1957 දෙසැම්බර් 30 ලේක්හවුස් පුවත්පත් ආයතනයේ ‘දිනමිණ’ පුවත්පතේ පළවූ හෙඩ්ලයින් නිවුස් එකක් මේ දිනවල සමාජ මාධ්‍ය අතර වේගයෙන් සංසරණය වේ. 1957 ගංවතුර අවස්ථාවේ ඇමෙරිකාව ලංකාවට ලබාදුන් ආධාර එම නිවුස් එකේ සඳහන්ය. එවක ඇමෙරිකානු ජනාධිපති අයිසන් හවර් ලංකාවට වහාම ආධාර යවන ලෙස නියෝග කළ බවත්, ඒ අනුව ඇමෙරිකාවෙන් නැව් 3ක් සහ හෙලිකොප්ටර් 20ක් ලංකාවට ආ බවත් එහි සඳහන්ය.Sri Lanka Latest News
සුනාමිය අවස්ථාවේදීත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට පැමිණ ඇමෙරිකාවෙන් ලංකාවට ආධාර ලබාදීම ගැන සාකච්ඡා කළේය. එසේම ඔහු විපතට පත්වූ ප්‍රදේශවලට ගොස් විනාශයෙන් සිදුවූ හානිය නිරීක්ෂණය කළේය. සුනාමිය අවස්ථාවේ එවක ඇමෙරිකානු ජනාධිපති බුෂ් සුනාමි සහන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ දූතයා ලෙස හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ව ලංකාවට එව්වේය. ඔහු ලංකාවට ආවේ සුනාමියෙන් සිදුවූ හානි නිරීක්ෂණය කොට බුෂ්ගේ පුද්ගලික අරමුදල් එකතු කිරීමේ වැඩපිළිවෙළට සහාය වන්නටය.
පසුගියදා ඇතිවූ සුළි කුණාටුවද ලංකාවට බලපෑ මහා විපතකි. ඇමෙරිකාව පළමුවෙන්ම ලංකාවට ඩොලර් මිලියනයක ආධාර දෙන බව සඳහන් කළේය. පසුව එය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් විය. කුණාටුවෙන් සතියකට පමණ පසු ඇමෙරිකාව ආධාර රැගත් මිලිටරි ගුවන් යානා දෙකක් එව්වේය. ජනාධිපති අනුර කුමාර ඇමෙරිකාවෙන් ආධාර ඉල්ලුවාද දන්නේ නැත. හිටපු ජනාධිපති රනිල් විපක්ෂයේ පක්ෂ රැස්වීමකදී කීවේ ඇමෙරිකාවෙන් ආධාර බලාපොරොත්තු විය නොහැකි බවය. ඇමෙරිකාව ආධාර දෙන්නේ නැතැයි ඔහු කෙළින්ම කීවේය.
මෙයට හේතුව එන්.පී.පී. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් නොව ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල ප්‍රශ්නයකි. මීට පෙර ලංකාවේ ආපදා ඇතිවූ විට වහා ක්‍රියාත්මක වන්නේ යූ.එස්. ඒඩ්ය. ට්‍රම්ප් ජනාධිපති වූ විගස යූ.එස්. ඒඩ් දෙන ආධාර නතර කළේය. මේ ප්‍රශ්නය ස්වභාවික විපතකදී ලංකාවට පමණක් නොව අනෙක් රටවලට ආධාර දීමේදීද මතුවී ඇත.
2017 ලංකාවට ගංවතුර ආපදාවක් ඇතිවූ විට ඇමෙරිකාව වහා ඉදිරිපත් වී ඩොලර් මිලියන 2.3ක් දුන්නේය. ඉන් ආධාර බොහොමයක් සම්බන්ධීකරණය කළේ යූ.එස්. ඒඩ්ය. එහිදී සිදුවූ හානිය සුලුය. ඒත් එන්.පී.පී. ආණ්ඩුව මෙයට වඩා හොඳින් ඇමෙරිකාව සමග ගනුදෙනු කළා නම් මෙයට වඩා හොඳ ප්‍රතිචාරයක් ඇමෙරිකාවෙන් ලබාගත හැකිව තිබිණි. තවමත් මේ සම්බන්ධයෙන් ජනාධිපති හෝ අගමැති මෙරට ඇමෙරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කළ බවක් පෙනෙන්නටට නැත.










