ඉන්දීය සංචාරය සදහා පිටත්ව යාමට ප්‍රථමව ජනාධිපතිවරයා තමන්ගේ ඊළඟ සංචාරය පිළිබඳවද මේ වනවිට තීන්දුවක් ගෙන තිබේ. Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ ලබන ජනවාරි මාසයේදී චීන සංචාරයක නිරත වීමටය.
එමනිසා ඉන්දීය සංචාරය අතරතුරදී චීන සංචාරය සඳහාද මේ වනවිට ලහිලහියේ කටයුතු සූදානම් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.
ඒ සඳහා විශාල වැඩකොටසක් තිරය පිටුපස සිදුකරන්නේ මෙරට චීන තානාපතිවරයා වන කී ෂෙන් හොන් මහතාය. ෂෙන් හොන් මහතා මේ වනවිට වසර ගණනාවක් පුරා ලංකාවේ තානාපති ධුරය දැරීම හේතුවෙන් ලංකාව මුහුණ දී සිටින අභ්‍යන්තර අර්බුද මෙන්ම ජාත්‍යන්තර අර්බුදවල සිවුකොනද හොඳින් දනී.
එමෙන්ම ලංකාව මුල්කරගෙන ඉන්දියාව සහ ඇමෙරිකාව චීනය සමග ගැටුම් ඇතිකරගත්තේ කෙසේද යන්න පිළිබඳවද චීන තානාපතිවරයා හොඳින් දනී. එම නිසා ජනාධිපතිවරයාගේ චීන සංචාරයට ප්‍රථම චීන තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් පසුගිය සති කීපය පුරා ලංකාවට විශේෂ වරප්‍රසාද රැසක්ම චීනයෙන් ලබාදීමට කටයුතු කොට තිබිණි.










