මාලනී අක්කා ගැන ආයෙ නොලිය ඉන්න හිතුවත් අද රාත්‍රිය ඇතිවූ දුරකතන සංවාදයක් නිසා අන්තිම සටහනත් මෙහෙම ලියල ඉවර කරන්නම්. Sri Lanka Latest News
මේ ඡායාරූපය මාලනී අක්ක මියැදෙන්න සති තුනකට විතර කලින් එකක්. මම ඒක බ්ලර් කරන්‍නෙ මේක්අප් නැතිව ගත්ත පෞද්ගලික හමුවක එකක් නිසා. ඒත් ඒ කාමරේ පසුතලය දන්න අය හඳුනාගනීවි.
චිත්‍රා, මාලනියගෙ ගමේ ඒ කියන්නෙ කැලණියෙ කෙනෙක්. දැන් පදිංචිය ඇමෙරිකාවෙ බොස්ටන්වල. ඇය මෑතකදි එනවා මාලනී අක්කව බලන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට යන්න පුළුවන්ද කියලා හොයල බලන්න කියල මාලනී අක්ක කිව්වත් ඒක ප්‍රායෝගික දෙයක් නොවන බව චිත්‍රා දන්නවා.
අන්තිම හමුවෙදී චිත්‍රාට මාලනී අක්ක මෙහෙම කියනවා.
‘මම ආණ්ඩුවෙ සල්ලි ගත්තා කියල මට හැමතැනම මඩ ගහනවා ගිx’. මට සල්ලි තිබුණා නම් මම ඒක ගෙවල දානවා. මේ වෙලාවෙ ඒක ගෙවන්න හරි අමාරුයි. මම හරි දුකින් ඉන්නෙ ගිx’
මේක ප්‍රබන්ධයක් හෝ දේශපාලන මඩක් නෙමේ. නලින්ද මේ තරම් ඩැමේජ් එකක් වෙයි කියල හිතා හෝ නොහිතා කරපු ඒ චෝදනාව නිසා මාලනිය ගතකළේ කොයි තරම් කනස්සල්ලෙන්ද කියලා කියන්නයි මට ඕනෙ කළේ.
දැන් හැමදේම වෙලා ඉවරයි. ආයෙවත් මෙහෙම කරන්න එපා. වැඳලා ඉල්ලන්නම්….
(ගිx යනු මාලනී, චිත්‍රා අමතන සුරතල් නාමයයි)
Sanjeewa Batuwatta ෆේස්බුක් පිටුවෙනි










