දේශපාලන පළිගැනීම් පිළිබද විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ධම්ම පදයෙන් ගාථාවක් උපුටා දක්වමින් සිය කතාව සිදුකිරීමට පියවර ගත්තේය.
එදා හිට්ලර් දේශපාලන සතුරන් වනසා පිටිය සුද්ද කළාක් මෙන් අද ආණ්ඩුවද දේශපාලන සතුරන් විනාශ කර දැමීමට කටයුතු කරමින් සිටින බව සදහන් කළේය.
එමෙන්ම විපක්ෂනායකවරයා මේ වනවිට දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරබත් කෑ ආණ්ඩුව නියෝජනය කරන එස්.බී. දිසානායක මහතා පිළිබදවද, විපක්ෂයේ සිටින සරත් ෆොන්සේකා මහතා පිළිබදවද විශේෂ සදහනක් කළේය.
මීට අමතරව විපක්ෂනායකවරයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් මහතා වෙනුවෙන්ද පෙනී සිටීමට පියවර ගත්තේය.










