සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සඳහා රුපියල් තුන්කෝටි දස ලක්ෂ අට දහසක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට චක්‍රලේඛයක් අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා ලබා ගැනීමට නොහැකිය.
එසේ තිබියදී ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන තිස්අටදහස් දෙසිය තිස් හයයයි. ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණි. අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින් අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත් වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවය.
lankasara










