• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජ්‍ය ගෞරව සහ අගෞරව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 31, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
රාජ්‍ය ගෞරව සහ අගෞරව! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලනීට කලින් සිංහල සිනමාවේ නයිටින්ගේල් කියා හඳුන්වපු රුක්මණී දේවි සහ ප්‍රකට නළු එඩී ජයමාන්නගේ විවාහයට ඔවුන්ගේ මවුපියන් එරෙහි විය. එය දැනගෙන එඩී සහ රුක්මණී හොරෙන් පැනලා යන්න තීරණය කළහ. හොරෙන් පැනලා යන්න තීරණය කළ එඩී සහ රුක්මණීට මවුපිය අවසරය ලැබෙන තෙක් තාවකාලිකව ඉන්න නවාතැනක් නොවීය. ඒ වෙලාවේ එඩී සහ රුක්මණීගේ සහායට ආවේ ජේ.ආර්.ය. ජේ.ආර්., එඩී සහ රුක්මණී දෙපළට තාවකාලිකව නතර වෙන්න ඔහුගේ නිවස දුන්නේය.Sri Lanka Latest News

ලංකාවේ රාජ්‍ය නායකයන් කලාකරුවන් කලාකාරියන් ආශ්‍රිය කළේ එලෙසය.

ප්‍රේමදාස ජෝතිපාලගේ රසිකයෙකි. 1987 ජෝතිපාල මියයන්න පෙර අවසන් වතාවට ගී ගැයුවේ ප්‍රේමදාසගේ කතරගම ගම්උදාවේය. ඔහු ගීත ගයන්නේ බලවත් අපහසුතාවෙන් බව ප්‍රේමදාසට වැටහිණි. ජෝතිපාල ඉන් පසු රෝහල්ගත කළත් ඔහු මියගියේය. ජෝතිපාලගේ අවමඟුල ගැනීමට නියමිතව තිබුණේ ජූලි 09 වැනිදාය. එවක අගමැති ප්‍රේමදාසට කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේදී නයිරෝබි නුවර ජාත්‍යන්තර නිවාස වසර ලෙස 1988 නම්කරන යෝජනාව ඉදිරිපත් කිරීමට භාරදී තිබිණි. එය ප්‍රේමදාසගේ යෝජනාවකි. ඒ සඳහා ප්‍රේමදාස වෙනුවෙන් උපහාර උළෙලක්ද සංවිධාන කොට තිබිණි. ප්‍රේමදාස ඇතුළු නියෝජිත පිරිසට සමුළුව පැවැත්වෙන ජූලි 11ට දින දෙකකට පෙර එනම් ජූලි 09 නයිරෝබි නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර තිබිණි. නමුත් ජූලි 09 ජෝතිපාලගේ අවමඟුල් උළෙලය.

‘ජෝතිගේ අවමඟුල දමලා මට එන්න බැහැ. ඔබලා යන්න. මම අවසන් ගුවන් යානයෙන් 11 වෙනකොට සමුළුවේ ඉන්න බලාගෙන එන්නම්….’ ප්‍රේමදාස කිව්වේය.

‘එහෙම කරන්න එපා සර්. මේක සර්ගේ ජීවිතයේ සර්ගේ දේශපාලනයේ සන්ධිස්ථානයක් සනිටුහන් වන දිනයක්. ෆ්ලයිට් එක මිස් වුණොත් ඔක්කොම ඉවරයි…’ ප්‍රේමදාසගේ ලේකම්ලා කීහ.
‘ඒක ප්‍රශ්නයක් නැහැ. මම කොහොම හරි ජෝතිපාලගේ මළගෙදර ඉන්න ඕනා…’ ප්‍රේමදාස කීවේය.

