• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි රෝහල් හදන කතා කියලා වැඩක් නෑ! භාතියගෙන්වත් පාඩමක් ඉගෙන ගමු! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලි රෝහල් හදන කතා කියලා වැඩක් නෑ! භාතියගෙන්වත් පාඩමක් ඉගෙන ගමු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භාතියට මොකද වුණේ? අපේ රටේ වන ජීවීන්ට සිදුවෙන අලකලංචිවලට නම් නිනව්වක්, විඩාවක්, නැවතිල්ලක් නෑ. එයිනුත් අලි ඇතුන්ට සිදුවන ඛේදවාචක එන්න එන්නම වැඩියි. අලි මිනිස් සහජීවනය සඳහා පැලැස්තර විසඳුම් දීම හැමදාම සිටි පාලකයන් සිදු කළත්, එයින් ප්‍රතිඵලයක් සිදුවී නෑ. වර්තමාන රජයද පැවැති රජයන් මෙන්ම අලි මිනිස් සංහිඳියාව වෙනුවෙන් ස්ථිරසාර විසඳුමක් සොයන පාටක් පෙනෙන්නට නැත. මෙරට වන ජීවීන්ගේ සුබසාධනය හා සංරක්ෂණය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණත්, නැත්තේම වනජීවී සංරක්ෂණයයි.Sri Lanka Latest News

මෙරට මුදල් උපයන රාජ්‍ය දෙපාර්තමේන්තු අතරින් ඉදිරියෙන්ම සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවීන්ගේ සංරක්ෂණය උදෙසා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? වනජීවී සංරක්ෂණය නැති බවට ආසන්නම උදාහරණය ‘භාතිය’ ඇතාට සිදුවී ඇති ඛේදවාචකයයි. ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැකෙවින් සටහන් කරන්නේ නම් මෙසේය.

භාතියගේ සංචරණ කලාපය ගල්ගමුව, අඹන්පොළ, නිකවැරටිය හා තදාසන්න ප්‍රදේශ වේ. ඇතාගේ ඉදිරි පාදයට වෙඩිවැදී ආබාධයක් ඇතිවී ඇති බව ප්‍රදේශවාසීන් දැක ඇත්තේ පෙබරවාරි මාසයේදීය. ඒ පිළිබඳ ඔවුන් නිකවැරටිය වනජීවී කාර්යාලයට දැනුම් දී තිබුණත් ඔවුන් පැමිණ ප්‍රතිකාර කර තිබුණේ නැත. ඉන්පසු ප්‍රදේශවාසීන් නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය කාර්යාලය දැනුවත් කර ප්‍රතිකාර අරඹණු ලැබුවේ මැයි මාසයේදීය. කීප වරක්ම ඇතා ඇදවැටුණු නමුත් ඔහු නැවතත් නැගී සිටියේය. මෙවන් ඇතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අදාළ අංශවලට අවශ්‍ය පහසුකම් තිබුණේ අල්ප වශයෙනි. ඇතා එසවීම සඳහා දොඹකරයක් සොයාගනු ලැබුවේ ජනතාවගේ ආධාරයෙනි.
මිලියන ගණනින් මුදල් සොයන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තත්ත්වය එයයි. නිසි ප්‍රතිකාර නිසි වෙලාවට නොලැබුණු නිසා භාතිය ඇතා අද සිටින්නේ ජීවිත අවදානම් තත්ත්වයක. නිකවැරටිය වනජීවී කාර්යාලයේ හා සමහර නිලධාරීන්ගේ කෙරුවාවල්වල අනිටු ප්‍රතිඵලය භාතිය අද වැටී සිටින තත්ත්වයට හොඳම උදාහරණ වේ. භාතිය වතුර වළකට වැටී දින හතරක් යනතුරුත් ඇතාව ගොඩගෙන ප්‍රතිකාර කිරීමට ඔවුන්ට සැලැස්මක් නොවීය. අවසන් මොහොතේ කරකියා ගැනීමට කිසිවක් නොවූ තැන මහජන විරෝධය නිසා ඇතාගේ ප්‍රතිකාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය ඒකකයට පැවරුණි. ආරක්ෂක අමාත්‍යාංශයද වහා ක්‍රියාත්මක වී ලබාදුන් සහයෝගය නොවන්නට එය එසේ කරගැනීමට නොහැකි වනු ඇත. එය අගය කළ යුතු කටයුත්තකි. මේ සියල්ලම සිදුවූයේ අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසා දැමීම වැනි සිද්ධියකි.
ප්‍රධාන කාර්යාලයේ ලොක්කෝ මේවාට සම්බන්ධ වන්නේ නොවඳිනා වැඳුම් වැන්දායින් පසුවය. එය ඔවුන්ගේ හැටිය. අග්බෝගේ සිද්ධියේදී කොළඹ කාර්යාලයේ තිබූ ස්කෑන් යන්ත්‍රය ලබාගැනීමට කරපු අරගලය මෙම ලියුම්කරුට අමතක නැත. වනජීවී පශු වෛද්‍ය ඒකකයේ කෙරුවාවන් ලිවීමට මෙම කොලම ඉඩ මදිය.

