ආණ්ඩුව පොහොර ආනයනය තහනම් නොකොට පොහොර ගෙන ඒමට කටයුතු කළේ නම් ඒ සදහා වැය වන්නේ කෝටි 360ක් පමණක් බවත්, දැන් ආණ්ඩුවට වී වගාව සදහා පමණක් වන්දි වශයෙන් කෝටි 400කට අධික මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් කෘෂි විද්‍යාඥ, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ කෘෂිකර්ම කමිටු සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ අකෙුත් භෝගවලට පවා වන්දි දීමට සිදුවුවහොත් මෙම මුදල තවත් ඉහළ යා හැකි බවකි.