• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිද? ජගත් විතානද? උසාවියේදී බේරගමු! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස්පතිද? ජගත් විතානද? උසාවියේදී බේරගමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාව පාතාල මර්දනයය. එහිදී ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකිය. එවැනි පසුබිමකදී හිටිහැටියේම සජබ මන්ත්‍රි ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඝාතනය කිරීමේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කර ඇති බව අනාවරණ කරමින් දේශපාලන බෝම්බයක් පත්තු කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ජගත් විතාන මහතා පාතාලයට සම්බන්ධ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. පහත දැක්වෙන්නේ පොලිස්පතිවරයා කළ එම ප්‍රකාශයත්, ඊට ජගත් විතාන මහතා ලබාදුන් පිළිතුරුත්ය.Sri Lanka Latest News

පොලිස්පතිගේ කතාව

ප්‍රශ්නය – ජගත් විතානගේ මහත්මයාත් මේ තර්ජන එනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා. ඔබතුමාලා මොකක් හරි ඒක සම්බන්ධව දන්නවද?”‍
පිළිතුර – ”‍දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දුන්නා. හැබැයි එතුමටත් තියෙන්නේ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ යම් පුද්ගලයන්ගේ සහ සම්බන්ධකම් හින්දා තර්ජන ඇතිවුණා. අපි විවෘතව විමර්ශනයක් පවත්වනවා මේ සම්බන්ධයෙන් මොන ආකාරයෙන්ද ඒ ඔවුන්ට තර්ජනය නිර්මාණය වුණේ කියලා.”‍
ප්‍රශ්නය – ”‍එතකොට ඔහුත් යෝජනා කළා පොලිස්පතිතුමාගේ උපදෙස් පිට තවත් කීපදෙනෙක් පොලිස් පරීක්ෂකවරු කිව්වා කියලා. ඒ ගැන මොකද හිතන්නේ?”‍
”‍අපි ලැබෙන හැම තොරතුරක්ම පහළට යොමු කරලා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරනවා. මම හිතන්නේ ඒ විමර්ශන කටයුතු කරන අවස්ථාවක තමයි ඒ සම්බන්ධයෙන් තොරතුරු එතුමට ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් අපි එතුමාව දැනුවත් කරනවා. දැනුවත් කරන්න අවශ්‍යයි. මේක මහජන දේශපාලනය කරන්න ගිහිල්ලා නෙමෙයි මේ තර්ජනය මතු වෙන්නේ. යම් යම් කූට ව්‍යාපාර, ජාවාරම්කාර පුද්ගලයන් එක්ක සහ සම්බන්ධ වුණොත් ඒවයින් නිර්මාණය වෙලා තියෙනවා කියලා දැනට අනාවරණය වෙලා තියෙනවා.”‍

ජගත් විතානගේ කතාව

මම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන, කළුතර දිස්ත්‍රික්කය. මම අද පත්තර පිටු බලනකොට මට පුදුම හිතුණා මාව අපරාධ කල්ලිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා පොලිස්පතිතුමා නිල නිවේදනයක් විදිහට නිකුත් කරනවා මාධ්‍යයට. මම අද ඒ මොහොතේ තමයි දන්නේ මට මේ වගේ අපරාධ කල්ලිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවාය කියන එක. ඒ වගේම එතුමා කියනවා මම කතානායකතුමා හරහා නීත්‍යනුකූලව වරප්‍රසාද ප්‍රශ්නයක් ඇති කරලා වරප්‍රසාද කැඩුණාය කියලා පාර්ලිමේන්තුවේ සියලු‍ දෙනා පිළිඅරගෙන, විශේෂයෙන්ම මම එදා ඉදිරිපත් කරන වෙලාවේ අපරාධෙ කියන්න බෑ ඒක ඉදිරිපත් කරලා ඉවර වුණාට පස්සේ කෑම විවේකයට නැවැත්තුවා. ඒ වෙලාවේ නලින්ද ජයතිස්ස ඇමැතිතුමා පවා මගෙ ළඟට ඇවිල්ලා මවිතයට පත් වුණා. මම මේ වාර්තාව දුන්නා. මේ වාර්තාව දෙනකොට තමයි මගේ අතට ලැබුණාට පස්සේ තමයි මම දන්නේ මම ජීවිත තර්ජනයට ලක් වෙච්ච පුද්ගලයෙක් කියලා. එතෙක් කල් මම නිදහසේ හිටියා හොඳට.