ප්‍රේමදාස එදා ජෝතිපාලගේ මළ ගෙදරට ගියේ ගී කෝකිලාව ලතා වල්පොලද වාහනයේ රැගෙනය. එයට හේතුව ජෝතිපාල පළමු විවාහයෙන් වෙන්වී ලතා විවාහ කරගත් නිසා ජෝතිපාලගේ පළමු විවාහයේ පවුලේ අය ලතා ජෝතිගේ දේහයට අවසන් බුහුමන් දැක්වීම අනුමත කළේ නැත. ලතා මේ දුක ප්‍රේමදාසට කීවේය. ප්‍රේමදාස ඔහුගේ වාහනයේ ලතාව රැගෙන ගියේ ඒ නිසාය. ප්‍රේමදාස කෙසේ හෝ ජෝතිපාලට අවසන් බුහුමන් දක්වන්න ලතාව එතැනට රැගෙන ආවේය. ඒ වගේම ජෝතිපාලගේ අවසන් කටයුතු කොට ඔහු නයිරෝබි බලා පිටත්ව ගියේය.

ඔහු ජෝතිපාලගේ අවසන් කටයුතු කළා පමණක් නොව ජේ.ආර්.ගේ ආණ්ඩුවට ඉල්ලීමක් කොට ජෝතිපාලගේ අවමඟුලට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරවා ගත්තේය. ඒ, ඔහු ජෝතිගේ රසිකයෙක් වූ නිසාම නොව, ජෝතිට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත රසිකයන් වෙනුවෙනි.

අනෝජා වීරසිංහ ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර සම්මානයක් දිනපු වෙලාවේත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇයට ඉහළම ගෞරවය දී ආණ්ඩුවේ ඉඩමක්ද පරිත්‍යාග කළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දක්වන ගෞරවය ජාත්‍යන්තර සම්මාන දිනන නළු නිළියන්ටත් ලබාදෙමිනි.

ලංකාවේ නළු නිළියන් අනෙකුත් කලාකරුවන් බොහොමයක් දේශපාලන පක්ෂවලට බෙදී සිටියද දේශපාලන පක්ෂ ඔවුන්ව බෙදාගෙන වෙනස්කම් කළ අවස්ථා අල්පය.

ගාමිණී, මාලනී, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, අනෝජා වැනි කලාකරුවන් බොහොමයක් හඳුනාගෙන තිබුණේ යූ.ඇන්.පී. හිතවාදීන් ලෙසය. විජය, ගීතා, සුමනා, රෝයි හඳුනාගෙන තිබුණේ ශ්‍රීලනිප හිතවාදීන් ලෙසය. විජය 1970 යූ.ඇන්.පී. මැතිවරණ වේදිකාවට නැග්ගත් 1977 මහ මැතිවරණයේදී විජය ඡන්දය ඉල්ලුවේ ශ්‍රීලනිපයෙන්ය. මාලනී, රවීන්ද්‍ර, සනත් හැමදාමත් යූ.ඇන්.පී. වේදිකාවේ සිටියහ. 2000දී යූ.ඇන්.පී.ය රවීන්ද්‍රට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දුන්නත් මාලනීට ඒ අවස්ථාව අහිමි විය. මහින්ද පක්ෂ භේද නොතකා මාලනීට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දුන්නේය. මාලනී ඒත් ශ්‍රීලනිප වේදිකාවට නැග්ගේ නැත. මාලනීට හදවත් සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලන විට ජනාධිපතිව සිටියේ රනිල්ය. ඔහු මාලනී, මහින්දගේ ජාතික ලැයිස්තුවේ හිටියා කියා ඒ ආධාර දීම ප්‍රතික්ෂේප කළේ නැත. රවීන්ද්‍රත් යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූවාට පසුව මහින්ද ජනාධිපති වූ විට මහින්ද සමග සිනමාවේ උන්නතියට වැඩ කළේය. මාලනීගේ ආධාර ඉල්ලීම රනිල්ට යොමුකළේ රවීන්ද්‍රය. ඒ වෙලාවේ රනිල්, මහින්දගේ කාලයේ රවීන්ද්‍ර හිටියේ කොහේද කියා ආඩපාලි කියන්න ගියේ නැත.

