සිය විදෙස් මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් දූපතේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවට පැනමා පත්‍රිකා’ හරහා කර තිබූ අනාවරණය සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර තිබේ.
විදේශ විනිමය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බැවින් අයිශ්වර්යා රායි භච්චන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සිදුවුණු බව ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම ප්‍රශ්න කිරීම්වලදී, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අයිශ්වර්යා රායි භච්චන්, ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ට අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.