ඉතින් දැන් මට මේක පොලිස්පතිතුමාගෙන්ම වචනවලින් තමයි මේ කියන්නේ. මේ ලිස්ට් එකක් තියෙනවා මේකේ. නොයෙකුත් අපරාධකාරයෝ ඉන්නවා. ඒ අතින් මම තමයි, මේ කියන්නේ, 24 වැනියට මම ඉන්නේ. සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන. ඊට පස්සේ මේ චෝදනා තියෙන කොටසේ කිසිම චෝදනාකරුවෙක් විදිහට මාව හුවා දක්වලා නැහැ. අනිත් තැන්වල හැම තැනම තියෙනවා පාතාලේ සම්බන්ධය. මේ දැන් මේ මට පල්ලෙහා තියෙන එක්කෙනාට තියෙනවා කලක් සංවිධානාත්මක අපරාධකරුවෝ වශයෙන් ෂාන් අරෝෂ් ජයසිංහ නොහොත් මතුගම ෂාන් සමග සම්බන්ධව කටයුතු කළා. ඒ වගේ, මේ එහෙම එහෙම හැම තැනම දාලා තියෙනවා චෝදනාවක්. මේකේ චෝදනා මුකුත් නැහැ. ඒකේ කියන්නේ ෂාන් අරෝෂ් ජයසිංහ නොහොත් මතුගම ෂාන් අංක එක කපිතාන් ජීවන මාවත මතුගම, දැනට විදේශගතව. නිවසේදී හෝ මාර්ගයේ ගමන් කරන විට වෙඩි තැබීමක් සිදු කළ හැකි බව.

ඉතින් මම දන්න තරමින් නම් ෂාන් මගෙත් එක්ක කිසිම ආරෝවක් නැහැ. ඒ වගේම ෂානුයි මගෙයි අතර කිසිම විරෝධතාවක් ඇති වෙන්න හේතුවක්, ගනුදෙනුවක් සිද්ධ වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මෙතනදි තමයි මම තේරුම් ගත්තේ පොලිස්පතිතුමාට ඇත්තටම ලැබිලා තියෙන නිල නිවේදනයක්, ඔත්තුවක් අනුව. ඊට පස්සේත් ඒක වෙලත් මට සිද්ධ වුණා අසාධාරණයට ලක්වෙන්න මේ ත්‍රීවීල් එකක් ඇවිල්ලා මගේ ගෙවල් ළඟින් හරවලා ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා අහනවා කෝ මෙයා, කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඒක නෙමෙයි, කෝ ජගත් විතාන. මෙයා කොහෙද ඉන්නේ, මෙයා කවුද කියලා. මෙයා ආයුධ අරන් යනවාද? එහෙම කියලා ප්‍රශ්න කරනවා. එතකොට මට ගෙදරින් කියනවා කතා කරලා, එන්න එපා, ගෙදර එන්න එපා. මෙන්න මෙහෙම කට්ටියක් ඔයාව හොයනවා සිවිල් ඇවිල්ලා. ඒ කියන්නේ ගෙදර කට්ටිය බය වෙලා මට වෙඩි තියන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දවස්වල වෙන සිද්ධිත් එක්ක. ඊට පස්සේ මම මොකද කළේ? ඒ පැය ගානකින් මගේ පුතාව මම අරිනවා. පුතාවත් අහනවා, කෝ පුතත් කියලාත් අහනවා. ඊට පස්සේ පුතාව මතුගම පොලීසියට ඇරලා මම පැමිණිල්ලක් දානවා මතුගම පොලීසියේ.

