• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආගම ටුවරිසම් කරලා ගේමක් ගහන එක මරු වැඩක්! දැනටමත් ලක්ෂ ගාණක් එනවා! ලෝකෙටම කතා කරනවා! ලෝකෙ හුඟක් රටවල් දැනටමත් කරනවා! Sri Lanka Latest News

August 31, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තරු එක දෙක විකසිත වෙන අතර මිරකල් ඩෝම් එකට ගිය ගමන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක් කිව්වොත් ඔබට එක එක ඒවා මතක් වෙයි. ඒ අතර ඔබ කියාවි ඇඟලුම් කර්මාන්තය ගැන, ඊළඟට ඔබට මතක් වේවි විදෙස්ගත ශ්‍රමිකයන්ව. ඉන් පස්සෙ කෘෂිකර්මාන්තය, වැවිලි භෝග අපනයනය මේ වගේ හුඟක් දේවල් ඔබ කියාවි. නමුත් ශ්‍රී ලංකාවෙ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වෙන්නෙ සංචාරක කර්මාන්තය. අපි අවුරුදු ගණනාවක් තිස්සෙ වඩාත්ම අවධානයෙන් ප්‍රවර්ධනය කරන්නෙත් සංචාරක කර්මාන්තය. අපි නිතරම සතුටු වෙන්නෙ සංචාරකයන් පැමිණීම ගැන ගණන් හිලව් කියලා.Sri Lanka Latest News

සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීම පැවැති ආණ්ඩුවෙ ජයග්‍රහණයක් බව අපි හැමෝම හිතනවා. ඇත්තටම ඒ විදියට සංචාරකයන් පැමිණීම වැඩිවෙන තරමට අපිට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න පුළුවන් වෙනවා. ඔබට මතක ඇති නේද එකමත් එක කාලයක ඩොලර් සංචිත නැතිව අපි කාපු පරිප්පුව. තෙල් නැව්වලට ඉදිනෙදා හොය හොයා සල්ලි ගෙව්ව කාලයක් තිබ්බා. ඒ වෙන්නෙ ඩොලර් නැති වීම. රුපියල් නම් ඉතින් අපි මුද්‍රණය කරගන්නවනෙ හිතුණම. ඒත් ඩොලර් එහෙම බෑ. කවුරු හරි ඩොලර් අරගෙන එන්න ඕනෙ. ඒකට අපිට ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. එක අපි අපේ දේවල් මොනවම හරි අලෙවි කරලා ඒවට ඩොලර් ගන්න එක. අනිත් විදිය කවුරු හරි කෙනෙක් අපිට ඩොලර් එවන එක. එහෙම නැත්නම් ඩොලර් අරගෙන ලංකාවට ඇවිල්ලා ඩොලර්වලින් ගෙවීම් කරන එක. මේකෙන් ඩොලර් අරගෙන කවුරු හෝ කමක් නෑ ලංකාවට එනවා නම් ඒක මරු වැඩක්.

හැබැයි අපි හිතන්න ඕනනෙ එයාලා මොකටද ලංකාවට එන්නෙ?
ප්‍රධාන වශයෙන්ම ලංකාවට සංචාරකයො එන්නෙ ලංකාව නරඹන්න. ඒ එක්කො සොබාදහමේ ලස්සන. එහෙම නැත්‍තම් අපේ ඉපැරණි ශ්‍රීවිභූතිය. අපි හැමදාම උත්සාහ කරන්නෙ එකම තැන් ටිකක් පෙන්නලා විදේශිකයො ගෙන්න ගන්න. ඒක හැමදාකම කරන්න බෑ. ඒ වෙනුවට අලුත් සහ නිර්මාණශීලී දේවල් අද ලෝකයෙ තියෙනවා.
මේ හැම දේකම හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. සංචාරක කර්මාන්තයත් එහෙමයි. කාලයත් එක්ක සංචාරක කර්මාන්තය කල් ඉකුත්වීමට නියමිතයි. තවදුරටත් ලෝකෙ මිනිස්සු එකම සීගිරියයි, එකම නුවරඑළියයි බලන්න එන්නෙ නෑ. මුහුදු වෙරළට ඇවිල්ලා රැල්ල පාගලා යන්න හැමදාම සුද්දො එන්නෙ නෑ. ලංකාවෙ වෙරළ උද්‍යානවල සුද්දන්ට කටට රහකට කන්න දෙයක් නෑ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න කොයි තරම් වැඩ කළත්, බොහෝ විට අපි කරන්නෙ ටිකට්වල ගණන් වැඩි කරන එක විතරයි. ඒක මේ ආණ්ඩුවට කරන චෝදනාවක් නෙමේ. ඒක අපේ සංචාරක කර්මාන්තයේ සහ ඒ සම්බන්ධ සිතුවිලිවල අවුල. ඒත් අපි විශ්වාස කරනවා මිරකල් ඩෝම් එක සහ දේවගැති ජෙරොම් වගේ අය අපේ සංචාරක කර්මාන්තයට බොහෝ ධනාත්මක දායකත්වයක් සපයනවා කියලා. මේ විදියට සංචාරක ප්‍රවර්ධනය සඳහා ආගමික සංකල්ප භාවිත කරන එක රටකට ලැබෙන අමතර වාසියක්.

