• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව වහන්න හදන රට වැටිච්ච තැන IMF එකෙන් ගණන් හිලව් එක්කම එළියට දමයි!

March 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉල්ලුවොත් දෙනවා! ඒත් තවම ඉල්ලලා නෑ!
Share on WhatsAppShare on Facebook

ලංකාව සම්බන්ධයෙන් වූ සිය වාර්තාව ජාත්‍යන්තර මූලය අරමුදල මගින් එළිදැක්වීමට පියවර ගෙන ඇත.

මෙහි ඇති ඇතැම් කරුණු මෙසේය.

IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත.

ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත.

දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.

වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.

රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් තුල මුදල් අච්චු ගසා ඇති බව එහි සදහන්ය.

වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි.

මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.

යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.

වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය.

රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%ක් වැඩිවී ඇති බව දක්වයි.

අප අමතක නොකළ යුත්තේ ‘‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක්, වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය‘‘ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී ඇත.

1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)
2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම
3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම
4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)
5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම
6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි.

SendShareShare
Previous Post

ඉන්දීය විදේශ ඇමැති හදිසියේම ලංකාවට එයි!

Next Post

ශ්‍රී ලන්කන් එකට ආපු බ්‍රිතාන්‍ය ජාතික ලොක්කා රුසියා-යුක්රේන යුද්ධය ලංකාව ඇතුළට අරන් එයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.