හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.Sri Lanka Latest News
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයා පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මීට පෙර අරගලය අවස්ථාවේදීද වෙල්ගම මහතාට පහර දීමක් සිදුවිය.










