ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටී.
සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
එම දිනයේදී හෝ ඊට පසුව විශ්ව විද්‍යාලයට පැමිණි අයවළුන් හට සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මාලාවන් අනුව කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාල පරිපාලනය ඉල්ලා සිටියි.










