• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රීවීල් චූටියා රට හදන හැටි! Sri Lanka Latest News

December 14, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
ත්‍රීවීල් චූටියා රට හදන හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ගෙන එන්නෙමු. (Sri Lanka Latest News)

නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’. ත්‍රීවීල් චූටියට බලාගෙන ඉන්න බෑ. ඉතිං මිනිහා එක එක ඒවා අහනවා. ස්ටිකර් එකකුත් ගහගත්තා නේද කියලා අහනවා. ඒ නිසා ත්‍රීවීල් චූටියා දැන් මිනිහගේ ප්ලෑන් එක හදාගෙන ඉන්නේ රට හදන්න. කියන්න කෙනෙක් නැතුව ඉන්නවා, කරගන්න දෙයක් නෑ. අහන්න කෙනෙකුත් නෑ. මිනිහා ඉන්නවා ත්‍රීවීල් පාක් එකට වෙලා බැණ බැණ.

පොඩි මල්ලි
ආ චූටි…. මොකද බං උඹ දැන් බැණ බැණ ඉන්නවා කියන්නේ….?
ත්‍රීවීල් චූටියා
නෑ බං මේ, පිස්සු බං…
පොඩි මල්ලි
පොඩ්ඩක් හිටපං ඉවසලා. උඹලා මාරයිනේ. මොකද පොල් වැවුවද බං මේ ටිකට.
ත්‍රීවීල් චූටියා
පොල් කේස් එක නම් සිම්පල් කේස් එකක්. මට තියෙනවා ඒකට අයිඩියා එකක් ඒක කරන්න. ඒවා මහ වැඩ නෙවෙයි. දැන් මෙහෙමනෙ බං. පොල් වතුවලින් කඩන පොල් ගැනනේ ඔය කතාකරන්නේ.
පොඩි මල්ලි
පොල් වතුවලින් කඩන්නේ නැතුව වෙන කොහෙන් කඩන්නද?
ත්‍රීවීල් චූටියා
ඒ වුණාට ගෙවල්වලත් තියෙනවනේ පොල් ගස්, පහ හය, හත අට. ඒවෑ පොල් වැටි වැටී යනවා. කඩන්න කෙනෙක් නෑ. අර වතුවල තියෙන ගස් ගානෙන්නේ මේක බලන්නේ. ලංකාවේ වත්තක් තියෙන හැම ගෙදරකම පොල් ගහක් තියෙනවනේ බං එකක් හරි.
පොඩි මල්ලි
ඔව් තියෙනවා තියෙනවා. උඩින් බැලුවත් පොල් පේන්නේ යටින් බැලුවත් පොල් නෙ බං පේන්නේ. ඒක හරි.
ත්‍රීවීල් චූටියා
ඒ වතු නෙමෙයිනේ. ඒක කරන්නේ මෙහෙමයි. පොල් කැඩීමේ මහා සංග්‍රාමය කියලා සතියක් නම්කරනවා. පොලිසියෙන් අල්ලගෙන එනවා ගම්වල පොල් කඩන එවුන්. හොර පොල් කඩන එවුන්ව පොලිසිය දන්නවනේ. අහුවෙලා අහුවෙලා. පොල් වතු ගැන නෙවෙයි මං මේ කියන්නේ. වතුවල වෙනම කඩාගන්න ඕනේ. ගෙවල්වල තියෙන ගස්වල. මම වීල් එකේ යනකොට දකිනවා අපේ ගමෙත් ගෙවල්වල පොල් වැටිලා තියෙනවා. ඒ ගහෙත් පොල් තියෙනවා. බිමත් පොල් තියෙනවා. උන් ගෙඩියක් ඇහිඳගෙන ලෙලිගහගන්නවා මිසක් උන් හිතන්නේ නෑනේ ඒවා විකුණන්න ඕනේ කියලා.
පොඩි මල්ලි
ඔව්. ඔහේ වැටි වැටී යනවානේ…
ත්‍රීවීල් චූටියා
ඒ පොල්ටික ඔක්කොම කඩලා පොලිසියට ගේනවා.
පොඩි මල්ලි
කොහොමද එහෙම කරන්නේ…?
ත්‍රීවීල් චූටියා
මෙහෙමනේ. ෆිෆ්ටි ෆිෆ්ටි තමයි ඩීල් එක. පොල් ගෙඩි 10ක් වැඩුවොත් ඒ ගෙදරට 5යි. පොලිසියෙන් ගන්නවා ඉතුරු පොල් ගෙඩි පහ. ලෙලිගහලා ලෙලි ටික වෙනම විකුණනවා. පොල් ගෙඩියක් රුපියල් 75ටයි 100ට දෙනවා.
පොඩි මල්ලි
ආ… එතකොට මිනිස්සු එන්න ඕනේ පොලිසියට පොල් ගන්න…?
ත්‍රීවීල් චූටියා
ඔව් පොලිසියෙන් තමයි පොල් ගන්නේ.
පොඩි මල්ලි
බලපංකො ඉතිං උඹට ඒකට විසඳුමක් තියෙනවා නේ….?


නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’. ඔන්න ත්‍රීවීල් චූටියා දැන් එක පාරටම ෆෝම් වෙලා රට හදන හැටි කියලා දෙනවා. හැබැයි මිනිහා කියන දේ අහන්න කෙනෙක් නෑ. ඉස්සර නම් හිටියා. දැන් නෑලු.

පොඩි මල්ලි
ආ… චූටි. මොකද බං? අයියෝ මාර සීන් එක නේද බං අර රිළව් කේස් එක පත්තු වෙලා ආවනේ ආයෙත් බං.
ත්‍රීවීල් චූටියා
ඔව්. ඕවට විසඳුම් තියෙනවනෙ බං.
පොඩි මල්ලි
මොකක්ද විසඳුම කියපංකො.
ත්‍රීවීල් චූටියා
චීනෙට ඉල්ලුව වෙලාවේ දුන්නා නම් ඉවරයිනේ.
පොඩි මල්ලි
ඒක හෙන පව්කාර වැඩක්නේ බං. චීනෙට දෙන එක.
ත්‍රීවීල් චූටියා
මං හිතන්නේ උං කන්නද කොහෙද තමයි ඉල්ලුවේ.
පොඩි මල්ලි
ඉතිං ඒක හරි නෑනේ බං.
ත්‍රීවීල් චූටියා
ඒ වුණාට අපි මරන්නේ නෑනේ. උන්නේ මරන්නේ. අපි උන්ව ට්‍රාන්ස්පෝට් කරනවා විතරයිනේ.
පොඩි මල්ලි
උඹ කියන්නේ අපි උන්ව අල්ලලා දුන්නට අපිට පව් නෑ. උන් මරනවා. උන්ට පව්?
ත්‍රීවීල් චූටියා
ඔව්. උන් මරාගෙන උන් පව් කරගනී.
පොඩි මල්ලි
කොහොමද රිළව් අල්ලන්නේ…?
ත්‍රීවීල් චූටියා
ලොකු කූඩුවක් සෙට් කරලා. කෙහෙල් ඇවරියක් මැද්දෙන් තියලා රිළවා ඇතුළට ආපු ගමන් දොර වැහෙන්න හදනවා. තව දැල් දාලත් අල්ලන්න පුළුවන්නේ. ඔය පොල් ප්‍රශ්නෙටත් හේතුව රිළව්නේ. රිළව් ඇට්ටි ඔක්කොම ටික කනවනේ. ගහක් තියාගන්න බෑ.
පොඩි මල්ලි
මොක්කද එතකොට උඹ කියන්නේ?
ත්‍රීවීල් චූටියා
අපි අල්ල ගන්නවා රිළව් දාහක්. රස්සා නැති කොල්ලෝ දාහකුත් හොයාගන්නවා. එකාට රිළවා ගානේ දෙනවා. රිළා නැටුම් පුරුදු කරනවා රිළවට. කොල්ලන්ට පුරුදු කරනවා භාෂාව. අපේ රටට එන ප්‍රධාන සංචාරකයන්ගේ භාෂා. ජර්මන්, ප්‍රංශ, ඉංග්‍රීසි, හින්දි, චීන, රෂියන් වගේ භාෂා. සියදෙනා වගේ බෙදාගෙන එක එක භාෂාව උගන්නනවා. උගන්නලා සුද්දෝ ඉන්න තැන්වලට ගිහින් රිළා නැටුම් නටවන්න කියනවා. ‘ආ කපුරාළ දැන් පිනුමක් ගහලා පෙන්නන්න’ කියලා….
පොඩි මල්ලි
එහෙම කිව්වට සුද්දන්ට තේරෙන්නේ නෑනේ බං…?’
ත්‍රීවීල් චූටියා
ඒකටනේ ගොනෝ සුද්දන්ගේ භාෂාව අර කොල්ලන්ට උගන්නන්නේ. ඉන්දියාවේ කට්ටිය ඉන්න තැනක නම් හින්දියෙන් රිළව් නටවනවා. එතනම අලුත් රැකියා දාහක් හැදෙනවා. රිළව් දාහක් ඔකියුපයි වෙනවා ඒකට.
පොඩි මල්ලි
රිළව් දායක් පොල් ඇට්ටි කන එක නතර වෙනවා. කොල්ලෝ දාහක් හොරෙන් පොල් කඩන එකත් නතර වෙනවා. දෙපැත්තෙම ප්‍රශ්න විසඳන හැටි නේද….?
ත්‍රීවීල් චූටියා
ඔව්…..


නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’. ඔන්න දැන් ත්‍රීවීල් චූටියා පාක් එකට වෙලා ඉන්නවා. මිනිහා පත්තර බලනවා. යූටියුබ් බලනවා. ඉස්සර වගේ නෙවෙයි. ලෝකෙ වෙන හැම දේම මිනිහා දන්නවා. එක එක යූටියුබ් චැනල් බල බලා පඬි ටෝක් දිදී ඉන්නවා.

පොඩි මල්ලි
ආ චූටි… උඹේ ස්ටිකර් එක තාම තියෙනවා නේද බං…?
ත්‍රීවීල් චූටියා
ඔව්…
පොඩි මල්ලි
මේ ඒක නෙවෙයි. අපි සංචාරකයො ගෙන්නන්න ඕනෙනෙ බං. සංචාරකයෝ ආවොත්නෙ අපිට විදේශ ආයෝජන එන්නේ. ඩොලර් සංචිත එන්නේ. සංචාරකයෝ ගෙන්නන්න උඹලට වැඩපිළිවෙළක් නැද්ද බං…?
ත්‍රීවීල් චූටියා
වැඩපිළිවෙළ කියන්නේ මෙහෙමනෙ බං. මෙහෙ වහිනවනෙ කොච්චරවත්. එතකොට සංචාරකයේ එන්නේ නෑනේ. ඇයි, මේගොල්ලෝ ගංවතුරනෙ පෙන්නන්නේ. සීගිරි යන්න බෑනේ වැස්සේ. සීගිරි යන්න පොළොන්නරු අනුරාධපුරේ යන්න විතරක් සුද්දෝ ඇවිල්ලා හරියන්නේ නෑනේ බං. වහිනකොට මොනවද කරන්නේ? කුඹුරක වතුර පිරිලා තියෙනවා. තෙප්පම් පදිනවා සුද්දෙකුයි සුද්දියෙකුයි. ඒවා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ.
පොඩි මල්ලි
ආ… වීඩියෝ කරලා…?
ත්‍රීවීල් චූටියා
ඔව්. ඇනිකට් එකක නානවා ගංවතුරේ. බෝට්ටු පදිනවා. කෙහෙල් කොටන් දාපු ඔරුවක් පදිනවා සුද්දො සුද්දියෝ. ‘රේන් ඇඩ්වෙන්චර් ටුවර්’. ඒකාලෙට. අලි පිටේ හැමදාම යනවනේ බං. මීහරකෙක් අල්ලගනවා ලොකු. උගෙ පිටේ යනවා සුද්දයි සුද්දියි. වතුර පිරිච්ච වෙලේ චොක චොක ගගා. ඊට පස්සේ මඩට වැටිලා හිනාවෙනවා. මඩවලින් ගහගන්නවා. ඉතිං ඒවා ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ.
පොඩි මල්ලි
උඹ කියන එක හරි බං. මඩේ උන්ට අල්ලන සෙල්ලං කරන්න දෙන්න පුළුවන්. වැස්සේ තෙමෙනවා.
ත්‍රීවීල් චූටියා
ඒවා නේ බං ඇඩ්වර්ටයිස් කරලා ගන්න ඕනේ. සීගිරියට වහිනවා ෆොටෝ එකක් දානවා. ඕවා හරියන්නේ නෑ බං.
පොඩි මල්ලි
උඹට තියෙන්නේ තනිකරම ඇඩ්වර්ටයිසින් ඔළුවක් නේ…


නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’. ත්‍රීවීල් චූටියා දැන් ෆෝම් වෙලා ඉන්නේ. මිනිහා කියනවා රට හදන්නේ කොහොමද කියන එක.

