රට තුළ වීදුරු බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.Sri Lanka Latest News
ඒ හේතුවෙන් වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා ආරම්භ කරන්නැයි අමාත්‍යවරයා ව්‍යවසායකයන්ගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
ඔවුන් එම කර්මාන්තය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔවුනට අතහිත දීමට රජය ඉදිරිපත් වන බවත් හෙතෙම පැවසීය.