මෙන්න මෙහෙම ත්‍රීවීල් එකක් ඇවිල්ලා, මෙන්න මෙහෙම අහලා, ගෙදර කට්ටිය බය වෙලා, මට ගෙදර එන්නත් එපා කියලා කියනවා කියලා කිව්වාම, ඒ ත්‍රීවීල් එකේ නම්බරේ පවා මම පොලීසියේ කට උත්තරේ ලිව්වා. ඒ බී වයි 1337. ඒ නම්බර් එකත් ලියලා ඇන්ටි්‍ර එක දාලා ඉවර වෙලා පැය භාගයක් යනකොට මට කෝල් එකක් එනවා පොලීසියේ නිලධාරියෙක්ගෙන්. අයි.පී.ද එස්.අයි.ද මට මතක නැහැ. එයා සංජයද කියලා නම කිව්වේ. එයා කියනවා සර් මම තමයි ආවේ. මමයි ගෙදරට ගියේ. මම ඇහුවා ඕගොල්ලෝ මොකද ගෙදරට ගියේ? මම මේ ටවුන් එකේ ඉන්න ඕනේ ඔෆිස් එකේ. නැහැ අපි ගියා. අපිට පොලිස්පතිතුමාගේ උපදෙස් ලැබුණා ගිහිල්ලා මේක ගැන සොයා බලන්න කියලා. ඊට පස්සේ මම ගෙදරට ගියා. එතකොට මම ඇහුවා ඇයි පොලිස් කියලා ත්‍රීවීල් එකේ ගහලා නැත්තේ? ඇයි ඕගොල්ලෝ යුනිෆෝම් ඇන්දේ නැත්තේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇයි මගේ නම්බර් එකට මේ විදිහට කෝල් කරලා ඇවිල්ලා මා හම්බුණේ නැත්තේ? ඒවට උත්තර නැහැ.

ඊට පස්සේ මම කිව්වා ඔයා කියන එක මම පිළිගන්නේ නැහැ.
”‍පොලිස්පතිතුමා කවදාවත් ඔයාට එහෙම කියලා නැහැ. මොකද පොලිස්පතිතුමා අපේ ගමේ. අඳුරන්නේ නැති එක්කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම කිව්වට පස්සේ නැහැ පොලිස්පතිතුමාගේ නිවේදනය තියෙනවා කියලා මෙන්න මේක වට්ස් ඇප් එකට එව්වා මට. මේක දැක්කට පස්සේ නම් මට හිතුණා පොලිස්පතිතුමා දීලා තියෙනවා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා එයාගේ අස්සනින්ම බස්නාහිර පළාතේ ඩී.අයි.ජී. මහත්තයාට. ඊට පස්සේ බස්නාහිර පළාතේ ඩී.අයි.ජී. මහත්තයා නිකුත් කරලා තියෙනවා කළුතර ඩී.අයි.ජී. මැතිනියක් ඉන්නේ එයාට. එයාගේ හරහා තමයි විශේෂ විමර්ශන කණ්ඩායමකට මේක බාර දීලා තියෙන්නේ. මතුගම පොලීසිය දන්නෙත් නැහැ, කළුතර දන්නෙත් නැහැ, අලු‍ත්ගම දන්නෙත් නැහැ. ඉතින් මීට පස්සේ තමයි මම ගිහිල්ලා මේ හැසිරිච්ච ආකාරය පිළිබඳව මගේ වේදනාවයි, මගේ අයිතිවාසිකම් කඩවීමයි මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ.
ඉතින් ඒ අය කියනවා මට තාවකාලිකවලු මේ ආරක්ෂාව දීලා තියෙන්නේ. එහෙමනම් දැන් මේ වෙඩි කන්න ඉන්න මනුස්සයා මම. මේ අභයදාන ලැබිලා මම ඉන්නේ. මේක අයින් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මේ මොහොතේ කතා කරලා යනකොට අයින් කරයි. අයින් කරයි කියලා මම කවදාවත් වැඳගෙන යන්නේ නැහැ. අනේ මට දෙන්න. කෙඳිරි ගාන්නෙත් නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. මම මේක ආවේ මේ වගේ දේවල් කිසිම දේශපාලකයෙකුට, කිසිම මිනිහෙකුට වෙන්න එපා කියන පණිවුඩය දීලා යන්න ආවේ මේ. කිසි දවසක වරදවා හිතන්න එපා මේ බයෙන් ආපු ගමනක් කියලා.

