ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ මහතා අද (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දින පහක සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය යුද හමුදාපතිවරයා සිය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු රජයේ ඉහළම ප්‍රධානීන් හමුවීමට නියමිතය.
සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ සතියක් ගතවන්නටත් ප්‍රථම එරට හමුදාපතිවරයා මෙරටට පැමිණෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය වන ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගි වීමටය.
මීට පෙර කලාපීය සාගර ආරක්ෂාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික සමුළුවක්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවන සහභාගීත්වයෙන් පසුගිය මාර්තු මාසයේදී පවත්වනු ලැබීය.