අපි මේ වෙලාවෙ ඒ ගැන කතා කරන්නෙ ඒ අමතර වාසිය රටට ලැබෙන විදිය කියන්න. හුඟාක් වෙලාවට අපි අඳුරු වළාවක් විදියට දකින දේක, රිදී ඉරි විතරක් නෙමේ රත්‍රන් ඉරිත්, ඒ ඉරි වටා නිල් මැණික් රතුකැට දියමන්ති පවා ඇති බව ඔබට කියන්න. අපි හැමදාම මැව්වෙ බිල්ලො. ඒත් ඇත්ත තියෙන්නෙ ඒ බිල්ලව හදපු කළු තිරය යට.
මිරකල් ඩෝම් එකට එක මෙහෙයක් සඳහා සාමාන්‍යයෙන් නවක විදේශිකයො සීයකට අධික ප්‍රමාණයක් සහභාගි වෙනවා. ඒ අය අතරින් වැඩි පිරිසක් මේ සඳහාම ආපු අය. මේ විදියට මාසයක් පුරා මෙහෙයන් අටකට ආවොත් ආසන්න වශයෙන් දහසකට ආසන්න පිරිසක් ලංකාවට එනවා. වසරකට දොළොස් දහසක් දෙනා මේ සඳහා සහභාගි වෙනවා. මේ එන අය කෙළින්ම මෙහෙය සඳහා ඇවිල්ලා ආපහු යන්නෙ නෑ. ඒ අය ඇතැම් වෙලාවට මාසයකට ආසන්න කාලයක් ලංකාවෙ රැඳෙනවා.

දකුණු ඇමෙරිකාවෙ සහ අප්‍රිකාවෙ ඈත රටවලින් විදේශිකයන් පැමිණෙනවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව කියලා රටක් ගැන අහලවත් නෑ. ඒ රැඳෙන අය ලංකාවෙ ඇතුළෙ ඩොලර් වියදම් කරනවා. ඔවුන් ලංකාව පුරා බොහෝ ස්ථාන නරඹනවා. රට පුරා සංචාරය කරනවා.

මේ වෙනකොට ලෝකය පුරාම තියෙන ප්‍රධානතම ආගමික නාලිකා විශාල ප්‍රමාණයක දේවගැති ජෙරොම් ගැන කතාකරනවා. ඒ අතර God TV හරහා ලෝකයත් එක්ක ගනුදෙනු කරන එකම ආසියාතිකයා දේවගැති ජෙරොම්. ඒ වගේම කැනඩාවෙ Yes TV ජෙරොම්ගෙ දේව මෙහෙය විකාශය වෙන තවත් එක නාලිකාවක්. Zee Tamil, Sony Max වගේ ජාත්‍යන්තර මට්ටමේ නාලිකා ඔස්සෙ ලෝකයට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ඔහුට ලැබිලා තියෙනවා. ඒ වගේම මිරකල් ඩෝම් එකේ පැවැත්වෙන දේව මෙහෙය සජීවීව විකාශය වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යයෙන් මේ සියල්ල සජීවීව නැරඹීමේ හැකියාව ලෝකයටම තියෙනවා.

