ජනාධිපතිවරණ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේදී කී කරුණක් වූයේ අනුර තමන්ගේ යාළුවා යැයි කියාය.Sri Lanka Latest News
අනුර ඊට වේදිකාවේදී පිළිතුරු දෙමින් කියා සිටියේ යාළුවාගේ තරම දැනගන්න ලබන සැප්තැම්බර් වනතුරු සිටින ලෙසය.
අනුර කීවා වාගේම ඒ සැප්තැම්බරයේ නැතත් මෙම වසරේ සැප්තැම්බරය ආරම්භ වීමට දින කිහිපයක් තබා රනිල්ට රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට සිදුවිය.
ඒ, ලංකා ඉතිහාසයේ පළමු වතාවට අත්අඩංගුවට පත්වූ හිටපු ජනාධිපතිවරයා සහ රිමාන්ඩ් බන්ධනාගාරගතවූ පළමු හිටපු ජනාධිපතිවරයා යන වාර්තා දෙකද සහිතවය.










