ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
අද දහවල් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඉන් පිටව යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ය.
එහිදී අදහස් දැක්වු දමිතා අබේරත්න මහත්මිය,
“මම හැංගුනේ නැහැ. මේ රටේ හැංගෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි මේ දමිතා. දමිතා කියන්නේ 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු ඒ කාලකන්නි ක්‍රමයට එරෙහිව අරගල කරපු ගැහැණියක්. මම අද අධිකරණයට භාර වෙනවා. ඔය පොහොට්ටුව ඇතුළු දේශබන්දු මේ සිඟිති ආතල් එක ගන්න. මමත් අවුරුදු සමරනවා හිරගෙදර.”










