IDH රෝහලේ පවතින ඇදන් ප්රමාණයට වඩා මේවනවිට රෝගින් ඇතුළත් කර ඇතැයි සෞඛ්ය අංශ පවසයි.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇදන් 08ම පිරී පවතින අතර රෝහලට තවදුරටත් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බව ද රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
සිංහල අලූත් අවුරුද්දෙන් පසුව එම රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකය, අධි සත්කාර ඒකකය හා ප්රධාන පිරිමි වාට්ටුව ද කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රියන්ත කරුණාරත්න ප්රකාශ කළේය.
එම රෝහලට එලෙස ඇතුළත් කර ඇති කොරේානා ආසාදිතයින්ගෙන් බහුතරයක් තරුණ වයසේ පසුවන පිරිමි පුද්ගලයින් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.










