පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය.
කෙසේ වුවද බොහෝ ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන අවසන් බවට දැන්විම් එල්ලා ඇති ආකාරයක් දැකගන්නට තිබුණි.
fuel