පොඩි මල්ලි
ආ… චූටියා..
ත්‍රීවීල් චූටියා
හ්ම්…
පොඩි මල්ලි
බලපං ඕං වැඩේ…
ත්‍රීවීල් චූටියා
ඇයි මොකක්ද වෙලා තියෙන්නේ?
පොඩි මල්ලි
ඉස්සර වගේ නෙවෙයිනේ බං. සිංගප්පූරුව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ජාත්‍යන්තර සබඳතා හින්දනේ බං.
ත්‍රීවීල් චූටියා
ඉස්සර අපේ රටවලත් ඒවා තිබුණා බං. අස්සයො ගේනවා පිටරටින්. අලි දෙනවා ඒගොල්ලන්ට. මං කියන්නේ මේ රජ කාලේ. කුරුඳු දෙනවා. ඒ වගේ දැන් අපිට පුළුවන්නේ අපේ තියෙන කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, ඉඟුරුපියලි, කොත්තමල්ලි.
පොඩි මල්ලි
චුන්නපූග, නාගවල්ලි….
ත්‍රීවීල් චූටියා
ඒවා ඕනෙ නෑ. විට කන්න නෙවෙයිනෙ බං. ඒවා දාලා. ගම්මිරිස් ටිකක්, කුරුඳු ටිකක්, කරාබුනැටි ඕවා ගිහින් දෙන්න ඕනේ ඒ මිනිස්සුන්ට. ඒ අය ආසයිනේ.
පොඩි මල්ලි
චූටි මැණික් ටිකක්. නවරත්න මැණික් මුදු හදාගන්න.
ත්‍රීවීල් චූටියා
ඔව්. ඊළඟට අපේ කට්ටඬින්ව එහෙ එක්කගෙන යන්න ඕනේ. එහේ රාජ්‍ය නායකයෙක්ට අසනීපයක් තියෙනවා නම් ඒකට යාතිකා කරන්න ඕනේ. ඒක හරියනවද නැද්ද කියන එක වැඩක් නෑ. අපේ රටේ ට්‍රැඩිෂනල් හීලිං සිස්ටම් කියලා තොවිලයක් නැටුවාම උං ආසයිනේ බං. උං හිතනවනේ මුන් මං වෙනුවෙන් මගේ ලෙඩේට මෙහෙම කරනවා කියලා.
පොඩි මල්ලි
මොනවා වුණත් මුන් මෙහෙම මිනිහෙක්නේ කියලා හිතනවනේ…
ත්‍රීවීල් චූටියා
ඒ වගේ සබඳතාවල් හදාගන්න ඕනේ. තව මෙහෙ තියෙනවනේ චූර්ණ, කල්ක, අෂ්වගන්ධ වගේ වයසක කට්ටියට දෙන බෙහෙත්. ඒවත් දෙන්න ඕනේ. එතකොටයි හරි යන්නේ. එතකොට තමයි යාළු වෙන්නේ.
පොඩි මල්ලි
ඔය ෂී ජින්පින්ලට, ඩොනල්ඩ් ට්‍රම්ප්ලට එහෙම ඒවා දෙන්න ඕනේ.
ත්‍රීවීල් චූටියා
ඔව්. ඒ කියන්නේ පර්සනල් වෙන්න ඕනේ බං. අපේ ට්‍රැඩිෂනල් එක තමයි අපි ගෙනියන්න ඕනේ.
පොඩි මල්ලි
හරි හරි හරි… උඹට තේරෙනවා බං මාර විදියට….


නෝනාවරුනි, මහත්වරුනි, අද කතාව ‘ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙයි’. දැන් ඔන්න ත්‍රීවීල් චූටියා රට හදන හැටි කියාදෙනවා.

