• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩුබායි ‘හඳයා’ගේ ඝාතන කොන්ත්‍රාත් කළ හමුදාවේ කපිතාන් කෙනෙකුයි බිස්නස්කාරයෙකුයි නුවරඑළියේදී අල්ලලා! තුවක්කුත් අහුවෙයි! I Sri Lanka Latest News

July 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවන් විසින් දෙන කොන්ත්‍රාත්වලට අනුව පාතාල අපරාධවල නිරතව සිටින බවට සැක කරන යුද හමුදාවේ දැනට සේවයේ නිරත කපිතාන්වරයකු සහ අතුරුගිරියේ පදිංචි ව්‍යාපාරිකයකු ටී56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් නුවරඑළිය ග්‍රෙගරි වැව අසල නිවාඩු නිකේතනයක රැඳී සිටියදී පසුගිය 28 දා අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News

නව මැගසින් බන්ධනාගාරයේ විනයභාර නියාමකවරයකු වන එම්.ටී.එස්.කේ. මාරසිංහ නමැති නිලධාරියා පදිංචිව සිටින මිනුවන්ගොඩ රාජසිංහපුර පිහිටි නිවෙසට පසුගිය මැයි 12 දා අලුයම් කාලයේ කඩාවැදී එම නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා පහර දී මරණ තර්ජනයක කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මේ කපිතාන්වරයාත් පාතාලයට සම්බන්ධ ව්‍යාපාරිකයාත් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මේ සැකකරුවන් දෙදෙනාද ඇතුළුව මේ වන විට සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. බන්ධනාගාරයට මත්කුඩු රැගෙන යෑමට මේ නිලධාරියාගෙන් ඉඩක් සහ සහයක් නොලැබීම හේතුවෙන් පාතාල අපරාධකරුවන් රැසකගේ සම්බන්ධයක් ඇතිව බන්ධනාගාර නිලධාරියාගේ නිවෙසට ගොස් තර්ජනය කර තිබෙන බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අවන්හලකදී මේ පිරිස එකිනෙකා හමු වී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ තර්ජනය කිරීම කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. වෑන් රථයකින් සහ යතුරු පැදියකින් මිනුවන්ගොඩ ප්‍රදේශයට ගොස් මේ තර්ජනය කිරීම කර ඇති බවද මේ වන විට හෙළි වී ඇත. හමුදාවෙන් පලාවිත් පාතාලයේ කුලී ඝාතකයකු ලෙස කටයුතු කරන අයකුද අත්අඩංගුවේ සිටින අය අතර සිටින බවද සඳහන්ය.

පසුගිය 20 දා රාත්‍රීයේ හෝමාගම නියදගලදී වාහන අමතර කොටස් අලෙවි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමටද මේ කපිතාන්ගේ සහ ඔහු සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයාගේ සම්බන්ධයක් ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම ඝාතනයට යොදාගෙන ඇත්තේ ඔවුන් දෙදෙනා සතුව තිබී හමු වූ ටී 56 අවිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. එම ටී56 අවියේත් එක් පිස්තෝලයකත් අනුක්‍රමික අංක ඇත්තේ මකා දමාය. ටී56 අවියත් සමඟ පතොරම් 138ක්ද පතොරම් ගැබක්ද හමු වී ඇත. අංක මකා දමා ඇති පිස්තෝලය බ්‍රවුනින් වර්ගයේ එකකි. පතොරම් ගැබ සමඟ එම අවියට යොදන පතොරම් 26ක් ද සොයාගෙන තිබේ. අනෙත් පිස්තෝලය මි.මී. 9 වර්ගයේ එකකි. ඊට යොදන පතොරම් ගැබ් දෙකක් සමඟ පතොරම් 3ක්ද හමු වී ඇත.

අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා 36 හැවිරිදි අයෙකි. ඔහු කුරුවිට කඳවුරේ සේවයේ නිරත බියගම පදිංචිකරුවකු බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. ඔහු සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු 39 වියේ පසුවන්නෙකි. ඔහු අතුරුගිරිය ඔරුවල පදිංචිකරුවෙකි. බන්ධනාගාර නිලධාරියාට තර්ජනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ මේ පුද්ගලයාය. එසේම හෝමාගම නියදගල වෙඩි තැබීමටද ඔහු ඍජුව සම්බන්ධ බව අනාවරණය වී තිබේ. හෝමාගම නියදගල ඝාතනය මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාල අපරාධකරුවකු වන තනුජ සම්පත් නොහොත් ‘හඳයා‘ නමැත්තා බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. ඒ බව කපිතාන් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඔහු හඳයාගේ සමීපතයකු බවටද තොරතුරු අනාවරණය වී ඇත. මේ පුද්ගලයාට එරෙහිව මුදල් වංචා කිරීමේ චෝදනා ඇතැයිද මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය. එවැනි මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා 42ක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරාද තිබේ. අධිකරණ මඟහැරීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු දෙකක්ද නිකුත් කර තිබී ඇත.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

තායිලන්තය දළදා මාළිගාවට පූජා ‘තායි රාජා’ ඉල්ලුවොත් මම නඩු දානවා! හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න ඇතා වෙනුවෙන් පෙනී සිටී! I Sri Lanka Latest News

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගැටලු නිර්මාණය වෙන්න පුලුවන්! ෆිච් රේටින්ග්ස් නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.