මාලිමාවේ පාලනය යටතේ පැවති පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව තිබෙනවා.Sri Lanka Latest News
මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 07ක් ලැබී තිබෙන අතර විපක්ෂව ජන්ද 12ක් ලැබී තිබෙනවා.
එම ඡන්දය ඊයේ (21) පැවැත්වුණා.
එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු හත් දෙනා අයවැයට පක්ෂව ජන්දය දුන් අතර සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කළ බව සඳහන්.