පොඩි මල්ලි
චූටියෝ… මම මේ බැලුවේ උඹ ඉන්න තිබුණේ අතනනේ බං.
ත්‍රීවීල් චූටියා
කොහෙද අතන කියන්නේ…?
පොඩි මල්ලි
පාර්ලිමන්ට් එකේනේ.
ත්‍රීවීල් චූටියා
පාර්ලිමන්ට් එක ගාව ත්‍රීවීල් තියාගෙන එන්න දෙන්නේ නෑ බං.
පොඩි මල්ලි
පාර්ලිමන්ට් එක ගාව නෙවෙයි බං ඇතුළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා උඹට යන්න තිබුණේ.
ත්‍රීවීල් චූටියා
ඔව් ඒක හරි.
පොඩි මල්ලි
උඹේ අදහස් මරුනෙ බං. මේ ත්‍රීවීල් පාක්වල විතරනේ මේ කතා යන්නේ. අපරාදයක් ඒක. දැන් මම මේ නිකං ඇහුවේ. අපේ රටට ආයෝජකයෝ ගෙන්නගන්නේ කොහොමද කියලා අදහසක් තියෙනවද උඹට?
ත්‍රීවීල් චූටියා
ආයෝජකයෝ කියලා එනවනේ බං. ආවම මොකද කරන්නේ? හෝටලේට යනවා. ඌත් එක්ක කතා කරනවා මොකක්ද ඕගොල්ලෝ කරන්නේ, අපි මේවා දෙන්නම් කියලා. ලයිට් අඩුවට දෙන්නම්, වතුර දෙන්නම්. බී.ඕ.අයි. එක කියලා එකක් තියෙන්නේ. ඒකනේ කතාව. එතකොට ආයෝජකයා බලනවා මේ මොකක්ද මේ කියලා. එහෙම නෙවෙයි. ආයෝජකයා ආවම ලස්සන ගෑනු ළමයි ටිකකගේ ඩාන්ස් එකකින් තමයි එයාපෝර්ට් එකේදි පිළිගන්නේ.
පොඩි මල්ලි
ඒවා නං දැනටත් තියෙනවා මගෙ හිතේ.
ත්‍රීවීල් චූටියා
ඒ අර කොල්ලෝ බෙර ගහන ඒවානේ. ඒවා නෙවෙයි ලස්සන ගෑනු ළමයි. ඊට පස්සේ කාර් එකට නගිනවනේ ආයෝජකයා. නැග්ගම පිටිපස්සේ දොරෙන් තව ගෑනු ළමයෙක් නගිනවා. ඉස්සර සීට් එකෙත් ගෑනු ළමයෙක්. වාහනේ එළවන්නෙත් ගෑනු ළමයෙක්. ඒ තුන්දෙනා විහිළු කතා කිය කියා තමයි යන්නේ. ආයෝජකයගේ කකුලට ගගහා හිනාවෙන්න ඕනේ පිටිපස්සේ ඉඳගෙන. ඊට පස්සේ යනවා හෝටලේට. හෝටලේට ගියාම ලස්සන ගෑනු ළමයි තමයි එතනත් ඉන්නේ. ඊට පස්සේ මූට කන්න දීලා, නානවා නම් නාන්න කියලා පූල් එක සෙට් කරලා. තව ලස්සන ගෑනු ළමයි ටිකක් දාලා පූල් එකේ නාන්න. ඊට පස්සේ යවනවා ලස්සන කෙල්ලෝ 10ක් විතර සෙට් කරලා සීගිරි දඹුලු. ආයෝජනය ගැන කතාවක්වත් කරන්නේ නෑ. ඊට සතියකින් විතර පස්සේ තමයි අපි ආපු වැඩෙත් පොඩ්ඩක් කතාකරමු නේද කියලා කියන්නේ.
පොඩි මල්ලි
සතියකට විතර පස්සේ තමයි අපි යටිතල පහසුකම් ගැන කතාකරන්නේ නේද?
ත්‍රීවීල් චූටියා
නෑ. එහෙම නෙවෙයි. අපි ඊට ඉස්සෙල්ලා ඔක්කොම යටිතල පහසුකම් එක්කොම දෙනවා සුද්දට. ආයෝජන ගැන බලන්නේ පස්සේ.
පොඩි මල්ලි
හරි හරි… මාර මොළයක් බං උඹටත් තියෙන්නේ…

Chooty Malli Podi Malli යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අනුර ඉන්දියාවෙ ගිහින් ආවට පස්සේ ජනවාරියේ චීනයට! I Sri Lanka Latest News

Next Post

ජාත්‍යන්තර සම්බාධක පැනවූ ශ්‍රී ලාංකිකයන් 60 දෙනා කවුද? නම් දෙකක් එළියට! අනෙක් 58 කෝ? Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.