වත්මන් ජනාධිපතිවරයා එවක විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතාට දෝෂාරෝපණය කළ ආකාරයත්, දිනේෂ් ගුණවර්ධන මහතා එදා රනිල් වික්‍රමසිංහ මහතාට මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා කළ ආකාරයත් සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රහුමාන් මහතා සඳහන් කළේ මෙම අවිචාරවත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණ ඇතිව ගාලුමුවදොරට ඒකරාශීවූ තරුණ පිරිස් අරගලයේ නිරත වූ බවයි.










