• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යෝෂිත රාජපක්ෂ එළියට ආවේ කොහොමද? Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
යෝෂිත රාජපක්ෂ එළියට ආවේ කොහොමද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවය. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කෙරිණි. Sri Lanka Latest News

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේය. ඒ අනුව, සෑම මසකම අවසන් ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළයුතු බවට සැකකරුට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේය.

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදාහරින බවත් මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම් දුන්නේය.

අධිකරණයේදී මොකද වුණේ?

අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව සඳහන් කළේය. මෙම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වේ. මීට අදාළව දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැත්වේ.
ඊට අමතරව, සී.එස්.එන්. නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වේ.

‘එම විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත’ යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද එහිදී සඳහන් කෙරිණි.
‘ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමු වැනි සැකකාරිය වශයෙන් නම්කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන්ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා.’
‘ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුලදී හිමිවී තිබෙන්නේ රුපියල් 250ක හෝ 300ක වැටුපක් පමණයි. මේ තරම් විශාල දේපළක් මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින්ම පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවැනි සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිලදී ගත්තා කියලා.’

‘තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබාදුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිලදී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයාගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා. ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව…’ යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳවද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.

‘සැකකරු 2006 වසරේ ලුතිනන්වරයකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/-ක වැටුපක්. එම මුදල ඍජුවම ඔහුගේ ගිණුමට බැරවී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපළක් මිලදී ගත්තේ කෙසේද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය.’

‘ඒ වගේම පැහැදිලි වෙනවා අසාදු මුදල්වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාදු මුදල් සංසරණය වැළැක්විය යුතුයි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකාදැමිය යුතුයි.’

‘2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳ කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය සිදුකළ යුතුයි…’ යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

විත්තියේ තර්ක

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මේ විමර්ශනය සිදුවන්නේ මීට වසර 8කට පමණ ඉහතදී ගොනුකරන ලද නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බව සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වූ ඩේසි ෆොරොස්ට් නමැත්තිය නොතීසි මත අධිකරණයට ගෙන්වා ඇප මත මුදාහැර තිබිණි. පසුව විමර්ශන ගොනු 2018 වසරේ නීතිපතිවරයාට යොමුකරනු ලැබීය.

‘වසර 8කට වැඩි කාලයක් ගත වී තිබිලත් විමර්ශන අවසන් වී නොතිබීම ඛේදවාචකයක්. පසුව නඩුව බහා තැබුණු අතර නොතීසි ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනීසිටින ලෙස ප්‍රධාන සැකකාරියට දැනුම් දී තිබුණා. වසර 8කට පමණ ඉහතදී ප්‍රධාන සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගතකිරීමකින් තොරව ඇප මත මුදාහැර තිබියදී මෙම සැකකරු පමණක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටීම යුක්තිසහගත නෑ.’

‘ඒ නිසා ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා’ යනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මහෙස්ත්‍රාත්වරයාගේ තීරණය

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තකදී නඩුවට පාදක වන දේපළ තහනමට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළේය.

‘එහෙත්, මෙම නඩුවට පාදක වන දේපළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව මා කළ විමසීමේදී පොලිසිය පැවසුවා. මෙය වසර 8කට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.’

‘මෙම නඩුකරයේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන කරුණු මත ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කර තිබුණා. එහෙත් එම කාරණා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. හුදෙක් නඩුවේ බරපතළභාවය සහ මහජන කැලඹීම් යන වචන මත පදනම් වී සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ.’

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහැරීමට තීන්දු කරන බව මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.

සෙනසුරාදා මොකද වුණේ?

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

සෙනසුරාදා පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ නිල නිවෙස වෙත ඉදිරිපත් කෙරිණි.
යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ඊට එරෙහිව කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධියට අදාළ විමර්ශන කරන බැවින් ඇප ඉල්ලීමට තරයේ විරෝධය පළකර තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරු 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂයට එරෙහිව විමර්ශනයක් පැවැත්වූ අතර ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය.

කතරගම ඉඩමක් ගැනත් ප්‍රකාශයක්
මේ අතර කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂ ජනවාරි 03 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අතර පැය කිහිපයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව ඉන් පිටව ගියේය.
එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන්ද කතරගම පිහිටි ඉඩමක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ලක්ෂ 14ට විට්ස් එකක් ගන්න හිතන් හිටපු අයට දැන් ලක්ෂ 14ට ගන්න වෙන්නේ විට්ස් එකේ රෝද 4 තමයි! මේ ‘ගෝඨාභය පාට් 2’ VIDEO I Sri Lanka Latest News

Next Post

චීනයේ තියෙන්නේ දරදඬු කොමියුනිස්ට් මාධ්‍ය පරිපාලනයක්! විවේචනාත්මක වාර්තාකරණයට චීනයේ ඉඩක් නෑ! චීනෙට රාජ්‍ය මාධ්‍ය ටික දීලා අපිටත් එහෙම වුණොත් තමයි මරු! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.