ඉන්දීය රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම්වලට අනුව, ජපානය අභිබවා ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
2030 වන විට ජර්මනිය අභිබවා ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව පත්වීමට අපේක්ෂා කරන බව සඳහන් වෙයි.
ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතය වර්තමානය වන විට ඩොලර් ට්‍රිලියන 4.18 දක්වා ළඟා වී ඇති අතර 2030 වන විට එය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඉන්දියාව පවසයි.
මේ අතර වර්තමාන ප්‍රවණතා අනුව ආර්ථික දියුණුව ගත්කළ ඉන්දියාව එක්සත් ජනපදය හා චීනයට පමණක් පසුපසින් සිටින බව වාර්තා වෙයි.
ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස ද පුරෝකතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2023 දී අසල්වැසි චීනය අභිබවා ලොව වඩාත්ම ජනාකීර්ණ රට බවටද පත්විය.