ඉතින් මම එදා මගේ පළමුවැනි කතාවේදීත් මම කිව්වේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම මගේ ඉලක්ක සපුරාගෙන ඉවරයි. ඒක ගැන කවුරුවත් තරහා වෙන්න එපා. මට මැරෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මැරෙන්න ඉස්සෙල්ලාත් මේක අපි යාවත්කාලීන කරන්න ඕනේ. මේක අපි කියන්න ඕනේ ඇත්ත තත්ත්වය මේකයි කියලා. ඒ නිසා මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ මම ව්‍යාපාරිකයෙක්. එයා කියලා තියෙනවා කුඩු ව්‍යාපාර කතන්දරයකුත් කියලා තියෙනවා. පොලිස්පතිතුමා මගේ ව්‍යාපාර ගැන දන්නවා. මම 89 ව්‍යාපාර පටන් ගත්තේ පොලිස්පතිතුමා. කළුතර දිස්ත්‍රික්කයේ හරි, ලංකාවේ හරි දහ පහළොස් දෙනා අතර මාත් ඉන්නවා ආදායම් බදු ගෙවන පුද්ගලයෙක් වශයෙන්. පාර්ලිමේන්තුවේ වත්කම් බැරකම් දුන්නාම ඒකේ ඒගොල්ලෝ තේරුම් ගන්න ඇති. ඉතින් වරදක්ද ඒක? මම අවුරුදු 89 ඉඳලා ව්‍යාපාර කරලා, ව්‍යාපාර ජාලයක්, එහෙම ඇති කරපු මට කළු පැල්ලමක් එකතු කරා.

ඉතින් ඒ නිසා මම මෙතනදී ආයේ සැරයක් නීත්‍යනුකූල විදිහට අපේ අයිතිවාසිකම් කඩවිල්ලට දෙවැනි එකත් පොලිස්පතිතුමාට විරුද්ධව ඉදිරිපත් කරනවා. ඒක පිළිබඳව ඒක නීත්‍යනුකූල අයිතියක්. අපිට ගරු අධිකරණයෙන් දෙන තීන්දු තමයි පිළිගන්න වෙන්නේ. මේ බලන්නකෝ මේ මවනවනේ මාව පාතාල කල්ලිත් එක්ක…”‍

ඉතින් මේක මම හිතන්නේ නැහැ. මේ පොලිස්පතිතුමාගෙත් දැනුවත්ව වෙච්ච දෙයක් කියලා. නමුත් මෙතන පේනවා පොලිස්පතිතුමාගේ අත්සන තියෙනවා. ඉතින් මේක වරප්‍රසාද කඩවීමක්. මේක අපිට මේ වගේ කතන්දරයක් මේ එළිපිට කරලා. මේ එළිපිට මේ වගේ තර්ජන තියෙනවා කියලා මට කියන්නේ නැතුව මේක මාධ්‍යයට නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඇයි මට මේ වගේ නඩු දාලා තියෙන්නේ කියලා. ඒ නිසා මම අහනවා ඇයි මාව මේ වගේ පාතාල කල්ලිත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. මම ආවේ අරගෙන ගේම දීලා යන්න. ඒ නිසා කාටවත් බය වෙන්න එපා. කාටවත් යටත් වෙන්න එපා. රට වෙනුවෙන් මේ අරගෙන ආපු ගමන තමයි මම ආවේ. ඒ නිසා කාටවත් බය වෙන්නෙත් නැහැ, යටත් වෙන්නෙත් නැහැ. මට මේකේ දිනන්නත් ඕනේ නැහැ, පරදින්නත් ඕනේ නැහැ. රටට වෙච්ච අසාධාරණය මම පෙන්නලා දීලා යන්නම් කියලා කියනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ සියලු‍ම දෙනාටම මේක නීත්‍යනුකූල කටයුත්තක්. ඒ නිසා මට කවදාවත් මේ පාතාල කල්ලිත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. කාටවත් බය වෙන්නත් එපා. කාටවත් යටත් වෙන්නත් එපා කියලා මම කියනවා.”‍

SendShareShare
Previous Post

ලොකුම සමූපකාරය වෙච්ච කොටපොළ දිනුම තමයි දිනුම! අධ්‍යක්ෂ මණ්ඩලයේ 7න් 6ක්ම සජබයට! එකක් පොහොට්ටුවට! ඉල්ලපු මාලිමාවේ කොටපොළ සභාපතියි මන්ත්‍රීවරු 6 දෙනාමයි පරාදයි! I Sri Lanka Latest News

Next Post

ඉන්දියානු ආණ්ඩුව සජිත්ව නිල වශයෙන් නවදිල්ලියට ගෙන්වා ගනී! ආණ්ඩුවේ ඉහළම ඇමැතිවරුන් රැසක් හමුවෙන්න ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Load More
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

කටුවැල්ලෙගම…..මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත්...

Read more
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.