මෙම වසරේ ඉහළම උද්ධමනය ලෙස වාර්තා වූ සියයට 11.1ක් වූ අගය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඔක්තෝබර් මාසයේ උද්ධමනය ලෙස වාර්තා වී තිබුණේ සියයට 8.3කි.
එය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.










