මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගමට හිසරදයක් යැයි මුහුණු පොතේ දැන්වීමක් දැමූ එක්දරු පියකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි දොඩම්ගොඩ පොලිසිය පවසයි.ri Lanka Latest News
මෙසේ පහරදී ඝාතනය කොට ඇත්තේ දොඩංගොඩ, දොළේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්චිගේ දිමුත් චාමික නමැති තිස්හත් හැවිරිදි අයකි.
ඊයේ (14) අලුයම මියගිය තැනැත්තා ප්‍රදේශයේ පැවැති මත්පැන් සාදයකට ගොස් යළි නිවසට පැමිණ ඇත්තේ අලුයම දෙකට පමණය. එම අවස්ථාවේ නිවසේ දොර කඩා ගෙට ඇතුළු වූ පිරිසක් තියුණු ආයුධවලින් ඔහුට පහරදී පලාගොස් තිබේ.
බරපතළ කැපුම් තුවාල ලබාසිටි මෙම තැනැත්තා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.
මෙසේ ඝාතනයට ලක්වූ තැනැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන මතුගම ශාන් නමැත්තාගේ ගෝලයකු ලෙස කලක් කටයුතු කර ඔවුන්ගෙන් ඉවත් වී ඇති බවත්, මෙම ඝාතනයට සම්බන්ධ යැයි සැක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුද කලක් ශාන් නමැත්තාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බවත් පැවැසේ.
එම විරසක වීමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා මියගිය තැනැත්තා අතරද කිහිප අවස්ථාවක ආරවුල් ඇතිවී ඇති බව සඳහන්ය. මීට දින කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ දිමුත් චාමික දොඩංගොඩ පොලිසියට ගොස් ඒ ගැන පැමිණිලි කර ආපසු එද්දී අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසක් ඔහුට පහරදී පොලිසිය අසල මාර්ගය ඉදිරිපිට දණගස්වා ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
ඝාතනයට ලක්වූ අය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගමටම හිසරදයක් යැයි මුහුණු පොතට එක්කළ දැන්වීම ගැන උරණව මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.-අරුණ










