සියම් රජු විසින් දළදා මාලිගාවට පුජාකළ තායි රාජා ඇතා නැවත තායිලන්තයට ගෙනයෑමට උත්සහ කළහොත්, ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි. Sri Lanka Latest News
ලබාදුන් ත්‍යාගයක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන කාර්යයක් බවද ඔහු පෙන්වාදෙයි.
තායි රාජා ලංකාවට ගෙනවිත් අවුරුදු 37ක් වන බවත්, මේ දක්වා ඇතා සුවෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු ‘එන්ජිඕ නඩ’ විසින් තායිලන්තයට සපයන බවත් දැන ගන්නට ඇතැයිද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කරයි.
මේ අතර තායිලන්තයේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදුන් ඉතිරි අලි දෙදෙනාද නැවත එරටට ගෙන්වා ගැනිමට සුදානම් බව තායිලන්තයේ පරිසර ඇමැති වරාවුත් සිල්පා ආර්වා මහතා පසුගියදා පවසා තිබිණි.
මේ සම්බන්ධයෙන් වීශේෂ ප්‍රකාශයක් කළ හිටපු දියවඩන නිලමේවරයා මෙසේද කීය.
“දළදා මාලිගාවට ඇත් පැටවකු පුජාකරන්න කියලා මම එරට භූමිපෝල් මහ රජුගෙන් ඉල්ලිමක් කළා.එවකට හිටපු මහනායක හිමිවරුන්ගේ අනුමැතිය අනුවයි ඒ ඉල්ලිම කළේ.ඒ අනුව තමයි එරට රජතුමා ඇතුළු රජ පවුලේ අය 1986 දි තායි රාජා මාළිගාවට පුජාකළේ.”










