වසීම් තාජුදීන් ඝාතනය කිරීමට පෙර ගමන් කළ ඔහු ගමන් කළ වාහනය පසුපස හඹා ගිය වාහනයේ සිටි පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බව පොලිසිය පවසනවා.Sri Lanka Latest News
අද (30) පැවති මාධ්‍ය හමුවකදී පොලිසිය සඳහන් කළේ, අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැති අපරාධකරු එම වාහනයේ සිට ඇති බවයි.
වසීම් තාජුදීන් ඝාතනය කිරීමට පෙර ගමන් කළ මාර්ගය සම්බන්ධයෙන් cctv දර්ශන ඔස්සේ විමර්ශනය කර තිබුණා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන ආ අපරාධකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ කරගත් තොරතුරු මත කජ්ජා ගේ බිරිඳගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ වසීම් තාජුදීන් ඝාතනය කිරීමට පෙර ගමන් කළ වාහනය පසුපස හඹා ගිය වාහනයේ සිටි පුද්ගලයා අරුණ විදානගමගේ නොහොත් කජ්ජා බවට අනාවරණ කර ගත් බවයි පොලිසිය පැවසුවේ.