ගාමිණී හැමදාම හොඳ යූ.ඇන්.පී.කාරයෙකි. ඔහු යූ.ඇන්.පී.යට අමාරුම වෙලාවේ යූ.ඇන්.පී.යෙන් ඡන්දය ඉල්ලා නියෝජ්‍ය කතානායක විය. නමුත් 1994 මහ මැතිවරණයේදී ගාමිණී යූ.ඇන්.පී.ය හැරදමා චන්ද්‍රිකාගේ පොදු පෙරමුණට එක්වී උතුරු-නැගෙනහිර ආණ්ඩුකාර ධුරයට පත්විය. පසුව ඔහු මියයන විට චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු දේශපාලනයෙන් ඉවත් වී පුද්ගලිකව චන්ද්‍රිකාත්, චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් දැඩි ලෙස විවේචනය කරමින් සිටියේය. ඒත් චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඔහුට ඔහුගේ අවමඟුලේදී රාජ්‍ය ගෞරවය දුන්නේය.

සනත් දැඩි යූ.ඇන්.පී. පාක්ෂිකයෙක් වී 1993 පළාත් සභා ඡන්දයට යූ.ඇන්.පී.යෙන් ඡන්දය ඉල්ලුවේය. එහෙත් 1994දී ඔහුත් ගාමිණී වගේ චන්ද්‍රිකාට එක්විය. නළු නිළියන්ගේ දේශපාලනය එහෙමය.

පුදුමය ජවිපෙට එය තේරුම් නොයාමය. සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් අයගේ නම් කියද්දී මාලනීගේ නම කිව්වේ මේ කියන්නේ සරත් ෆොන්සේකා ගැන නොවේ කියාය. ඔහුට පැහැදිලිවම මාලනීගේ නම ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය වූ බව එයින් පැහැදිලි විය.

එම වැරැද්ද හදාගන්න අඩුම තරමින් මාලනීගේ අවමඟුල් දින ශෝක දිනයක් ප්‍රකාශයට පත්කොට ඇයට රාජ්‍ය අනුග්‍රහය නොව රාජ්‍ය ගෞරවය ලබාදිය යුතුව තිබිණි. මන්ද ඇය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී මියගිය පළමු නිළියය.

‘දේශපාලනඥයන් නළු නිළියන්ට වඩා ජනප්‍රියද…?’

වරක් ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත පසුව දේශපාලනඥයෙක් වී මන්ත්‍රීවරියක වූ බොලිවුඩයේ ප්‍රවීණ නිළි ජයා බච්චන්ගෙන් ඇසුවේය.

‘නැහැ…’

ඇය ගත් කටටම කීවාය. ලංකාවේත් එහෙමය. බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව ගාමිණී ෆොන්සේකාව විනාශ කරන්න ඔහුගේ නම මකන්න උත්සාහ කරනු ලැබීය. ජේ.ආර්.ගේ ආණ්ඩුව විජය කුමාරතුංගව විනාශ කරන්න, ඔහුගේ නම මකන්න නොකළ දෙයක් නැත. එයින් වුණේ ඔහු ජනතාව අතර තව තවත් ජනප්‍රිය වීමය. මියගිය මාලනී ජීවත්ව උන්න මාලනීටත් වඩා ජනප්‍රිය වූයේ ජවිපෙ ආණ්ඩුව ඇයට උරුම ගෞරවය ඇයට නොදුන් නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මම ආණ්ඩුවෙන් සල්ලි ගත්තා කියලා මට හැමතැනම මඩ ගහනවා! මට සල්ලි තිබුණා නම් මම ඒක ගෙවලා දානවා! මේ වෙලාවේ ඒක ගෙවන්න හරි අමාරුයි! මම හරි දුකින් ඉන්නේ! Sri Lanka Latest News

Next Post

ලොකු ලොකු නම් තියෙන තවත් හිටපු මැති ඇමැතිවරු ඇතුලු ලොක්කන් 20ක් ඇතුළට ගන්න සියල්ල ලෑස්තියි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.