දිස්ත්‍රික්ක රැසකට දැඩි වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවට අනාවැකි පළවීමත් සමග මැතිවරණ දිනයේ ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සූදානමින් සිටී.Sri Lanka Latest News
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ මැතිවරණ දිනයේදී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව එම ප්‍රදේශ හඳුනාගෙන ඇති බවයි.
“අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව අපි මූලික ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර මෙම ගැටළු විසඳීමට සහ අවම කිරීමට ක්‍රියාවලියක් දියත් කරනවා” යැයි ඔහු පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ මැතිවරණය පැවැත්වෙන බ්‍රහස්පතින්දා උතුර, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.
අඟහරුවාදා සහ සෙනසුරාදා අතර මැතිවරණ කාලසීමාව තුළ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබදව මැතිවරණ විශේෂ මෙහෙයුම් මැදිරිය නිරන්තරයෙන්ම දැනුවත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.










