මන්නාරම අඩප්පන්, මුල්ලිකන්ද වැවෙන් කුඹුරුවලට වතුර සපයන සොරොව්ව විවෘත කිරීමට ගිය පුද්ගලයෙකු සහ කුඹුරු හිමියෙකු ඊයේ (24 දා) උදෑසන වෙඩි තබා ඝාතනය කර ඇතැයි මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි. ඒ. එස්. චන්ද්‍රපාල මහතා පැවසීය. Sri Lanka Latest News
මෙලෙස මරුමුවට පත්වී ඇත්තේ මුල්ලිකන්ද වැවේ සොරොව්ව භාර කෝකාලිමුත්තු (53) සහ කුඹුරු හිමියෙකු වූ 46 හැවිරිදි ජේසුදාසන් නමැති අයෙකි.
මෙම වෙඩි තැබීම් සිදුකර ඇත්තේ පිස්තෝලයකින් බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම සොරොව්ව පිහිටි ස්ථානය පාළුවට ගොස් තිබෙන අතර ඒ අවට කිසිදු නිවෙසක් පවා පිහිටා නැති බව පොලිසිය කියයි.
මෙම මළසිරුරු දුටු කාන්තාවක් මෙම වැව අද්දර අනතුරක් ඇතිවී තිබෙන බව පොලිසියට දැනුම්දී තිබේ.
ඒ අනුව අඩප්පන් පොලිසිය මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. මුල්ලිකන්ද වැවේ සොරොව්ව විවෘත කරන්න ගිය පුද්ගලයා එම පළාතේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි.
‘දිවයින’











