ඉන්දියාවේ 77 වන නිදහස් දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස නවදිල්ලි නුවර රතු බලකොටුවේදී අද (15) පැවැත්වුණි.Sri Lanka Latest News
ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.
මෙවර එහි තේමාව වූයේ ‘ජාතිය නිරන්තරයෙන් ප්‍රමුඛය’ යන්නයි.
මෙහිදී ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ මේ වන විට ගැටුම් පවතින මනිපූර් ප්‍රාන්තයේ සාමය ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සමරනු ලබන 10 වන නිදහස් දින සැමරුම් උළෙලද මෙය වෙයි.










