• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF එක කියන විදිහට සල්ලි හොයන්න ආණ්ඩුවෙන් විකුණන්න යන කොළඹ ඉඩම් ටික මෙන්න!

May 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF එක කියන විදිහට සල්ලි හොයන්න ආණ්ඩුවෙන් විකුණන්න යන කොළඹ ඉඩම් ටික මෙන්න!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ඉතිහසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටී. මේ වන විට මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණවත් වන්නේ දින තුනක අවශ්‍යතා ආනයනය කිරීමට පමණක් බව වාර්තාවේ. දැන් රටේ කිසිදු අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට මුදල් නැත. භාණ්ඩාගාරය හිස්ය. රටට විදෙස් විනිමය ගෙන ආ සංචාරක ව්‍යාපාරය බිමටම කඩා වැටී අවසන්ය. ආණ්ඩුවේ පාරදෘශ්‍ය බවකින් තොර ආර්ථික වැඩපිළිවෙළ නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මවුබිමට මුදල් එවීම නතර කර බොහෝ කල්ය. රසායනික පොහොර තහනම නිසා රටට විනිමය ගෙන ආ තේ සහ කෘෂි භෝග අපනයනය අද වන විට විනාශව ගොසිණි. යන්තම් හෝ පණ ගැට ගසා ගැනීමට ඉතිරිව ඇත්තේ දහසක් දෙනාගෙන් බැණුම් අසමින් රණසිංහ ප්‍රේමදාස යුගයේ බිහිකළ ඇඟලුම් කම්හල් කිහිපය පමණි. අර්බුදයේ දිග පළල සැකැවින් මෙසේය. මුදල් අමාත්‍ය අලි සබි්‍ර ඇතුළු නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ මෙවන් බංකොලොත් ආර්ථිකයක් ගොඩගන්නටය.

මේ පවතින ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට තනිව නොහැක. එහෙයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම පිළිබඳ කිසිවෙකුටවත් දොස් කිව නොහැක. එහෙත් අප සැබැවින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් වෙත යායුතුව තිබුණේ 2019 වසර අග හෝ 2020 වසර මුලය. එසේ ගියේ නම් අප ඔවුන් හමුවන්නේ යම්තරමකට ප්‍රමාණවත් සංචිත සහිත රටක් ලෙසය. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. ලංකාව ලබාගත් ණය ගෙවීමට නොහැකිව බංකොලොත් වී සිටී. ඉන්දියාවේ යාචකයන් සහ චීනයේ පෙර පාසැල් සිසුන් ආධාර කරනා තැනට ලංකාවේ ආර්ථිකය ඇදවැටුණු පසු අයි.එම්.එෆ්. වෙත යාමෙන් අපේක්ෂිත සහන ලැබිය හැකි දැයි සැක සහිතය.

ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. යාමෙන් විශේෂයෙන් බලාපොරොත්තු වූයේ ක්ෂණික ණ‍ය සහනයක් ලබාගැනීමය. එහෙත් ඒ බලාපොරොත්තුව හරිගියේ නැත. ඊට ප්‍රධාන හේතුව අප ලබාගෙන ඇති දැවැන්ත ණය කන්ද ප්‍රතිව්‍යුහගත කිරීමේ අර්බුදයයි. ශ්‍රී ලංකාවට විශාල ලෙස ණය ලබාදී ඇති චීනය තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නැත. ඔවුන් යෝජනා කරනුයේ ණය පියවීමට තවත් ණයක් දීමටය. ඒ චීන ණය උගුල ක්‍රියත්මක වන ආකාරයය. අනෙක් අතට මෑත භාගයේ අප ඕනෑවට වඩා ඉන්දියාවට සමීප වීම ඊට හේතුව විය හැක. ඉන් පැහැදිලිවන්නේ රටේ ආර්ථික පිළිවෙත මතු නොව විදෙස් පිළිවෙතේද පවතින අවුල්සහගත තත්ත්වයයි. දැන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වනුයේ දිගුකාලීනව අයි. එම්.එෆ් වෙතින් ලබාගත හැකි සහන පිළිබඳවයි. ආර්ථිකය බිඳවටුණු රටවලට උදව් කිරීම අයි.එම්.එෆ්. ආයතනයේ අරමුණ වුවද එය මුදල් බෙදන දන්සලක් ලෙස කටයුතු කරන්නේ නැත . එහෙයින් දිගු කාලීන සහන ලබා ගැනීමට ඔවුන් දැඩි කොන්දේසි පනවන බව පැහැදිලිය.

