ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්තු 28-30 දිනයන්හි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අද දින ඒ මහතා මාලදිවයිනේ සංචාරය කරන අතර ඉන් පසු හෙතෙම ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඒ මහතා බලාපොරොත්තු වන බව ද මාධ්‍ය වාර්තා කොට ඇත.