අමාත්‍යවරයා මෙවන් තැන්වලට එන්නේ මාධ්‍ය සන්දර්ශන සඳහාය. ඒ ඔහේ කටට එන්නක් කියා ලකුණු දාගන්න පමණි. වෙඩි වැදී තුවාල වූ පළමු හෝ අවසාන ඇතා භාතිය නොවේ. බලධාරීන් මෙවන් සාපරාධී ක්‍රියා නැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? අපට ඇති ප්‍රශ්නය එයයි. වනජීවීයට ඇති ප්‍රශ්නවලට විසඳුම් නැද්ද? වාහනය තිබුණොත් ඉන්ධන නැත. ඉන්ධන තිබුණොත් වාහනය කැඩිලාය. ඔක්කොම තිබුණද රියැදුරු නැත. මේ වනජීවී ප්‍රාදේශීය කාර්යාලවල සාමාන්‍ය තත්ත්වයයි. එය පොදු ප්‍රශ්නයකි.

වන අලින්ට ප්‍රතිකාර කරන්න රෝහල් හදන්න කතා කරන අමාත්‍යවරයාට ඊට වඩා වැඩ ඇත. ඒවා කරන ලෙසත්, ක්‍රමානුකූලව අනිත් දේවල් කරන ලෙසත්, අලිමංකඩ නිදහස් කිරීම, අනවසර කෘෂිකර්මාන්තය, අනවසර ගිනි අවි, හක්කපටස්, කැලෑ කුට්ටි ඇල්ලීම නැවැත්වීමට කටයුතු කිරීම මින් ප්‍රධාන වේ. මේ සඳහා පිරිස් බලය නොමැති නම් ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගත යුතුය.

එක් අලියකුගේ වාර්ෂික වටිනාකම මිලියන 1.5ක් වේ. අපේ රටේ සංචාරක කර්මාන්තය රැඳී තිබෙන්නේ 60%ක් පමණ වන අලි ඇතුන්ගේ දායකත්වයෙනි. එය ඉතා වැදගත් වේ. පාලකයන් හා නිලධාරීන් එය තේරුම් නොගන්නේ මන්දැයි අපටද ප්‍රශ්නයකි. භාතියට ප්‍රතිකාර කිරීම ඉතා ක්‍රමානුකූලව දැන් සිදුවන බවද ලැබෙන තොරතුරුවලින් සනාථ වේ. මීට පෙර එසේ සිදුකිරීමට නොහැකි වූයේ ඇයි? පේරාදෙණිය පශු වෛද්‍යවරුන්ගේ කැපවීම හා උනන්දුව අපි ඉතා අගය කොට සලකන්නෙමු. භාතිය බැලීම සඳහා අනවශ්‍ය ලෙස එක්රැස් නොවන ලෙසද අපි ඉතා කාරුණිකව පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිමු. මන්ද එය භාතියගේ නිදහසට අවහිරයක් වන බැවිනි. භාතියට ඉක්මන් සුවය ලැබේවා යන්න කැලෑ කොලමේ අපේ ප්‍රාර්ථනාවයි.

ඇතා අසනීප වූ පසු මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ කැපවීමද අපි අමතක නොකළ යුතුය. මන්ද ඔවුන් දිවා රෑ මහන්සි වී ඇතාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිරන්තරයෙන්ම සපයා දීමට කටයුතු සැලැස්වූ බැවිනි. එම කාර්ය මණ්ඩලයටද අපගේ නොමඳ ස්තුතිය පුදකිරීමට අවශ්‍ය වේ.

සමන් හල්ලොලුව
(තොරතුරු සහ මූලාශ්‍ර – පැතුම් බණ්ඩාර සහ අසංග නිලඟරත්න)

SendShareShare
Previous Post

යාළුවෝ මාළුවෝ යාළුවෝ…. මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා – යාළු නසී මේ අය වගෙ ලණු කන හින්දා…! Sri Lanka Latest News

Next Post

පිනට ලැබුණු රජ පුටුවෙ ඉඳන් රනිල් රවුම් ගහපු හැටි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.