මේ වන විටත් අයි.එම්.එෆ්. ආයතනය ශ්‍රී ලංකාවට මූලික කොන්දේසි පහක් පනවා අති බව වාර්තාවේ. ඉන් ගම්‍ය වනුයේ එකී කොන්දේසිවලට එකඟ නොවී ඔවුන් සමග ඉදිරි කටයුතු කිරීම අසීරු බවය. නිර්දේශ ලෙසින් ඉදිරිපත් කර ඇති මේවා බරපතළ කොන්දේසි බව පැහැදිලිව දැකගත හැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පැවසීමත්, එවැනි සම්බන්ධතාවකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කිරීමත් නිසා රජය අයි.එම්.එෆ් යෝජනා නැතහොත් කොන්දේසි පිළිගැනීමට සූදානම් බව අපට විශ්වාස කළ හැක.

‘‍වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩිකිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගතයුතුය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැළපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණද සිදුකළ යුතුය’‍ යන්න අයි.එම්.එෆ් අපට පනවා ඇති පළමු කොන්දේසිය වේ. මේ අනුව ඉතා බරපතළ ලෙස ඉදිරි කාලයේ බදු ඉහළ දැමීමට රජයට සිදුවන බව පැහැදිලිය. එමෙන්ම දැනට පාඩු පිට පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායන්ගේ මූල්‍ය අවදානම අවම කිරීම යටතේ මහජන සුබසාධනය උදෙසා දැනට පවත්වාගෙන යන සේවාවන් රැසක් වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනු ඇත. ඒ අනුව විදුලි බිල්, දුම්‍රිය ගාස්තු වැනි බොහෝදේ ඉදිරියේදී ඉහළ යාම බලාපොරොත්තු විය හැක. එමෙන්ම සමෘද්ධි සහන අත්‍යාවශ්‍ය ජන කොටස්වලට සීමා කිරීමට යෝජනා කර තිබෙනා අතර එමගින් සැලකියයුතු ප්‍රමාණයකට එකී සහන අහිමිව යනු ඇත. සුබ සාධක පහසුකම් අඛණ්ඩව කප්පාදු විය හැකි බවට එය ප්‍රමාණවත් ඉඟියකි. ඒ යටතේ නිදහස් සෞඛ්‍ය සේවාවට පවා යම් තරමක සීමා පැනවීමට ඉඩ තිබේ. අ‍යි.එම්.එෆ් ආයතනය වෙනරටවලට අදාළව කොන්දේසි පනවා ඇති ආකාරය දෙස බැලීමේදී අපට මේ තත්ත්වය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබාගත හැක. 2016 වසරේ අයි.එම්.එෆ්. වෙතින් ඩොලර් බිලියන 1.5 ණය පහසුකමක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදීද මීට සමාන කොන්දේසි පනවනු ලැබීය.

ශ්‍රී ලංකාවට දිගු කාලීන ණය පහසුකම් සැපයීමේදී පවා දේශීය සංචිත වැඩිකර ගැනීම කළයුතු බව අයි.එම්.එෆ්. ආයතනය කොන්දේසි පනවා ඇත. එහෙත් ඊට පැහැදිලි ක්‍රමවේදයක් රජය සතුව නැත. මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නිසා යුරෝපා සංගමය ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහන පවා මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතී. යම් හෙයකින් එකී සහනය අහිමි වුවහොත් අපනයන අවස්ථා අවමවී ඩොලර් සංචිත තවදුරටත් පහත වැටෙනු ඇත. එහෙයින් රජයට ඉතිරිව ඇති ඉතිරිවී ඇති එකම විකල්පය රජය සතු සම්පත් විකුණා දැමීම පමණි. ඒ යටතේ ආදායම් ඉපිදවිය හැකි තත්ත්වයේ ආයතන රැසක්ද ඉදිරියේදී පෞද්ගලිකකරණය කිරීමට හෝ දීර්ඝ කාළීනව බදු දීමට යෝජනා වී ඇත. එමගින් රජය ඩොලර් බිලියන 11.55 ක විදේශ විනිමය සංචිතයක් උපයාගැනීමට බලාපොරොත්තුවන බව වා‍ර්තාවේ. මෙලෙස බදු දීමට යෝජනා කර ඇති ආයතන අතර කටුනායක, රත්මලාන සහ මත්තල ගුවන් තුටුපොළ තුනම වන බව ඇසීමෙන් ඔබ පුදුමයට පත් විය හැක. එහෙත් එම ආයතන තුන දීර්ඝකාලීනව බදු දීම මගින් ඩොලර් බිලියන 2.7 උපයාගැනීමට රජය අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මූල්‍ය ඇපකරයක් ලබාදීමට අභ්‍යන්තර ගුවන්තොටුපොළ සියල්ල පෞද්ගලීකරණය කරන්නැයි අයි.එම්.එෆ් ආයතනය 2015 දී ග්‍රීසියට පැනවූ කොන්දේසිය අපට මෙහිලා සිහියට එයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස්වලින් 51% ඩොලර් මිලියන 500කට සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්හි කොටස් ඩොලර් මිලියන 300කට විකුණා දැමීමට නියමිතය. කොළඹ වරාය උතුර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පර්යන්ත දෙකක දිගු කල්බදු අයිතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 600කට ලබාදීමට නියමිතය. ඊට අමතරව තෙල් පිරිපහදුව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ප්‍රාග්ධන මුදල් නැවත ආයෝජනය සඳහා එහි කොටස් විකිණීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි. රජය සතු සමාගමක් ලෙස පවතින ලිට්‍රෝ ගෑස් ආයතනයේ කොටස් ඩොල‍ර් මිලියන 500කටද, කෙළවරපිටිය බලාගාරය ඩොලර් මිලියන 250කටද විකුණා දැමීමට නියමිතය.

