වසරක කාලයක් සඳහා ඇති වෙන්න තමාගේ නිවෙසේ තෙල් එක්රැස් කර තිබෙන බව පසුගියදා දිනක පොදු ජන පෙරමුණේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය කළ ප්‍රකාශයෙන් මත ඊයේ දින ඇගේ නිවෙසට ගිය තරුණයෙක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.
ගාල්ල සමඟි තරුණ බලවේගයේ ලේකම් කණිෂ්ක ලැනරොල් මහතා මෙසේ බූලි සහ දැන්වීම් පුවරුද රැගෙන මන්ත්‍රීවරියගේ නිවෙස අසලට ගියේ මන්ත්‍රීවරිය එසේ රැස්කොට තිබෙන තෙල් වලින් කොටසක් ජනතාවට ලබාදෙන ලෙසට ඉල්ලීමක් ද කරමිනුයි.










