබෙනවා. ඒ තමයි අපේ රට 1997 වසරේදී අඩු ආදායම්ලාභී රටක් ලෙස පැවත මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම. එතැන් සිට අපට අඩු පොලියට ණය ලබාදීම නතර වුණා. වැඩි පොලියට වාණිජ ණය ගැනීමට සිදු වූ හේතුව එයයි.
කෙසේ නමුත් මේ වන විට අපට ණය ලබාදුන් පාර්ශ්ව ණය ප්‍රශස්තකරණය සඳහා සහාය දීමට එකඟව සිටිනවා. එම සහනය ලබාගෙන ශ්‍රී ලංකාව ණය ගෙවීමට හැකි රටක් ලෙස ආර්ථිකය ශක්තිමත් කරගත යුතු බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. එසේ කටයුතු නොකළහොත් රට යළි බංකොලොත්භාවයට පත් විය හැකියි.
මෙහිදී අප යළිත් බංකොලොත් නොවීමට නම් දේශීය ණය ද ප්‍රශස්තකරණයට ලක් කරගත යුතුයි. මේ සඳහා බැංකු පද්ධතිය, සේවක අර්ථක සාධක හා සේවක භාරකාර අරමුදල වැනි අරමුදල්වල දායකත්වය ලබාගත යුතුයි. ඒ සමඟ අපේ සිටින මිලියන 57ක බැංකු තැන්පත්කරුවන් ද ආරක්ෂා කරගත යුතුව තිබෙනවා.

මෙම ණය ප්‍රශස්තකරණය සිදු කරන්නේ දේශපාලනඥයන් නොවේ. එය සකසන්නේ භාණ්ඩාගාරය, මහබැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන්ගේ සහභාගීත්වයෙන්. නමුත් මෙම ක්‍රියවලිය සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් විවිධ වැරදි අර්ථකථන සිදු කරනවා. එය රටට යහපත් තත්ත්වයක් නොවෙයි.
පසුගිය වසර ඉතිහාසයේ වැඩිම බැංකු පොලිය නියම වූ වසර ලෙස සඳහන් වනවා. එය 30%-36%ත් අතර ප්‍රමාණක් වුණා. නමුත් දැන් බැංකු පොලිය අඩු වෙමින් පවතිනවා. අද වන විට භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලිය 16%ක් දක්වා අඩු වී තිබෙනවා.
බැංකු පොලිය 29% සිට 16%-17% දක්වා අඩුවෙමින් තිබෙනවා. එය මේ වසර අවසන්වන විට 11%-12% අතර ප්‍රමාණයකට අඩු විය හැකියි. මේ අනුව විවිධ කණ්ඩායම් ගෙන යන අර්ථකථන වැරදි සහගතයි.
දිගින් දිගටම ණය ප්‍රතිව්‍යුහගත නොකර සිටියහොත් රටට ආයෝජකයන් එන්නේ නැහැ. එවැනි පසුබිමක උද්ධමනය පාලනය කළ නොහැකි වෙනවා.
මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන තුරු ඇතැම් පිරිස් බලා සිටියත් රට ආර්ථික වශයෙන් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තරයේ ප්‍රසාදය පළ වී තිබෙනවා.
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දීමට අප සූදානම් නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානම් සිටිනවා.
මම පසුගියදා චීනයේ සිදු කළ සංචාරයේ දී චීනයේ මුදල් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ චීන එක්සීම් බැංකුවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළා. ඔවුන් මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රගතිය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා.
ඒ වගේම චයිනා හාබර් ඉන්ජිනියරින් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡවේ දී කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට සූදානම් බව සඳහන් කළා. ඒ වගේම චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ ඇති සූදානම පිළිබඳව දැනුම් දුන්නා.
ඒ විතරක් නොවයි ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් යහපත් ආර්ථික තත්ත්වයක් උදා කර ගනිමින් සිටින බව ජූනි මස 20 වන දින පළවු චීනයේ‍ බ්ලූම් බර්ඩ් පුවත් පතද සඳහන් කර තිබෙනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-07-03

SendShareShare
Previous Post

නාමල් පොහොට්ටුවත් එක්ක ගාල්ලේ සහ හිනිදුම! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව අලුත් ආයුර්වේද පනතක් හරහා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම විනාශ කරන්නයි යන්නේ! පාරම්පරික දේශීය වෛද්‍යවරුන් හමුවේ සජිත් ආණ්ඩුව ඊළඟට කරන්න යන වැඩේ ගැන පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.