මීට අමතරව රජය විසින් පිහිටුවා ඇති සෙලන්දිවා නම් සමාගම යටතේද විශාල දේපළ ප්‍රමාණයක් විකුණා දැමීමට හෝ දීර්ඝ බදු ක්‍රමයට ලබාදීමට නියමිතය. මහා භාණ්ඩාගාරයට කොටස් අයිතිය සියයට සියයක්ම හිමි මෙම සමාගමට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපළකට අදාළව ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලය ඇත. ඒ අනුව කොළඹ නගර මධ්‍යයේ ඇති වටිනා ඉඩම් සහ ගොඩනැගිලි රැසක් දැනටමත් හඳුනාගෙන ඇත. ඒ වටිනා දේපොළ අතර කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යෝර්ක් ගොඩනැගිල්ල, සී නෝර් අවන්හල, හිල්ටන් හෝටලය සහ ක්‍රීඩා සංකීර්ණය, ග්‍රෑන්ඩ් හයට් හෝටලය, ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල, විදේශ කටයුතු අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල, ප්‍රධාන තැපැල් කාර්යාලයීය ගොඩනැගිල්ල, කොළඹ වරාය නගරයේ රජය සතු ඉඩම්, වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, නාරාහේන්පිට ට්‍රැක්ටර් සංස්ථාව සතු ඉඩම්, මිල්කෝ ආයතනය සතු ඉඩම, ඇතුළු වටිනා දේපළ 42ක් වන බව වාර්තාවේ. මේ ගනුදෙනු සියල්ලේ අරමුණ දේශීය සංචිත වර්ධනය කර අයි.එම්.එෆ් ඉලක්ක සපුරා ඔවුන්ගේ දිගු කාලීන ණය සහන ලබා ගැනීමය.

මේ ගොඩනැගිලි අතරින් සැලකිවයුතු ප්‍රමාණයක් පුරාවිද්‍යා පනතින් ආරක්ෂිත ගොඩනැගිලි වන අතර ඒ බව නොතකා රජය ඒවා විකුණා දැමීමට හෝ බදු දීමට නියමිත බව වාර්තාවේ. එසේ කිරීමෙන් කොළඹ නගරයේ බි්‍රතාන්‍ය පෞරාණික උරුමයන් රැසක් අහිමිව යාමට ඉඩ තිබේ. කෙසේ වෙතත් අයි.එම්.එෆ්. යෝජනාවලට අනුව ආර්ථිකය හැඩගැස්වීමට මෙකී දේපොළ බද්දට හෝ විකිණීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. ජනතාවගේ සුබ සාධන පහසුකම් තව දුරටත් කප්පාදු කිරීමට රජයට සිදුවෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතරයක් තවමත් අඩු ආදායම්ලාභීන් වන බැවින් මෙම රාජ්‍ය දේපළ විකුණා දැමීම මෙන්ම සුබ සාධන පහසුකම් කප්පාදුවද අනාගතයේ රට තුළ බරපතළ අර්බුද ඇති කිරීමට හේතුවනු ඇති බව පැවසිය හැක.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නාමල් රාජපක්ෂගෙ මාමණ්ඩියයි-උදයංග වීරතුංගයි-ප්‍රසන්න රණතුංගයි සංචාරක කර්මාන්තය විනාශම කරපු හැටි ඇතුළෙන්ම හෙළි කරයි! චේන් එකේ ලොක්කා තිලක්! උදයංගට ඩ්‍රයිවින් ලයිසන් එකක්වත් නෑ! එයා කළු සල්ලි සුදු කළා! (VIDEO)

Next Post

ගෝඨාව බේරගෙන-අගමැති විතරක් අයින් කරගෙන-අන්තර්වාර පිහිටුවාගෙන නටන්න යන නාඩගමට එරෙහිව අරගල භූමියේ තරුණයන්ගෙන් තද පණිවුඩයක්! ‘සෝභිත හිමියනේ ඔබ වහන්සේ ගිහින් කියන්න ජනාධිපතිට අස්වෙන්න කියලා! එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි!’ සාකච්ජාවේදී තරුණයන්ගේ පණිවුඩය විශ්ව ලංකා හාමුදුරුවන්ගේ මූණටම කියයි! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.