• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහන ගෙන්නුවා කියා මහබැංකුවේ ඩොලර් සංචිතවලට කිසිම බලපෑමක් නෑ! වාහන ආනයනය සීමා කරන්න කිසිම තීන්දුවක් අරන් නෑ! මහභාණ්ඩාගාරයෙන් කිසිම අනතුරු ඇඟවීමේ ලියුමක් එවලත් නෑ! I Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.  Sri Lanka Latest News

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කිසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය. 

අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.

එතැන් සිට ජුනි මාසය අවසානය දක්වා මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබේ.

ඒ අතරින් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 13,614කි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.

මෙවන් පසුබිමක ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කිරීම සඳහා මහබැංකුව, මහා භාණ්ඩාගාරය වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.

එමෙන්ම වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරය වෙත ලබාදී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.

වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදෙස් සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව පවසයි.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිඳු බලපෑමක් නොමැති බවය.

මෙවන් පසුබිමක මෙරටට ආනයනය කරන රථ වාහනවල වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කළේය.

Suzuki Wagon R FX-S රථයක් ජපානයේ රුපියල් ලක්ෂ 36ක් වන අතර එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 38ක බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව එම රථය මෙරටට ආනයනය කරන මිල ලක්ෂ 74ක් පමණ වුවත් එය මෙරට තුළ අලෙවි වන්නේ ලක්ෂ 86ක පමණ මිලකට‍ය.

Toyota Raize 1200cc Hybrid රථයක් ජපානයේ ලක්ෂ 74ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ 64කි.

ඒ අනුව Toyota Raize රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 138ක් පමණ වුවත් එය සැබැවින්ම අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 165 ක් වැනි මිලකටයි.

Honda VEZEL X වර්ගයේ රථයක ජපානයේ මිල ලක්ෂ 88ක් වන අතර එය ආනයනය කිරීමේදී අය කෙරෙන බදු මුදල ලක්ෂ 90කි.

ඒ අනුව VEZEL X වර්ගයේ රථයක් මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 178ක පමණ මිලකට වුවත් සැබැවින්ම එම රථය අලෙවි වන්නේ ලක්ෂ 210ක පමණ මිලකටය.

Toyota Hilux GR Sport වර්ගයේ රථයක තායිලන්තයේ මිල රුපියල් ලක්ෂ 150ක පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 130ක බදු මුදලක් අය කරයි.

බදුවලින් පසු එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 285ක පමණ වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 320ක් වැනි මිලකටය.

ජපානයේ Toyota Yaris Cross රථයක් රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමක් වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී ලක්ෂ 89ක බදු මුදලක් අය කෙරේ.

එම රථය මෙරටට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 154 ක් වැනි වටිනාකමක පැවතියත් එය අලෙවි කෙරෙන්නේ රුපියල් ලක්ෂ 195ක් වැනි ඉහළ මිලකටය.

Toyota Land Cruiser Prado 250 රථයක නිෂ්පාදිත රටේ වටිනාකම රුපියල් ලක්ෂ 180ක් පමණ වනවිට එය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් කෝටි 4ක පමණ බදු මුදලක් අය කෙරේ.

ඒ අනුව Prado 250 රථයේ මෙරට ආනයනය කරන මිල රුපියල් ලක්ෂ 585ක් වුවත් එය අලෙවි වන්නේ රුපියල් ලක්ෂ 650ක් වැනි මිලකටය.

මේ අතර ආනයනය නීති හා රෙගුලාසි උල්ලංඝනය කරමින් වාහන ආනයනයකරුවන් විසින් මෙරටට ආනයනය කරන ලද වාහන 300ක් පමණ හම්බන්තොට වරායේ රඳවා තබා ඇති බව වාර්තා වෙයි.

මෙම වාහන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය , ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

SendShareShare
Previous Post

මේක ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුවක්! රටේ අති බහුතරයක්.. විශේෂයෙන්ම තරුණ පිරිස වෙබ් අඩවි මගින් භාණ්ඩ ගෙන්වන්නේ ව්‍යාපාරික අරමුණෙන් නෙමෙයි! වහාම වෙනස් කරන්න! මුදල් කමිටුවේ සභාපති හර්ෂ ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විමල් අද කාගෙද මූනිස්සම්වලින් හතර අතේ වෙඩි තියන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.