මේ විදියට ලෝකය පුරාම ඉන්න විදේශිකයන්ට ලංකාවට එන්න විශේෂ උත්තේජනයක් ඇතිකරන්න මිරකල් ඩෝම් එක සමත් වෙලා තියෙනවා. ඒ අය සමහර විට කිසිම හේතුවක් නිසා ලංකාවට එන්න අදහස් කරපු අය නෙමෙයි. ඒත් මේ වෙනකොට ඒ අය ලංකාවට එන්නෙ ආගමික වුවමනාවකට එහෙමත් නැත්නම් සුව මෙහෙය සඳහා.
මේ තත්ත්වය වඩාත් හොඳින් ප්‍රවර්ධනය වීම හරහා සංචාරක කර්මාන්තයේ නව මාවතක් විවර වේවි. මේ වෙනකොට ලෝකය පුරා මිලියනයකට අධික පිරිසක් ඍජුව හෝ වක්‍රව සබඳතා ගොඩනගන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මිරකල් ඩෝම් එක පත්වෙලා තියෙනවා. ලෝකය පුරා රටවල් සීයකට අධික සංඛ්‍යාවක මේ අය විසිරී පැතිරී ඉන්න බව මේ අය කියනවා. රටවල් විසිඅටක දේවස්ථාන පිහිටුවීමට දේවගැති ජෙරොම් මේ වෙනකොටත් සමත් වෙලා තියෙනවා. ඒ හරහා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙන්නෙ ශ්‍රී ලාංකික කිතුනු ආගම් සම්ප්‍රදායක්. අවධානය යොමුවෙන්නෙ ශ්‍රී ලංකාව දෙසට.

ජපානයේ රාජකීය ඔපෙරා ගායිකාව ඇතුළු සියයකට වැඩි පිරිසක් පහුගිය දිනෙක මිරකල් ඩෝම් එකට ආවා. ජාත්‍යන්තර අමුත්තන් සඳහා පැවැත්වෙන විශේෂ සැසි නිතරම සූදානම් වෙනවා. ඒ වගේම දේවගැති ජෙරොම් ගැන ඉන්දියාවෙ විශාල කතාබහක් නිර්මාණය වෙන්නෙ, ගුවන් යානා අනතුර ගැන ඔහු කරපු පූර්ව අනතුරු ඇඟවීමත් එක්ක. ඉන්දියාවෙ ප්‍රධාන පෙළේ මාධ්‍ය ඔහු ගැන කියන්න පටන් ගන්නවා. ඒ වගේම බ්‍රසල්ස් සම්මුතියෙන් නිකුත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් ඇතුව ලොව පුරා සංචාරය කරන ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය යටතේ පත්කළ එකම ශ්‍රී ලාංකික තානාපතිවරයා බව ඔවුන් කියනවා.
මේ සියල්ලත් එක්ක ඔහු ජාත්‍යන්තර වශයෙන් ආකර්ෂණය දිනාගත්ත ශ්‍රී ලාංකීය සලකුණක් බවට පත්වෙනවා.

ඒ වගේම සෑම සතියකම ආගමික අවශ්‍යතාව හෝ සුව මෙහෙය සඳහා ලංකාවට එන විවිධ රටවල අයට උපරිම පහසුකම් සැපයීමට ඔවුන් කටයුතු කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මිරකල් ඩෝම් එක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අතිශය ආසන්නයේම ඉදිවීමත් එක්ක මේ තත්ත්වය වඩාත් පහසු වෙලා තියෙනවා. මේ එන අයට අවශ්‍ය කරන වෙනත් සැපයුම් දියුණු කරලා, මිරකල් ඩෝම් එක වටා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ටික නිර්මාණය කරන්න පුළුවන් නම් මේක සංචාරක කර්මාන්තයේ නැවුම් පිම්මක් වෙන එක නවත්‍තන්න බෑ.

ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබට හෝ ඔබේ හිතවතෙක්ට මේ අත්දැකීම විඳගන්න ඇවිත් යන්න පුළුවන්. ඇත්තටම මේ සම්බන්ධව ලෝකෙ කොහෝ ඉන්න කෙනෙක්ට වුණත් දැනගන්න අවශ්‍ය නම් කතාකරන්න මෙන්න අංකය +94117774877
Whatsapp කරනවා නම් +94773477477

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

83 ජුලි කලබලයේදී වැලිකඩ හිරගෙදරදී පහරදී මරා දැමුණු කුට්ටිමනී ඇතුළු 53ක් හොර රහසේම වළදැමූ කොළඹ සමූහ මිනීවළක තොරතුරු පළමුවරට එළියට එයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජබ ගමේ මන්ත්‍රීවරු හමුවෙන්න සජිත් පොලොන්නරුවට යයි! ගමට අරන් යන්න ලොකු පණිවුඩයකුත් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.